ඉන්ධන හලේ ගින්නට දෙකක් අත් අඩංගුවට කලගෙඩිහේන මංසන්ධියේ ඉන්ධන පිරවුම්හලේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ සිදු කළ ගම්පහ පොලිසිය ගින්න හටගත් බව කියන ඉන්ධන බවුසරයේ රියැදුරා සහ රිය සහායකයා අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 26 August 2017
බස්නායක නිළමේ අයින් කරන්නැයි දෙවියන්ගෙන් ඉල්ලති රුහුණු කතරගම මහ දේවාලයේ පසුගියදා ඇති වූ නොසන්සුන්කාරී සිද්ධියට විරෝධය පළකරමින් කතරගම ප්‍රදේශවාසීහූ පිරිසක් අද (26) එම දේවාලයේ බස්නායක නිළමේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් කළහ. 26 August 2017
පිය-පුතු දෙදෙනා ඝාතනය කෙරේ මිනුවන්ගොඩ යටියන ප්‍රදේශයේදී එකම පවුලේ පියෙකු සහ පුතකු අද(26) තියුණු ආයුධයකින් කපාකොටා දමා ඝාතනය කරනු ලැබ ඇතැයි පොලිසිය පවසයි. සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිසිය කියයි. 26 August 2017
පුංචි ඡන්දය දෙසැම්බර් මුල පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ (සංශෝධන) පනත අද පාර්ලිමේන්තුවේදී සම්මත වූ හෙයින් පළාත් පාලන ඡන්දය ලබන දෙසැම්බර් මස මුලදී සාමාන්‍ය පෙළ විභාගයට පෙර පැවැත්වීමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි. 25 August 2017
සයිටම් ගැන අවසන් තීරණ සදුදා මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලය පිළිබඳව අවසන් විසඳුමක් සහිත ලියවිල්ලක් ලබන සඳුදා (28) නිකුත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දුන්නේයැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි. 25 August 2017
කරන්නාගොඩගෙන් සින්නයියාට එන්තරවාසියක් නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා තමා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අසත්‍ය ප්‍රකාශයක් සිදු කිරීම මඟින් සිය කීර්තිනාමයට පිරිමැසිය නොහැකි පාඩුවක් සිදුව ඇති බැවින් රුපියල් මිලියන 500ක මුදලක් දින 14 ක් ඇතුළත ගෙවන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා එන්තරවාසියක් යවා ඇත. 25 August 2017
ඇමැති රාජිත රැකගත යුතුයි - රවී ඒකාබද්ධ විපක්ෂය රාජිත සේනාරත්න ඇමැතිට එරෙහිව ගෙන එන්නට සුදානම් වන විශ්වාසභංග යෝජනාව තුනෙන් දෙකක ඡන්දයකින් පරදවා සේනාරත්න මහතාගේ විශ්වාසය තහවුරු කරන බව පාර්ලිමේන්තු රවි කරුණානායක මහතා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (25) පැවසීය. 25 August 2017
කොමදෝරු දසනායකගේ ඇප පෙත්සම කල් යයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින තමන් ඇප මත නිදහස් කරන්නැයි ඉල්ලා නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක සහ නාවික හමුදා කොමදෝරු ඩී.කේ.පී.දසනායක මහතා ඇතුළු නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් සය දෙනෙකු ගොනු කළ ප්රතිශෝධන ඇප ඇයදුම් පත් ලබන මස 26 වැනිදා සලකා බැලීමට කොළඹ මහාධිකරණය (25) තීන්දු කළේය. 25 August 2017
රාජ්‍ය ඇමැති රංගේ බණ්ඩාර හා ව්‍යාපාරිකයා නිදොස් කොට නිදහස් නීතිවිරෝධීව එකලස් කර සැකසූ වාහනයක් නිර්ව්‍යාජ වාහනයක් ලෙස හැඟවීමට වෙනත් වාහනයක ලියාපදිංචි සහතියක් ඉදිරිපත් කළ බවට අධි චෝදනා ලැබ සිටි විත්තිකාර වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා හා ව්‍යාපාරිකයකු වන නලින්ද ජගත් කුමාර ලියනගේ නැමැත්තන් එම නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (25) තීන්දු කළේය. 25 August 2017
උසස්පෙළ සාමාන්‍ය දැනීම හා තොරතුරු තාක්ෂණ විභාගය 4 දා උසස් පෙළ සාමාන්‍ය දැනීම හා තොරතුරු තාක්ෂණ - 2 ප්‍රශ්න පත්‍ර දෙක සඳහා විභාගය සැප්තැම්බර් 4 වැනිදා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. 25 August 2017
කලගෙඩිහේනේ ඉන්ධනහලක ගින්නක් ගම්පහ නුවර පාර කලගෙඩිහේන ප්‍රදේශයේ ඉන්ධන හළක ගින්නක් හට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 25 August 2017
දුම්රිය කාලසටහන් අත්පොතක් එළිදකී වසර 16 කට පසුව අංග සම්පුර්ණ දුම්රිය කාලසටහන අත්පොතක් ලෙස මුද්‍රණය කොට මගී ජනතාව වෙත ලබාදීමට දුම්රිය ගමනාගමන අධිකාරි කාර්යාලය පියවර ගෙන ඇත. 25 August 2017
පළාත් පාලන ඡන්ද සංශෝධන පනත සම්මතයි පළාත් පාලන ඡන්ද සංශෝධන පනතට පක්ෂව ඡන්ද 120 ක් ද ලැබුණු ද විරුද්ධව ඡන්ද නොලැබිණි. ජනතා විමුක්ති පෙරමුණ, ඒකාබද්ධ විපක්ෂය හා දෙමළ ජාතික සන්ධානය ඡන්දය දීමෙන් වැළකී සිටියහ. 25 August 2017
සුපිරි වෙළඳසැලෙන් ආහාර සොරා ගත් තිදෙනෙක් අල්ලයි හබරදුව පොලිස් වසමේ බෝගහගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳ සංකීර්ණයකින් වටිනා කිරිපිටි ඇතුළු ආහාර ද්‍රව්‍ය සොරකම්කළ කාන්තාවන් තිදෙනක් අල්ලා ගැනීමට එහි සේවක සේවිකාවන්ට හැකි විය. 25 August 2017
යුද හමුදා නිලධාරින්ට පහර දුන් 6 ක් අත්අඩංගුවට කිලිනොච්චිය උට්ට්රපුලම් ප්‍රදේශයේදී බහින්බස් වීමක් දුරදිග යාමක් හේතුවෙන් යුදහමුදා සෙබලුන් දෙදෙනෙකුට පහර දී තුවාල සිදුකිරීමක් සම්බන්ධයෙන් සැකකරුවන් 6 දෙනෙක් අද (25) අත්අඩංගුවට ගෙන ඇති බවට කිලිනොච්චිය පොලීසිය පවසයි. 25 August 2017
අධිකරණ ඇමැතිනී තලතා - බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම දිවුරුම් දෙති නව අධිකරණ අමාත්‍යවරිය ලෙස තලතා අතුකෝරළ මහත්මිය හා නව බුද්ධ ශාසන ඇමැති ලෙස ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මීට සුළු මොහොතකට පෙර ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. 25 August 2017
ලක්ෂ 20 ක රන්බඩු සමග අයෙක් දැලේ ලක්ෂ 20 කට ආසන්න රන් බඩු ඇතුළු විදුලි උපකරණ සොරාගත් පුද්ගලයකු සොරාගත් රන්බඩු තොගයක් සමග අත්අඩංගුවට ගැනීමට හබරාදුව පොලිසියට සමත්වී ඇත. 24 August 2017
‘වෛද්‍ය සභාවේ පැමිණිලි විභාගය නතර වෙලා‘ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට තවමත් සභාපතිවරයකු පත් කර නැති හෙයින් වෛද්‍යවරුන්ට එරෙහිව ලැබෙන පැමිණිලි විභාග කිරීම නතර වී ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය ටෙරන්ස් ගාමිණි ද සිල්වා මහතා පවසයි. 24 August 2017
පාසල් සිසුන්ට ලක්ෂ දෙකක රක්ෂණාවරණයක් වයස අවුරුදු පහ සිට 19 දක්වා මිලියන 4.5ක් වූ පාසල් සිසුන් සියලු දෙනාට රුපියල් ලක්ෂ දෙකක් වටිනා රක්ෂණාවරණයක් බැගින් නොමිලේ ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජයේ 2017 අයවැය මගින් රුපියල් මිලියන 2700ක් වෙන් කරනු ලැබ තිබේ. 24 August 2017
මොරටුව හිටපු දිසා විනිසුරුට ඇප වත්කම් සහ දේපළ උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අධි චෝදනා එල්ලවී සිටි මොරටුව හිටපු දිසා විනිසුරු බාලසූරිය ආරච්චිගේ රංජන් සෝමසිංහ මහතා රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපමත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද (24) නියෝග කළේය. 24 August 2017
විස්සට සහය දීම ගැන උතුරේ ගැටළුවක් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් උතුරු පළාත් සභාවේ සහයෝගය එකහෙලා ලබාදීමට හැකියාවක් නොමැති බවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වි. විග්නේශ්වරන් මහතා පවසයි. 24 August 2017
උතුරු සබේ මැති ඇමතිවරු උද්ඝෝෂණයක ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් උතුරු පළාත් සභා රැස්වීම අතරතුර පළාත් මැති ඇමැතිවරුන් සියලු දෙනාම සභා ශාලාව තුළ අද (24) උද්ඝෝෂණය කිරීම නිසා විනාඩි 5කට ආසන්න කාලයක් සභාවේ කටයුතු නැවැත්වීමට සිදු විය. 24 August 2017
‘විශ්වාස භංග 10ක් ගෙනාවත් සටන අත් හරින්නේ නෑ‘ විශ්වාස භංග එකක් නොව 10ක් ගෙනාවද දූෂිතයන්ට මීනිමරුවන්ට එරෙහි සටන තමා අත් නොහරින්නේ යැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. 24 August 2017
යුද හමුදා සෙබළෙක් අත්අඩංගුවට කළුතර පළාතොට නිවසක් වටළා යුද හමුදා ඇඳුම් තොගයක් ,ටී56 උණ්ඩ ඇතුළු උණ්ඩ 12ක් සමග හිටපු යුද හමුදා සෙබළකු අද (24) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 24 August 2017
විස්සට එරෙහිව ‘පැෆරල්‘ ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න යයි විසි වැනි සංශෝධනයට හා මැතිවරණ කල් දැමීමේ පාර්ලිමේන්තු කි‍්‍රයාදාමයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට යාමට තීරණය කළ බව පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි. 24 August 2017
අර්ජුනට එරෙහි සුමතිපාලගේ නඩුව විසිවේ රුපියල් මිලියන 500 ක වන්දි මුදලක් ඉල්ලා තිලංග සුමතිපාල මහතා විසින් හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට එරෙහිව පවරා තිබූ අපහාස නඩුව නුගේගොඩ දිසා අධිකරණයේ අද(24) නිශ්ප්‍රභා කරනු ලැබීය. 24 August 2017
‘රන්ජන් රාමනායකට නඩු දානවා‘ අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ සමාජ බලගැන්වීම හා සමාජ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි. 24 August 2017
සිල් රෙදි නඩුවේ තීන්දුව ලබන 07 වැනි දා විදුලි සංදේශ නියාමන කොමිසමට අයත් රුපියල් කෝටි 60 ක් වැය කරමින් පසුගිය ජනාධිපතිවරණ සමයේදි සිල් රෙදි බෙදා දුන් බවට හිටපු ඡනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු සභාපති අනුෂ පැල්පිට මහතාට එරෙහිව නීතීපතිවරයා පවරා තිබු අධි චෝදනා නඩුවේ තීන්දුව ලබන මස 07 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණය අද (24) තීන්දු කළේය. 24 August 2017
ජනප්‍රිත් ලෝක බාලදක්ෂ කමිටුවට ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් , නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා ලෝක බාලදක්ෂ කමිටුවට තේරී පත්ව සිටියි. 24 August 2017
‘මත්තල විකිණීමේ තීරණය හකුළා ගන්න‘ යි ඉල්ලති මත්තල ගුවන්තොටුපොළ විකිණීමට ගත් තීරණය වහාම හකුළා ගන්නැයි තමන් රජයට අවධාරණය කර සිටින බව ශ්‍රි ලංකා නිදහස් සේවක සංගමයේ ගුවන්තොටුපොළ ශාඛාවේ සභාපති එම්.ඩබ්ලිව්.බී.මුහන්දිරම් මහතා පවසයි. 24 August 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026