දිලිත් ඉත්තෑපානේ හිමියන් බැහැ දකී
මෙවර ජනාධිපතිවරණයට තරග වදින සර්වජන බලය අපේක්ෂක, මව්බිම ජනතා පක්ෂයේ නායක, නීතිඥ දිලිත් ජයවීර මහතා නාම යෝජනා භාරදීමෙන් අනතුරුව කොට්ටාව, රුක්මලේ ශ්‍රී ධර්ම විජයාලෝක මහා විහාරය වෙත පැමිණ, සියම් නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්රි ධර්ම මහා සංඝ සභාවේ මහා නායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.