
(යොහාන් භාසුර)
ජනාතවට සහල් සහ පොල් දීමට අපොහොසත් වී කෙදිරි ගාමින් සිටින ආණ්ඩුව විපක්‍ෂය සංවිධානය වීමට බියවී ඇති බවත් අර්ජුන මහේන්ද්‍රන් අල්ලනවා වෙනුවට ගංවතුර ආධාර සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට ගෙන ඇති බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍යවරයෙක් වන පාඨලී චම්පික රණවක මහතා අද (23) පැවසීය.
ආර්ථික අර්බුදයට වගකිව යුතු පිරිස් සහ ඊ වීසා වංචාවට සම්බන්ධ අය අත්අඩංගුවට ගනී යැයි ජනතාව බලාපොරොත්තු වූ බව කී රණවක මහතා මෙවැනි දේවල්වලින් ජනප්‍රියවීමට උත්සහ කරන බව ද සඳහන් කළේය.
හාල් ඇටයක්, පොල් ගෙඩියක්, බෙහෙත් දෙන්න, තෙල් බද්ද, විදුලි බද්ද අඩු කිරීමට පැකිළි පැකිලි සිටින, ගොත ගගහා ඉන්න, කෙඳිරි ගාන ආණ්ඩුව විපක්‍ෂයට බියවී සිටින බවත් අර්ජුන මහේන්ද්‍රන් අල්ලනවා, බැඳුම්කර වංචාවට වහාම පිළිතුරු දෙනවා, රට ආර්ථික අර්බුදයට ඇදදාපු අය මානව හිමිකම් කඩවීමේ චෝදනාවක් මත ද අපරාධ නඩු පනවා යැයි පොරොන්දු දී බලය ගත් බවත් ඒ මහතා කීය.
බලයට ඇවිත් මාස හතරක් ගතවුවද පාස්පෝට් එකක් ගන්න බැරි කළ ඊ වීසා වංචාවෙන් කෝටි 320 ක් රටට අහිමි කළ දේශපාලකයන්ට, නිලධාරීන්ට එරෙහිව ආණ්ඩුව පියවර ගනී යැයි ජනතාව බලාපොරොත්තු වූ බව කී රණවක මහතා අනුර යාපා මහතා සහ එම මැතිණිය දඩයම් කිරීමට එකම හේතුව දේශපාලනය පමණක් බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයත් ඇප පිට නිදහස්. චෝදනා ඔප්පු කරගන්න බැරි වුනොත් ආණ්ඩුව නෝන්ඩියි.
මෙයා මෙච්චර කලබල වෙලා තියෙන්නේ මෙයාටත් මොනවා හරි හංගන්න දෙයක් තියෙනවද දන්නේ නැහැ.
අනුර යාපාව හරි අල්ලා ගත්තානේ...?
මේ අයට වෙන වැඩක් නෑ වගේ... එකක් අල්ලන්න දෙන්නේ නෑ. අඬනවා...
අලිබාබා සහ හොරු 40
මෙයා මේ බයෙන් කෑගහන්න හේතුව නොරොච්චෝලේ ගල් අඟුරු මගඩිය ළඟටම ඇවිල්ලා ඇති. අර දුම් පරීක්ෂණ කරුමේ ගෙනාපු එකෙන් ගත්තු ඒවාත් ඇති. පරණ කේස් ඇදෙනකොට නින්ද යන්නැතුව ඇති...
මේක 2015 ඉල්ලීමක්... ලක්ෂ 70ක් විතර මඩි ගැහිල්ලක්. අවුරුදු 9ක් තිස්සේ මොකද වුනේ කියලා හෙව්වේ නෑ නේද?
ඔය පංචකය ජනාධිපතිවරණෙ දෙවෙනි මනාප ගණන් කිරිල්ලට විරුද්ධවත් පැමිණිලි කළා නේද? නිකං කිච වෙන්නේ නැතුව හිටපංකෝ...!
හොරකම් කළා නම් කාට වුණත් දඬුවම් දිය යුතුයි. ඒත් මේක 2014 සිද්ධියක්. හොරකම්, කප්පම්කාරයෝ, මිනීමරුවෝ සියල්ලටම දඬුවම් දිය යුතුයි. 89 කාලෙදී මිනිස්සුන්ගේ කප්පම්ගත්ත, මිනිස්සු මැරුව, බස් ගිනිතිබ්බ, ගොවිජන මධ්‍යස්ථානයේ ගිනිතිබ්බ කට්ටියක් හිටියා. ඔවුන්ටද දඬුවම් දියයුතුයි. ඒ වගේම මහින්දගේ ආණ්ඩුවේ, යහපාලනයේ හොරකම් කළ අයත් අල්ලන්න. යහපාලන ආණ්ඩු කාලෙත් FCID එකක් හදලා මේකම කළා. බලන් ගියාම යහපාලන මාලිමාවක් බලන් ගියාම. මිනිස්සුන්ට කන්න හාල් නැ. පොල් නෑ. මෙලෝ දෙයක් ආණ්ඩුවට කරගන්න බෑ. ඒවා වහන්න මේවා කළාම ගැලරියට ෆුල් චූන්. පාතාල නායකයෝ, කුඩ්ඩෝ රට පුරාම...!
මෙයාගේත් බොක්ක රත්වෙලා වගේ. මෙයා කියන විදියට හොරකම් කරපු මෙයා වගේ අය අල්ලන්න එපා. ලොකුම ලොකු අය අල්ලන්න. මාර තියරිය මල්ලි ඔහොම කරගෙන යන්නකෝ...!
චම්පිකා ප්‍රේමදාස අල්ලනවා කියන්නේ මෙයාව අල්ල දවස ලං වෙලා වගේ පේන්නේ
අනේ මන්දා දාරේ. හොරු අල්ලපුවම කෑ ගහනවා අල්ලනවෝ කියලා. අල්ලන්ඩ පරක්කු වුණාම කියනවා අල්ලන්නේ නැතෝ කියලා. මොකක්හරි එකක් කියන්නකෝ.
අනුර යාපා විතරක් නෙමෙයි තමන් අර කොල්ලාව යට කරපු නඩුවත් උඩ එනවා.
හොඳයි
අනුර යාපා වරදක් කරල තිය..නවා නම් එයාව අල්ලන එක වරදක්ද..ඔයාට අනාගතයක් නැත්තෙ ඔන්න ඔය කැත ගතිය නිසා..නැතත් නමි මො.ලය තියන මිනිහෙක්.
උබවත් අල්ලනවා එතකන් තප්පුලන්නේ නැතුව හිටපං !
පරාද වෙනවට බයේ ඡන්දෙට ඉදිරිපත් නොවිච්ච මහා ලොකු වීරයා, අත්අඩංගුවට ගන්න ප්‍රමුඛතා ලේඛනයක් හදලා තියෙනවද? හාල් පොල් , බෙහෙත් වලට වෙච්ච දේ සහසුද්දෙන්ම දන්න මේ විද්වතා, රටේ වෙන යහපත් කටයුතු ගැන වචනයක් කියන්නෙ නැති තරමට කුහකයි. තමුන්ට ප්‍රාදේශීය සභාවක් වත් දිනන්න බැහැ, මොකක් හරි දෙයක එල්ලිලා හිටිගමන් පෙනිලා යාවි තවටික කලක්, ඉන් පස්සෙ මේ කෙඳිරිය නෑසීයාවි. ඒක සහතිකයි.
තමුන් හිටි ආණ්ඩුවේ වැඩකදී නේද ඔය කියන අර්ජුන් ඒක කළේ, රතු වරෙන්තු යවලා සිංගප්පූරු පුරවැසියෙක්වන ඔහු ගෙන්වා ගැනීම සංකීර්ණ කටයුත්තක් බව මේ සියල්ල දත්ත , නොදන්නවාද නැත්නම් කුහකකමට නොදන්නවා වගේ ඉන්නවද කියල සැකයි. ඔය කියන විදියට ඒක කෙරෙන තුරු රටේ අපරාධකරුවන් ඇල්ලීම නතර කළ යුතුද?