(සිරාජ් හසීම්)
අධිකරණ පරිශ්රයේදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පළා යාමේ චෝදනාවට වරදකරු වූ ආවා කල්ලියේ නායක නිෂා වික්ටර්ට වසර එකහමාරක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කිරීමට මල්ලාකම් මහේස්ත්රාත් ඒ.ජූඩ්සන් මහතා අද(21) නියෝග කළේය.
යාපනය කෝපායි පොලිසියේ නිලධාරීන් දෙදෙනකු කපා කොටා තුවාල සිදුකිරීමේ සිද්ධියකට අදාළ නඩු විභාගය සදහා ගෙනයන අවස්ථාවේදී ඉකුත් 17 වැනි දා මෙම සැකකරු පලාගොස් තිබිණි.
පසුව එම සැකකරු නෙල්ලිඅඩි ප්රදේශයේ දී සැඟව සිටියදී නැවත අත්අඩංගුවට ගෙන බන්ධනාගාර නිලධාරීන් වෙත බාරකර අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd