(නිමන්ති රණසිංහ)
බ්‍රිතාන්‍ය ජාතික යුවළක පහර දීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක මනෝජ් සිල්වාට රාත්‍රී සමාජ ශාලාවලට ඇතුලුවීම වලක්වාලමින් අධිකරණයෙන් පනවා ඇති තහනම සහිත ඇප කොන්දේසිය ලිහිල් කරන ලෙස අද (22) ඔහුගේ නිතීඥවරුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා ඉදිරියේ ඉල්ලීමක් කළේය.
මෝසමක් මඟින් කර තිබූ මෙම ඉල්ලීම සැලකිල්ලට ගත් අධිකරණය ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයාට ලබන 28 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වමින් නොතීසියක්ද නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ඉතාම සාධාරණ ඉල්ලීමක්... මොකද මේ අය100 ට 200ක සුදුසුකම් සපුරාලා තියෙනවා දියවන්නා ඔය මඩවගුරේ ලගින්නට. ඉතින් පුළුවන් ඉක්මණින් එම " හිඟන තනතුර " ලබාගන්න ඉඩ දිය යුතුය.
මේ වගේ අයට කතාකරන්න අයත් ඉන්නවනේ, අනේ මෙහෙමත් ලංකාවක්
ඒ බ්‍රිතාන්‍ය ජාතිකයා කියල තිබුන දැන් 4 වතාවක් එංගලන්තේ ඉඳන් නඩුවට ආව, හැමදාම නඩුව කල් යනවා, අපරාදේ කාලයයි මුදලුයි නාස්ති වෙනවා කියල. ඒ මනුස්සය එන්නේ නැතුව හිටියොත් මෙයා නිකම්ම නිදහස්. රන්ජන් කිව්වේ ඕව ගැන තමයි.
පරණ පුරුදු බිස්නස් එකට බහින්න වෙන්නැති.
ඔය තහංච්, අණ පනත් තිබුනට මේ ගොල්ලො සමාජ ශාලා වලට යන්නෙ නෑ කියලද හිතන්නෙ? එහෙම නොවුනොත් මේක ලංකාව නෙවෙයි.
අද තම පියා ඇමති තනතුරේ හිටියනම් ලිහිල් කරන්න වෙන්නේ නැහැ. සම්පුර්ණ නඩුව ඉල්ලා අස් කරගෙන.
මල් පොහොට්ටුවේ පොදු අපේක්ෂකයා උනොත් අපිනම් බැහැලාම වැඩ කරනවා.