(චන්ද්‍රසේන ගමගේ සහ පද්මසිරි ගාර්දියවසම්)
බාල වයස්කාර දැරියක අපයෝජනය කිරීමේ චෝදනාව මත තංගල්ල මූලස්ථාන පොලීසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයකු ඊයේ (22) රාත්‍රීයේ තංගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලෑබූ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
එම දැරියගේ මව සමග මෙම උප පොලිස් පරීක්ෂකවරයා අනියම් සම්බන්ධයක් පවත්වා ඇති බවත් මව හමු වීමට ඇගේ නිවසට යන එන අතරතුරදී මෙම අපරාධය සිදු කර ඇති බවත් පොලීසියට තොරතුරු ලැබී තිබේ.
දැරියගේ දෙමාපියන් අතර වූ පවුල් ආරවුලක් මත කරන ලද පැමිණිල්ලක් තංගල්ල පොලිසියේදී විභාග කරන අතරතුරදී මෙම සිද්ධිය අනාවරණය වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තංගල්ල මේ වගේ දේවල් වලට ඉතාමත් ප්‍රසිද්දයි...........
තංගල්ලේ හින්ද ඔයින් බේරුනා ,ගලේවෙල පැත්තේ වුනානම් ඊට හපන් .
ඉතාමත් නරක උදාහරණයක් .... මේ වගේ අයට දඬුවම් දෙන්න ඕනේ , බලාගෙන ඉන්න අයට හැදෙන්නත් එක්ක !!!
ලංකාවේ අනාදිමත් කාලයක සිට මෙම අපචාරය ගැහැණු ළමුන්ට සහ පිරිමි ළමුන්ට සිදුවේ.
දැරියගේ මව සමග අනියම් සම්බන්ධතාවයක් නම්, මව තමයි මේ අපරාධයට මාර්ගය හදලා තියෙන්නේ.
ලංකාවේ සමහර දෙමාපියන් ළමයින්ට සලකන්නේ නැහැ. දික්කසාද වුණ අය විශේෂයෙන්ම.
තංගල්ල නම කෑව වරද හොයලා දඩුවමි කල යුතුයි