
(ගයාන් සූරියආරච්චි සහ කේ. බුද්ධික කුමාරසිරි)
මාලඹේ කහන්තොට මාවත ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (22) සිදුකළ මෙහෙයුමකදී රුපියල් කෝටි 11කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 11 ක් ග්‍රෑම් 2 ක් සහ හොරායින් ග්‍රැම් 180 ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය.
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකරනු ලබන මුදලින් රුපියල් 255,000 ක් සහ මෝටර් රථයක් ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මල්වාන ප්‍ර දේශයේ පදිංචි අවුරුදු 31 ක පුද්ගලයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd