(කාංචන කුමාර ආරියදාස)
ව්‍යාජ විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන ගිය කාන්තාවකට රුපියල් ලක්ෂයක දඩ මුදලක් සහ වසර පහකට අත්හිටවූ මාස 6 ක සිර දඬුවමක් නියම කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් ඉලංගසිංහ බණ්ඩාර මහතා අද (22) නියෝග කළේය.
කාන්තාවන් රවටා ඔවුන් සංචාරක වීසාවලට ගෘහ සේවිකාවන් ලෙස මැදපෙරදිග යැවීමේ චෝදනාව යටතේ මේධා තරංගනී කළුආරච්චි නම් එම කාන්තාව දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණ.
අදාළ කාන්තාව විසින් සංචාරක වීසා මත ව්‍යාජ ලෙස ලිපි ලේඛන සකසා තම බිරිඳ විදේශ රටක ගෘහ සේවය සඳහා පිටත් කරනු ලැබ අතරමං කළේ යැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ගලේවෙල ප්‍රදේශයේ සැමියකු කළ පැමිණිල්ලක් අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විශේෂ වැටලීමක් කර මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබිණි.
එම කාන්තාවට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ එයාකාරයෙන්ම නඩු දෙකක් පවතින බව විදේශ නියුක්ති කාර්යාංශය අධිකරණයට දැනුම් දී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලකෂයක් කජ්ජක්ද, නේද අනේ? මාස හයක්? අනේ මගේ කට!