(රංජන් කස්තුරි)
ලංකා ඊ - නිවුස් වෙබ් අඩවිය තහනම් කිරිමට ජනාධිපතිවරයාගේ සම්බන්ධයක් නැතැයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති දයාසිරි ජයසේකර මහතා කොළඹ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේ දී පැවසීය.
කෙසේ වෙතත් ලංකා ඊ- නිවුස් වෙබ් අඩවිය තහනම් කළ ආකාරය ගැන තමාට එකඟ විය නොහැකි යැයි ද ඇමැතිවරයා එහි දී සඳහන් කළේය.
ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය තහනම් කළ යුතුව තිබුණේ ඒ සඳහා උසාවි නියෝගයක් ලබාගෙන යැයි ද දයාසිරි ජයසේකර මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් කව්ද ආයිබෝං ජනාධිපතිටත් ඉහළින් ඉන්නේ..
එහෙම නම් කව්ද ඕක කළේ?
අනේ මේ තහනම දාපුකෙනෙකුත් නැහැ. තහනම ඉවත් කරන්න කෙනකුත් නැහැ. ඇමතිතුමා පිටසක්වල කට්ටියද මේ රට පාලනය කරන්නේ?
අයියෝ රටකට ගිය කලක් !!
රුසියානු යුධ නැව පිළිබඳව දිගින් දිගටම කරුණු එලිකරපු නිසාත්, ජනාධිපතිතුමාගේ දුවගේ ප්‍රචාරණ ආයතනයේ තොරතුරු ජනතාවට දුන් නිසාත් සහ ශ්‍රී ලංකාවම ගරුකරන ට්‍රාවිස් සින්නයියා මහතාගේ සේවා කාලය දික් නොකළ හේතුව හෙලිකරපු නිසාත් තමයි මේ වාරණය සිදු කරේ. ඒ දවස් වල ජනාධිපති කැබිනට් මණ්ඩලයේ තීරණ දැනගත්තෙත් පත්තරෙන්. එතුමා එහෙමයි කියුවේ. මේකත් එහෙම වෙන්න ඇති. ඉතාම සූක්ෂම ලෙස එජාප යට එරෙහිවීම මුලින්ම හෙලිකලෙත් ඊ නිවුස් තමයි.
ඕනෑම ආණ්ඩුවක් කාලය ඉවර වේගෙන යනකොට මේ වගේ ඒකාධිපති වැඩ කරනවා. ඊ නිවුස් එකෙන්ම වැඩ අල්ලපු එක දෛවයේ සරදමක් කියලයි මට හිතෙන්නේ.
ඇත්තටම මේ කරන්නේ කව්ද?
ඕවා මොනවත් නොකියා මට මතක නැහැ කියලා ගොඩ දාගත්තනම් මොකද? කවුද දන්නේ ඒගොල්ලෝම ඕක තහනම් කරගෙනද කියලා.
ඇමැති කෙනෙක් වුණාමත් කරන්න තියෙන දේවල් ලෙහෙසි පහසු නැහැනේ කියාලා දැන් තමා අපිටත් තේරුම් ගිහින් තියෙන්නේ. ලොක්කා මොනවා කියන්න කිව්වත් කියන්න වෙනවනේ !!!
අර්ජුන් අැලෝසියස්ට කෝල් කරලා දැන් මාට්ටු වෙලා ඉන්න වෙලේ, මෙහෙම හරි ජනධිපතිතුමාට කඩේ ගිහින් බෙල්ල බේර ගන්න දයාසිරි ඇමැතිතුමා දන්නා ක්‍රීඩා ඔක්කොම කරනවා. ඕවා ඉතින් ඡන්දය එනකන් පමණයි. අපේ ඡන්දය අරගෙන ජරා පාලනයට මුක්කු ගහලා අැමැතිකම් ගත්තට හොඳ පාඩමක් ජනතාව දෙන්න බලාගෙන ඉන්නවා.
ඔය ගොසිප් එක තහනම් කිරීම රිදිල තියෙන්නේ කාටද. මේක තහනම් නොකර හිටිය නම් තමයි ප්‍රශ්නේ. මේක මහ පුදුම වැඩක් නේ.
මෙහෙමත් විහිලු කතා.