‘‘අපේ පළමු අය වැයෙන් රජයේ සේවක වැටුප් ඉහළ දමනවා‘‘ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවිමෙන් පසු පළමු අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරනවාත් සමග වතු කම්කරුවන්ට සාධාරණක් ඉටු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසිය. 03 November 2024
ශ්‍රී ලංකාව හොංකොං ක්‍රිකට් ශූරතාව දිනයි ශ්‍රී ලංකාව හොංකොං සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට මීට සුළු මොහොතකට පෙර සමත් විය. 03 November 2024
බස් එක අරන් බාධා කළා : සර්වජන අපේක්ෂකයෙක් මැකෝට දුක කියයි තමා ඡන්ද කටයුතු සඳහා පාවිච්චි කරන බස් රථය මහරගම පොලිසිය අත්අඩංගුවට ගැනීමෙන් තමාගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති හෙයින් වහාම මැදිහත් වී සාධාරණයක් ඉටු කරන්නැයි සර්වජන බලය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයකු වන ප්‍රියදර්ශන බෙන්තොටආරච්චි මහතා මැතිවරණ කොමිෂන් සභාවට සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත. 03 November 2024
ගාල්තැන්නේ කපුවා රිමාන්ඩ් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ ලේකම්වරයෙකු විසින් තමන්ට බාර දුන් බව කියන ලියාපදිංචි නොකරන ලද එකලස් කරන ලද සුපිරි ජීප් රියක් ලඟ තබා ගත් සිද්ධියක් සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලිසියේ විශේෂ විමර්ශණ අංශය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන තෙල්දෙණිය වැඩ බලන මහේස්ත්‍රාත් ස්වර්ණා කරල්ලියද්ද මහත්මිය හමුවට ඉදිරිපත් කරන ලද මහනුවර සුප්‍රසිද්ධ දේවාලයක දේවගැතිවරයෙකු නොවැම්බර් මස 11 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වැඩ බලන මහේස්ත්‍රාත් තු 03 November 2024
දීපවාලිය ගමේ ගිය අයට කොළඹ එන්න බස් නෑ දිපවාලිය සැමරිම සදහා හැටන් ආශ්රිත වතුකරයට පැමිණි පිරිස් සදහා නැවත කොළඹ බලා යාමට ප්‍රමාණවත් බස් රථ නොමැති විමෙන් එම පිරිස් දැඩි දුෂ්කරථාවයන්ට පත්ව ඇත. 03 November 2024
රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ 14කට නායයෑම් අනතුරු ඇඟවීම් රත්නපුර දිස්ත්‍රික්කයට අද(03) වන දා දහවල තඳ වර්ෂාව නැවත ආරම්භ වීමත් සමඟ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 14 කට පළමු අදියරේ සහ දෙවැනි අදියරේ නායයෑම් අවදානම් නිවේදන නිකුත් කර ඇති බැවින් කඳු බැවුමි ආශ්‍රිතව පදිංචි ජනතාව සහ නාය අධි අවදානම් කලාප ලෙස නම්කර ඇති ප්‍රදේශවල පදිංචි ජනතාව විමසිල්ලෙන් කටයුතු කරන්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ රත්නපුර දිස්ත්‍රික් ඉංජිනේරු අභිත වනසුන්දර මහතා ජනතාවට දැනුම් දෙයි. 03 November 2024
බොලියාවේ හමුදා කඳවුරක් අවි ගත් කණ්ඩායමක් යටතට සන්නද්ධ කණ්ඩායමක් මධ්‍යම බොලිවියාවේ හමුදා කඳවුරක් යටත්කර ගනිමින් හමුදා සාමාජිකයන් 200 දෙනකු ප්‍රාණ ඇපයට ගෙන ඇතැයි බොලිවියානු හමුදාව ප්‍රකාශ කළේය. 03 November 2024
දිනේෂ් - චානක ඩුබායි ආදි ශිෂ්‍ය සම්මාන ලබති එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ වෙසෙන කොළඹ ආනන්ද විදුහලේ සහ නාලන්දා විදුහලේ ආදි සිසු 10 වැනිදා වාර්ෂික සුහද හමුව ‘මෙරූන්ස් නයිට් 2024’ ඩුබායිහිදී පසුගියදා පැවැත්විණි. 03 November 2024
ආණ්ඩු කිරීම විවේචනය තරම් සුන්දර නැති බව අනුරට තේරිලා ආණ්ඩු කිරීම විපක්ෂයේ සිට විවේචනය කරන තරම් සුන්දර නැති බව අනුර කුමාර ජනපති ඇතුළු කණ්ඩායමට දැන් වැටහී තිබෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 03 November 2024
ලොහාන් ජාතික රෝහලට නීති විරෝධී අයුරින් කොටස් එකලස් කරන ලද අති සුඛෝභෝගි මෝටර් රථයක් පරිහරණය කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි පොලිස් අරංචි මාර්ග සඳහන් කරයි. 03 November 2024
ශ්‍රී ලංකාව අවසන් මහ තරගයට ශ්‍රී ලංකා පිල හොංකොං සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට මීට සුළු මොහොතකට පෙර සමත් විය. 03 November 2024
බුලත්කොහුපිටියේ කන්දක් නාය යයි බුලත්කොහුපිට්ය ප්‍රදේශයට ඊයේ පස්වරුවේ ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් උඩපොත ඉහළගම ප්‍රදේශයේ කන්දක් නාය යෑමකට ලක්විය. 03 November 2024
ඉරානයෙන් අනතුරු ඇඟවීමක් ඉරානයේ මිසයිල පද්ධති, ඩ්‍රෝන කර්මාන්තශාලා, මිසයිල කර්මාන්ත ශාලා සහ ගුවන් මෙහෙයුම් පද්ධතිවලට පසුගිය 26 වැනිදා එල්ල කළ ඉලක්කගත ප්‍රහාර මාලාවට නිසැකවම ඇමෙරිකාවට සහ ඊශ්‍රායලයට දැඩි පිළිතුරක් ලැබෙනු ඇතැයි ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි පැවැසුවේය. 03 November 2024
බස් අනතුරින් තුවාල ලැබූ සිසුවෙක් රෝහලෙන් පැන ගිහින් බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේ දී සිදු වූ බස්රථ අනතුරින් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සරසවි සිසුවකු ඊයේ (2) හොර රහසේ වාට්ටුවෙන් පැන පලාගොස් ඇතැයි බදුල්ල පොලිසිය පවසයි. 03 November 2024
පුද්ගල ඝාතනයකට BOI හිටපු ස. අධ්‍යක්ෂකවරයෙක් අත්අඩංගුවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යාන්ත්‍රික ඉංජිනේරුවරයෙක් ලෙස කටයුතු කළ පුද්ගලයෙකු ඝාතනය කර ඔහුගේ දේපළ ව්‍යාජ ලෙස පවරා ගත් බව කියන ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සහකාර අධ්යක්ෂවරයකු සහ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 03 November 2024
සතොස මුංඇට-සුදු කව්පි - සුදු සීනි මිල අඩු කරයි ජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස මගින් අලෙවි කරන අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක මිල පහල දැමූ බව ලංකා සතොස ආයතනය පවසයි. 03 November 2024
එකලස් වාහන බදු මගඩියකින් රජයට කෝටි 10ක් අහිමිවෙලා රේගු ගුදම් තුළ එකලස් කර දේශීය වෙළඳපොලට නිකුත් කළ වාහන 326 කට කර්මාන්ත අමාත්‍යවරයාගේ නිර්දේශය පරිදි රේගු ආඥා පනතට පටහැනිව ලබාදී ඇති බදු සහනයකින් රජයට රුපියල් 103,803,200 ක ආදායමක් අහිමිවී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි. 03 November 2024
අද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් පාර්ලිමේන්තු මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස අද (3) ඉරිදා ප්‍රකාශයට පත් කර තිබේ. ඒ සඳහා ලිපි බෙදා හැරීමේ තැපැල් කාර්යාල 2090 ක් අද විවෘතව තැබෙන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය. 03 November 2024
පොලිස් සැරයන්ගේ -කොස්තාපල්වරියගේ වැඩ තහනම් පිස්තෝල අවියක් සහ ජීව උණ්ඩ 15 ක් සමග පතුරොම් ගැබ අස්ථානගතවීම සම්බන්ධයෙන් මිහිජය සෙවණ පොලිසියේ පොලිස් සැරයන් වරයෙකුගේ සහ - පොලිස් කොස්තාපල්වරියකගේ වැඩ තහනම් කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි 03 November 2024
‘‘ජල සම්පාදනය කෝටි 69ක් අය කරගෙන නෑ‘‘ රුපියල් පනස්දහසකට වඩා වැඩි ජලබිල්පත් නොගෙවිම නිසා ජල සැපයුම විසන්දිකරණු ලැබු ජල පාරිභෝගිකයින් 4,448 දෙනකුගෙන් ලැබිය යුතු රුපියල් මිලියන 695.48 ක මුදලක් ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය අයකර ගැනීමට කටයුතු කර නොමැති බැව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ. 03 November 2024
පළාත් දෙකකට මිලි මීටර් 100ට වඩා තද වැසි මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 වැඩි තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 03 November 2024
අගමැතිනිය කැලණියට අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය . 02 November 2024
විභාග දෙපාර්තමේන්තු ඉඩම නීත්‍යනුකූලව පවරාගෙන නෑ විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිතිය මෙතෙක් පවරාගෙන නැතැයි විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවකින් අනාවරණය කරයි. 02 November 2024
තියුණු ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කරයි කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි . 02 November 2024
ලෝක බැංකු තාක්ෂණ ඉංජිනේරු ඝාතන සිද්ධියේ මහමොළකරු අල්ලයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක්ෂම ලෙස ඝාතනය කර කෝටි සියයකට අධික දේපළ පවරා ගත්තේ යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් අද (02) අත්අඩංගුවට ගෙන ඇත. 02 November 2024
තෙල්දෙණිය වාහන සිද්ධියට ගල්තැන්නේ කපුවා අත්අඩංගුවට හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු ලබන දේවාලයක කපුවෙකු සහ ඔහුගේ බෑනා විසින් භාවිතා කළ බවට අනාවරණය වීමෙන් පසු එම දේවාලයේ කපුවා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි . 02 November 2024
ඡන්දෙට නිවාඩු දෙන්නෙ මෙහෙමයි රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි කරයි. 02 November 2024
දිස්ත්‍රික්ක 8කට නායයෑම් අනතුරු ඇඟවීම් පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30ක් සඳහා නායයාමේ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (02) පස්වරුවේ පියවර ගෙන තිබේ. 02 November 2024
කොන්සවර්ටිව් පක්ෂයේ නායකත්වයට කාන්තාවක් බ්‍රිතාන්‍යයේ විපක්ෂ දේශපාලන කණ්ඩායම වන්නේ කොන්සවර්ටිව් පක්ෂයයි. කොන්සවර්ටිව් පක්ෂයට නව නායකයකු තෝරා ගැනීම සිදුවුණු අතර, නායකත්වයට පත්වූයේ කළු ජාතික බ්‍රිතාන්‍ය කාන්තාවක වන 44 හැවිරිදි කෙමී බේඩ්නොච්ය. 02 November 2024
රුපියල් ලක්ෂ 60ක ජංගම දුරකථන කටුනායකදී මාට්ටු රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගියෙකු ඊයේ (01) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ. 02 November 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026