(නිමල කොඩිතුවක්ක)
බැඳුම්කර සම්බන්ධයෙන් 2008 වර්ෂයේ සිට සියලූම තොරතුරු ඇතුළත් පොදු පරීක්ෂණයක් සිදු කරන ලෙස එ. ජා. ප පසුපෙළ මන්ත්‍රිවරු රජයෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉඳුනිල් මහතා අද (22) පැවසීය.
ඒ අනුව 2008 වසරේ සිට සියලූම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් මහ බැංකු නිළධාරීන් ඇතුලූ සියලූම පාර්ශවයන්හි තොරතුරු ලබා ගෙන මෙම විමර්ශණය සිදු කරන ලෙසද මන්ත්‍රිවරයා සඳහන් කළේය.
පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක 03 හි පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් රජය ගනු ලබන තීන්දු තීරණ වලට ප්‍රශංසා වෙනුවට ගල් එල්ලකරන සංස්කෘතියක් අද නිර්මාණය වී ඇති බවද මන්ත්‍රිවරයා එහිදී වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු විහිලුවක්.....
ලොකු විහිලුවක්.
අනේ ඔයගොල්ල මේ මොන මෝඩ කතා කිව්වත් දැන් මුළු රටම දැනගෙන ඉවරයි ලොක්කෝ සොක්කෝ ඔක්කොම එකතු වලා තමයි මහා බැංකුවට කෙලියේ කියල. අපේ රටට වෙච්ච මේ මහා පාඩුව 2045 දක්වාම තියෙනවා. කරපු එවුන්ට නීතියෙන් දඬුවම් නොදුන්නත් හොඳක් නම් සිද්ද වෙන්නේ නැහැ. බලා ගෙන ඉන්නකෝ.
අනිවාර්යෙන්ම මේ සදහා කොමිසමක් පත්කළ යුතුය . ජනාධිපතිතුමා ඉක්මනනින්ම කොමිසම් පත් කරවී කියලා රටේ පුරවැසියන් අපි බලාපොරත්තු වෙනවා .
ඉස්සල්ලම දැන් විමර්ශනය කරන බැඳුම්කර වංචාවට දඩුවම් දෙන්න හා අලාබය අය කරගන්න. ඊට පස්සේ පුලුවන් කලින් දේවල් හොයන්න...
හොයනවානම් හොයන්න 1977 සිට. මීට කලින් බැංකු අධිපති කබ්රාල් මහතා ගැන සොයා බලා වැරදි නැතිනම්, විදේශික කෙනෙක් මහා බැංකු අධිපති හැටියට පත්කරනවා වෙනුවට කබ්රාල් මහතා පත් කර ගන්න තිබුනා.
2008 සිට බැදුම්කර වංචාවන් ගැන හොයන එක හොදයි. හැබැයිල අතේ පත්තුවෙලා තියෙන මේ ට්‍රිලියන ගණනක මහා වංචාව පිළිබද පරීක්ෂණ ප්‍රමාද කිරීමට හෝ, දියාරු කිරීමට හෝ හොරකමට සම්බන්ධ සියලුම හොර තක්කඩියන්ට නිදැල්ලේ හැසිරීමට ඉඩකඩ සැලසීමට මේක අවස්ථාවක් නොවිය යුතුය. මෙම වර්ථමාන වංචාවට වෙනමම දඩුවම් ලබා දිය යුතුය. කට කාර වාචාල නොපැසුණු දේශපාලකයින් යොදාගෙන කරන වේගවත් ප්‍රකාශ වලින් වංචනිකයින්ට වෙන හානිය තවත් වැඩි වේ.
හෙළුව වහගන්ට මැරුණ එකාගේ අමුඩේ ගලවනවා වගේ වැඩක් ඒක.
ඉතාමත් කාලෝචිත යෝජනාවක්. මෙය ඉතා ඉක්මනින් අවසන් වන ආකාරයට සැලසුම් කල යුතුයි. මෙවන් දෙයක් මාස හයක් වැනි කාලයකදී ඉවරකර රටේ පුරවැසියන් හට යතාර්ථය සහ වැදී බන දෙසන අයගේ සත්‍ය තත්වය රටට හෙළි කල යුතුයි.
ඔව් . 2015 පොලියට වඩා වැඩි පොළියකට ඊට කලින් අර ගෙන ඇති බව වාර්තා වී ඇත . එම නිසා පරීක්ෂා කල යුතුයි . දෙගොල්ලන්ම රටට කල අලාභය හෙළි කල යුතුය . මිනිස්සු ඡන්දය දෙන්නේ මේවා ඔලුවට අරන් . දෙගොල්ලොම සුදනෝ නොවන බව රටම දැන ගන්න ඕන.