(ලලිත් ප්‍රේමලාල් සෞදි අරාබියේ සිට)
සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුයුක්ත ජෙඩා පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයේ කොන්සියුලර් ලෙස සේවය කළ ෆයිසර් මකීන් මහතා සෙනසුරාදා (25) ජෙඩාහි කින්ග් ෆයිසාල් රෝහලේදී අභාවප්‍රාප්ත වූ බව තානාපති කාර්යාලය කියයි.
අති විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකුව සිටි ෆයිසර් මකීන් මහතා කළුතර දිස්ත්‍රක්කයේ පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු විවිධ රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක ශ්‍රී ලංකාවට මහත් මෙහෙයක් කළ රාජ්‍ය නිලධාරියෙකි. ෆයිසර් මකීන් මහතාගේ අවසන් කටයුතු පිළිබඳව අද(26) දැනුම් දීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලවත් සංවෙිගය පල කරමි. ඔබගේ ආගමට අනුව මරණයෙන් පසු පතන සැනසිල්ල ලැබේවා.
අද දවල් 12.30ට (සවුදි වේලාවෙන්) මක්කම දේවස්ථානයේ වන්දනයෙන් පසු භූමදානය කරන ලදී. මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය