(ටී.කේ.ජී.කපිල )
ජපානයේ පැවති අන්තර්ජාතික ජපන් භාෂා කථික තරඟාවලියේ ප්‍රථම ස්ථානය ලබාගත් ශ්‍රී ලංකාව නියෝජනය කළ රවිඳු ඊෂාද් වික්‍රමසිංහ ඊයේ (22) රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළෙන් යළි මව්බිම වෙත පැමිණියේය.
රවිඳු ඊෂාද් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ උසස් පෙළ ජීව විද්‍යාව අංශයෙන් 12 වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි.
මෙම ජපන් භාෂා කථික තරගාවලිය ඔකයාමා විද්‍යා විශ්ව විද්‍යාලයේ ශ්‍රවණාගාරයේ දී පැවති අතර එයට රටවල් 15 ක් නියෝජනය කරමින් තරගකරුවන් 20 දෙනෙක් සහභාගි වී සිටියහ.
මීට අමතරව ඔහු උඩරට නර්තන අංශයෙන් පිලිපීනය සහ ඉන්දුනීසියාව ඇතුළු රටවල් ගණනාවක පැවති තරගාවලි රැසකට සහභාගී වී ජයග්‍රහණ රාශියක් දිනා ගෙන තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ අනාගතයක් පුතා ඔබට සැමදා ජය
දීප්තිමත් අනාගතයකට සුබ පතමු.
මෙන්න දැයේ පිනට උපන් අපේ පුතෙක් ....හැදු වැඩු දෙමාපියන්ට දීර්ගායු පතමි ... පුතාට සුබ අනාගතයක් ....
අපිට ඔබවැනි ලංකා පුතුන් ගැන අාඩම්බරයි. තුණුරුවන් සරණින් සුභ අනාගතයක් පුතා ! ඉදිරියටම යන්න !
ඔබ අති දක්ෂයෙක් වනු ඇත. සුබ අනාගතයක්! අනාගතය ඔබ වැනි දැයේ දරුවන්ට භාරයි.