(අමල් වික්‍රමරත්න සහ සිරංගිකා ලොකුකරවිට)
ගාල්ල දිස්ත්‍රික්කයට ඇදහැලෙන මහ වැසි සමග ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවීමෙන් ගමනා ගමනයට බාධා එල්ලවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ගාල්ල සහකාර අධ්යක්ෂ දම්පත් රත්නායක මහතා (21) පැවසීය.
අද සවස 06.00 අවසන්වූ පැය 12 තුළ වැඩිම වර්ෂාපතනයවූ මිලි මීටර 122 ක් ගාල්ල නගරය ආශ්රිත ප්‍රදේශයෙන් වාර්තාවූ බව ද ඔහු පැවසීය.
ගාල්ල වක්වැල්ල මාර්ගයේ සංඝමිත්ත ප්‍රදේශය ,ජූල්ගහ ,කලේගාන හංදිය ඇතුළු තදාසන්න ප්‍රදේශවල අඩියක් පමණ උසට වැසි ජලයෙන් යටවි තිබේ. අධික වැසි සමඟ ගිංගගෙහි අතුරු ඇලමාර්ග පිටාර ගලමින් පවතී. පවතින වැසි සහිත තත්වය අඛණ්ඩව ඉදිරියේදීත් පැවතුනහොත් ගිංගඟේ ජලමට්ටම ඉහළ යාමට ඉඩ ඇතිබව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ගාල්ල කාර්යාලය පවසයි.
මේ වනවිටත් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි ඇදහැලෙමින් පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්ලාම් ධර්මයට විරුද්ධව මොනයම් හෝ කුමන්ත්‍රණයක් ක්‍රියාවක් සිද්ධ වෙනවානම් ඔවුන්ට විරුද්දව අල්ලාහ් ද කුමත්‍රණ කරයි. එම අයට අනිවාර්යයෙන්ම දඬුවම් ලබයි. එය ගංවතුර වෙන්නපුළුවන් ලෙඩරෝග වෙන්න පුළුවන් නායයාම් වෙන්නපුළුවන් හදිසි අනතුරු වෙන්න පුළුවන් මේකත් එවෙනි දේ වෙන්න පුළුවන් ඒ නිසා අල්ලාහ්ට බියවන්න.
නියමිත පරිදි වතුර බැස යාමේ කණු පද්දතිය නොමැති වීම සහ නඩත්තු කටුතු නොමැති කම නිසා මෙම අපහසුතා සිදු වේ...
මේ හැත්තට තාම බැරිවුනා අැල හදලා පිරිසිදු කරලා දෙන්න. දේශපාලුවෝ කියන්නේ තනිකර අඩුකුලේ අය තමා. ඔකුන්ගේ මුලු සනුහරේම ගංවතුරෙන් නැතිවෙලා යන්න ඕනා .....
ගවුස් වෙත, දෙවියන් යනු කුමන්තුණ කරන, පලිගන්න, මිනිසුන්ගේ ජීවිත බිලිගන්න, විනාශකාරී ලෙස කටයුතු කරයි නම් ඒ දහම අදහන අය ගැන මොන කතාද?
මම මේ අහන්නේ ගවුස්ගෙන් පමණක් නෙවෙයි.. සමස්ත අයගෙන්මයි. එහෙනම් ඔයාලා අැයි සීනිගම දේවාලෙට පොල් ගහන්න ගම්මිරිස් අඹරන්න යන්නේ? කාලි මෑණියෝ කියා කියා යන්නේ? බුදුන් වහන්සේ, ජේසුතුමා කවදාවත් මෙහෙම දඬුවම් ගැන කිව්වේ නැහැ. ලාංකිකයෝ කවුරුත් බොරුවට බොරු දෙවියන් අදහන්න යාම විතරයි කරන්නේ..
දෙයියො කෝප වෙලානම් ගංවතුර අාවේ.... ගෙවල් යටවුනේ කවුරු කෝප වුණු නිසාද...?