දහවල් -1. 00
ශ්‍රී ලංකා තව්හීත් ජමාත් සංවිධානයේ හලාවත කාර්යාලය හා යාඥා කිරීමේ මධ්‍යස්ථානය ලෙස හලාවත වට්ටක්කුලිය පවත්වා ගෙන ගිය නිවසකට අද (12) මැර ප්‍රහාරයක් එල්ල වී ඇති බව හලාවත පොලිසිය කියයි.
සංවිධානය වී පැමිණි පිරිසක් කෑ කෝ ගසමින් ප්‍රථමයෙන් නිවසේ තාප්පය පෙරළා බිම දැමූ අතර පසුව පිරිස එම වත්තට ඇතුළු වී එහි තිබු නිවසේ ජනේලවල වීදුරු වලට පහර දුන් බව ප්‍රදේශවාසීහු පවසති.
පසුව හලාවත පොලිසිය හා යුද හමුදා භට පිරිස් පැමිණ කළහකාරීන් සහ එම සිද්ධිය ජායාරූප ගත කිරිමට පැමිණ සිටි මාධ්‍යවේදීන් ද පලවා හැරියහ.
මේ වන විට ප්‍රදේශය පුරා සාමය ආරක්ෂා කිරීම සඳහා හෙට (13) උදෑසන 6 වනතුරු පොලිස් ඇදිරිනිතිය ප්‍රකාශයට පත් කර තිබේ.
මිනිස් සංහාරයක් නොබෝදිනකින් සිදු විය හැකි බවට මුහුණු පොතේ යොදා ඇති සටහනකින් පසු හලාවත නගරයට පැමිණ නොසන්සුන්කාරී ලෙස හැසිරුණ පිරිසක් පළවා හැරීමට අහසට වෙඩි තැබීමට යුද හමුදාවට සිදු විය.
මුහුණු පොතේ දමා තිබූ සටහන අනුව තමන්ට කිසියම් බියක් හට ගෙන ඇති නිසා වහාම මේ සම්බන්ධයෙන් පියවරක් ගන්නා ලෙස ඉල්ලමින් අද තරුණ කල්ලියක් මුලින්ම හලාවත මුලස්ථාන පොලිසිය අසලට රැස්වී මෙලෙස කළහකාරී ලෙස හැසිරෙන්නට වූහ.
එමෙන්ම පොලිසිය තම ඉල්ලිමට අවශ්‍ය පියවර ගැනීම පමා කරණ බව කියමින් පසුව යතුරු පැදි හා ත්‍රිවිල් රථවල නැග හලාවත නගරයේ කඩ විදිය වෙත ගොස් එහි පිහිටි කඩයක සිටි පිරිසගෙන් මුහුණු පොතේ යොදා ඇති සටහන පිළිබදව ප්‍රශ්න කරමින් ඇවිද ගියහ.
ඒ අතර පිරිසක් කඩ විදියේ වෙලද සැල් වසා දැමීමට උපදෙස් දුන් අතර ඒ අවස්ථාවේදී ඒ අසළට පැමිණි යුද හමුදා නිලධාරීහු අහසට වෙඩි තබා ඔවුන් පළවා හැරිමට කටයුතු කළහ.
පසුව පැයක පමණ කාලයක් ගත වන විට කලහාකාරින් විසිර ගිය අතර පසුව හලාවත පොලිසිය ද පැමිණ කලහකාරිව හැසිරුන පිරිස විසුරුවා හුරීමට යුද හමුදාවට සහය දුන්හ.
කඩ විදියේ සියලු වෙළදසැල් වහා වසා දැමු අතර වෙළද සැල්හිමියන් සිය වෙළෙසැල් අගුල් දමා නිවෙස් වෙත යනු ද දැක ගත හැකි විය. මේ වන විටත් නගරය තුළ යුද, පොලිස් නිලධාරීහු ආරක්ෂක රාජකාරිවල නිරතව සිටිති.




(ඡායාරූප සහ ප්රවෘත්ති ඔගස්ටින් ප්‍රනාන්දු)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අළු යට ගිනි
අනේ මගේ රටට ගිය කලක්
තවම නීතියක් ගෙනල්ල මේ අන්තවාදීන් තහනම් කරන්න බැලුවේ නැහැ . මිනිස්සු පාරට බැහැල ගහ මරගන්නකල් බලාගෙන ඉන්නවා . 83 කාලේ වගේනේ....
රජය කෙරෙහි ජනතාවගේ විශ්වාසය බිද වැටීම මෙවන් අවසනාවන්ත තත්වයක් ඇති වීමට හේතුවයි .. රජය තවත් සැක උපදවන අයුරින් හා කට වචාලකමින් දෙඩවීම තැනට සුදුසු නුවණ නැති කමින් මෙය අච්චාරුවක් කර ගනිමින් සිටී. රජය වහා ඡනතාවගේ විශ්වාසය ගොඩ නැගිය යුතුයි. ඉවසීමේ සීමාවක් තිබෙන බව දැනගෙන කටයුතු නොකලොත් වෙන දේ සම්බන්ධව රජයට අවබෝධයක් තිබිය යුතුයි ..
මහ ජනතාව එල්ටීටීඊ ප්‍රශ්ණය උග්‍ර ලෙස තිබූ කාලයටත් වඩා භීතියකින් සිටින්නේ. එයට ප්‍රධාන හේතුව මෙම ප්‍රශ්ණයට මුල් වූ යේ යැයි අනුමාන කරන පුද්ගලයන්ගෙන් අඩුම ගාන්නේ ප්‍රශ්ණ කිරීමක්වත් තවම සිදුවී නැති නිසාය.
මෙවැනි කාලයක රටේ තොරතුරැ දැනගැනීමට හැකි වීමම අගය කල යුත්තකි මම දීර්ග කාලයක සිට ලංකාදීප පාඨකයකි.(1997 සිට)
මේ රට අවුලවන්නේ නැතිව රටට එක නීතියක් ගෙනත් මේ අවුල නිවන්න....
83 වගේ කාට හරි දැඩි උවමනාව තියෙනවා මේක අවුලවන්න. තවම ඇවුලුනු නැති නිසා එක එක ආකාරයට මේක අවුලුවන්න හදන බව පේනවා. දේශපාලන අස්තාවර භාවය තියෙන දෙගොල්ලන්ගෙන් එක කොටසක් වෙන්න පුලුවන්.
තහනම් වුනාට තාම තහනම් කරපු බවක් පෙන්න නැහැ. ආණ්ඩුව මොකක්ද මේ කරන්න හදන්නේ
මුහුණු පොතේ සටහන ගැන නීතිය ක්‍රියාත්මක කරන්නේ නැද්ද ??
13 වෙනි සඳුදා ප්‍රහාර එල්ලවිය හැකි බවට පාර්ලිමේන්තුවේදීත් කිය වුනා නේද?
ආරක්ෂක ඇමති, සහ ආණ්ඩුව කෙරෙහි ජනතාව කිසිම විස්වාසයක් නැහැ.
ආණ්ඩුවට ගෙදර යන්න කාලේ හරි. කරුණාකර මෛත්‍රීපාල සිරිසේනත්, රනිල් වික්‍රමසිංහ ඇතුලු සියළුම යූ.එන්.පී මැතිඇමතිවරු තේරුම් ගතයුතුයි. තමන් ඉතාමත්ම අදක්ෂ බව. රට තවතවත් විනාශ නොකර පව්නොදී ගෙදර යන්න.
හලාවත මුස්ලිම් ව්‍යාපාරික රෙදි වෙළඳ සැලක හිමිකරුවකු සිය මුහුණු පොතේ තැබූ සටහනකින් “උඹලට හිනා වෙලා ඉන්න පුළුවන් අද විතරයි, හෙට අඬන්න වෙනවා” ලෙස දන්වා තිබේ. එයට විශාල වශයෙන් විරුද්ධ කමෙන්ට් පළව ඇති බවත් අනතුරුව ඔහු ඊට දැක්වූ අයහපත් ප්‍රතිචාර නිසා කෝපය මතුකර පිරිස් ඇවිස්සී ඇත. මොහුව මීට සති 2කට පෙරද හලාවත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන නිදහස් කළ අයෙකි..
ගරු අගමැතිතුමාට 2020දී ලංකාව සංවර්ධිත රටක් බවට පත්කරන්න සහාය දෙන්න.
රජය ගැන තඔ දොයිතුවක විශ්වාසයක් නැතිව මිනිස්සු ඉන්නේ... මේ සෙල්ලම දිගටම ගියොත් සියලුම ජනවාර්ගික ත්රස්තවාදයට එරෙහිව පාරට බහින එක වළක්වන්න බැරිවෙයි..
මේ අය තව රට කාලා ඉවර නෑ. ලබන ඡන්දෙන් යවන්න හිතුවට වැඩකුත් නැතිවෙයි. මොකද ඒ වෙනකොට නම් රට ඉතුරුවෙලා තියන එකක් නෑ.
71 වසරක් පාලනයට පත්කර ගත්තේ කාවද කියල දැන්වත් හිතුවොත් ඉදිරියට හෝ විනාශයන් වලක්වා රටේ මිනිසුන්ට බියෙන් සැකෙන් තොරව ඉන්න පුළුවන් පාලනයක් ගැන හිතන්නම වෙනවා
මේ අන්තවාදී සංවිධාන සහ ඒවගේ ක්‍රියාකාරකම් වහාම තහනම් කරන්න. මේ රටේ අහිංසක මිනිස්සු බයෙන් ඉන්නේ. රැකියාවට යන්න බයයි පාසල් යන්න බයයි මේ වගේ ගියොත් රටට මොන තරම් පාඩුද. මේ අන්තවාදී නාමයෙන් තියෙන ඔක්කොම සංවිදාන තහනම් කරන්න
මේ ප්‍රශ්නයට මුල ඉංග්‍රීසි වාක්‍ය කණ්ඩයක් හරියට තේරුම් ගැනීමට බැරිවීමෛ. "Dont laugh more 1 day you will cry " මේ වාක්‍ය කාණ්ඩයේ වරදක් මම නොදකිමි. නමුත් ප්‍රශ්නයක් ඇතිකිරීමට අවශ්‍යනම් ඕනෑම දෙයක් වැරදි ලෙස උලුප්පා ප්‍රශ්නයක් කරගතහැක
මේ ආණ්ඩුවට හයියක් නැ අඩුම ගානේ මේවට සම්බන්ධ අයගේ කටවල් වත් වහන්න. මේක මෙතනින් නවත්තගන්න බැරි වුනොත් රට ලේ ගංගාවක් වෙයි.
දැන් ඇතැම් විට ගුවන් විදුලියේ බණ දේශනා කරන්නෙත් මුහුණු පොතේ මෙහෙම තිබුනා කියමින්. එය වැරදියට භාවිතය සුදුසු නැත. කෙසේ වෙතත් පොලිසිය මේවා සොයා බලා මෙම අදහස් පල කිරීම ගැන කටයුතු කිරීම ප්‍රමාද කිරීම වැරදියි.
මේ ආණ්ඩුව කොහොමත් විශ්වාස කරන්න බැහැ. හැමදාම කළේ සිංහලයාට විනකරපු එක.. අපි අපේ රට වෙනුවෙන් කතා කළොත් සංහිඳියාවට ප්‍රශ්න වන නිසා අපේ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙනවා. අපිට අපේ රට වෙනුවෙන් කතා කරන්න බැහැ. අපි අසරණ වෙලා. සිංහලයාට තියෙන්නේ මේ රට විතරයි. ඒ වෙනුවෙන් අපි කතා කරන්න ඕනෑ. අපේ රටට අපි ආදරෙයි.
බොහොමයක් අය දේශපාලුවන්ගේ උසි ගැන්වීම් මත සහ 83 කලබල වලින් කොටිපතියන් වූ අයයි මේ දගලන්නේ ජාතිවාදයට මුවා වී............
දේශපාලනය ආගමට සම්බන්ධවීම නිසා තමයි මෙච්චර ප්‍රශ්න... එ් අතකම සමහර මිනිස්සු ඔය ප්‍රශ්නවලින් අයුතු ප්‍රයෝජන ගන්නවා.. පව් අහිංසක මිනිස්සු.
ඔය ෆේස්බුක් පෝස්ට් එක දාපු කෙනා දාලා තියෙන්නේ " අද උඹ හිනාවුනත් දවසක උඹට අඬන්න වෙයි කියලා" ඒක තේරුම් ගත්ත විදිය වැරැද්දක් හින්ද මේ වගේ ප්‍රශ්නයක් ඇති වුණා.
ඔය රණ්ඩු ඇති කරන්නේ සාමාන්‍ය ජනතාව නෙමෙයි........... ජාතිවාදය අවුලුවා බලය ගන්න මාන බලන එක්තරා දේශපාලනය පක්ෂයක පිරිසක්
මෙතන පොලිසියේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ.. ලංකාවේ මිනිසුන්ට හිතන්න මොලයක් නැතිකමයි. කලබල වෙන්නේ හරියට අර අහස කඩන් වැටෙනවා කතාව වගේ.. කවුද මුහුණු පොතෙන් කියලා බෝම්බ ගහන්නේ? වසර සිය ගණනකට ඉස්සර සුද්දෝ කිහිප දෙනක් ඇවිල්ලා රටම අල්ලාගත් එක පුදුම වෙන්න දෙයක් නැහැ.
රට සන්සුන් කිරීමට ඇත්තේ සුළු විසඳුමකි. මෙයට සම්බන්ධ බව ඕනෑතරම් සාක්ෂි තිබෙන දේශපාලකයන් තනතුරුවලින් ඉවත්කර අත්අඩංගුවට ගෙන සාධාරණ පරීක්ෂණයක් කිරීමයි. එසේ නොමැතිව නිකම් තොත්ත බබාලගේ වැඩ කිරීමෙන් ඵලක් නැත. වඳින්නම් මුළු රටම තවත් විනාශ කරන්න එපා. අගමැතිත්, ජනාධිපතිත් රටට කළ විනාශය හොඳටම ඇති. පුදුමයට කාරණය අගමැතිගේ සමනළ පිරිස හැර පාර්ලිමේන්තුවේ රට ගැන කැක්කුමක් තියෙන එක මිනිසෙක් ඒ අතර නොවීමයි.
මෙම ගැටළුව හරියට සර්පයෙක් වගේ දකින්න ඕනේ. සර්පයාගේ නැට්ටෙන් අල්ලලා කවදාවත් ඌ මෙල්ල කරන්න බැහැ. ඒ වගේම මෙම අවස්ථාවෙත් ප්රශ්නය ඇතිවුණා මූලබීජ සමාජයෙන් අතුගාලා දානකල් මෙහෙම දේවල් ඇතිවෙයි..
මිනිස්සු සති 2කට වැඩිය ඉවසුවා.. හැබැයි ආණ්ඩුව මිනිස්සු 250ක් මැරිලත් සැබෑ අන්තවාදීන් ආරක්ෂා කරනවා කියලා පේන කොට මිනිස්සුගේ ඉවසීම පනින එක අහන්න දෙයක් නැහැ. එ්කෙන් වෙන්නේ නිකන් මිනිස්සු මරා ගන්නවා. අපි සහජීවන බණ කිව්වට තමන්ගේ සියල්ල නැතිවෙච්ච මිනිස්සුට තමයි එ්කේ වේදනාව තියෙන්නේ. මිනිස්සුන්ගේ වේදනාව එක්ක සෙල්ලම් කරන එක දැන්වත් ආණ්ඩුව වගේම සහජීවන බණ කියන අය නවත්තලා සැබෑ අන්තවාදීන් ඇල්ලිය යුතුයි.
රනිල් වහාම ඇමරිකන් නැව් හරවන්න, මොවුන් ඔවුන්ට දීපු පොරොන්දුව ඉස්ඨ කරන්න ඉඩහරියි.
මෙවැනි සමාජ ජාලා ඇති කවුරුන් වුවත්, නීතියේ රැහැනට වහා අසුකරගත යුතුයි. එසේම මේ අවස්ථාවේදී සිංහල, මුස්ලිම්, දෙමළ තරුණ පිරිස් ඉතාම කල්පනාකාරීව කටයුතු කළ යුතුයි. වෛරයෙන් වෛරය නොසන්සිඳේ..
පළමු අපේ පැත්ත සුද්ද කර ගත යුතුය. දේශපාලන පක්ෂවලට අන්ධ ලෙස කඩේ යන අය දුපත්වලට පන්නාදැමිය යුතුය. එසේම මහජන මුදල් ගසා කැවුන් විනාශ කළ යුතුය. බලය රැකගැනීමට අන්තවාදීන්ට මහා වනාන්තර එළිකිරීමට ඉඩදුන් විදේශික පදිංචි කරුවාගේ හිස ගසා දැමිය යුතු වන්නේය. එතෙක් මෙතෙක් මේ කර්තව්‍යයේ යෙදුණු උන් රටින් පන්නා දැමිය යුතුය. පුංචි පවුල රත්තරන් කියා ජාතිය වඳ භාවයට පත් කළවුන් ජීවතුන් අතර නැති බැවින් ඔවුන්ගේ මුණුබුරන්ගේ හිස අතගා තෙල් දමා මොලේ පෑදිය යුතුය. මුදලට තම ඉඩකඩම් පාරම්පරික උරුමයන් අන්තවාදීන්ට විකුණා දැමූවන් සොයා හිස බූ ගා දැමිය යුතුය. එහෙම කළොත් මේ රට සිංහලයින්ට ඉතුරුවනු ඇත.
අැයි මේ කාටවත් නොතේරෙන්නේ? මේක මේ මැතිවරණ කල්දාන්න යොදා ගත් උප්පරවැට්ටියක් බව...
අවස්ථාවාදී සිරිසේන සහ දුර්වල රනිල් නිසා තමයි මේ ප්‍රශ්න වැඩි වෙන්නේ...
නායකයා රටින් පිට යනවලු... හෙට නේද එ්ක නිසා වෙන්න ඇති පාස්කු දින මතකද?
නායකයා රටින් යනවලු... හෙට පාස්කු දිනය මතකද?
මේ කලබල අස්සේ ගමරාල විසින් රාජපක්ෂලාගේ නඩු ටික ඉතා සූක්ෂමව කල් දැමීමට හෝ විසිකිරීමට කටයුතු කිරීම වහලුන්ගේ ඉමහත් සතුටට හේතු වී ඇත. කාටද ආඩම්බර..?
ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ යනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොවන බව වගේම ජාතික තව්හීත් ජමාත් සංවිධානය කියන්නේ ශ්‍රී ලංකා තව්හීත් ජමාත් සංවිධානයට ප්‍රති විරුද්ධ අන්තවාදී බලවේගයක්. කරුණු මෙසේ තිබියදී ශ්‍රී ලංකා තව්හීත් ජමාත් සංවිධානය තහනම් කිරීමේ හෝ විනාශ කිරීමේ කටයුතු වල යෙදෙන්නේ නම් ඔවුන්ද තවත් නමක් නැති අන්තවාදී බලවේගයකි. අන්තවාදී සියල්ලන්ටම නිසි ප්‍රතිකාර කිරීම රජයේ වගකීමකි.
මේක මේ විදියට ගියොත් මහජන විරෝධයක් ඇතිවෙලා මිනිස්සු පාරට බහිනවා. එහෙම වුනොත් ඒක නවත්වන්න නම් බැරිවෙයි.
LTTEයට අපි පණ දෙන්නේ 83 කලු ජූලියෙන්. දැන් මුස්ලිම් ත්රස්තවාදයට පනදෙන්න දඟලනවා. අපේ එවුන් මෝඩ හරක්. ඊස්ටර් ප්‍රහාරයෙන් උන් අසරණ මිනිස්සුන් ටිකක් මැරුවට, ඔවුන්ගේ බලාපොරොත්තු සියල්ල ඉටුවුනේ නැහැ. මොකද උන්ට ඕනෑ වුනේ අපි ලවා උන්ගේ දෙතුන්සීයක් මරවා ගන්න. දැන් උන් (ත්රස්තවාදීන්, බහුතරයක් මුස්ලිම් මේවාට විරුද්ධයි) ඉන්නේ බලාපොරොත්තු කඩවෙලා. මෙ ඉසින්හල කලහකාරීන්ට යටින් උදව් කරන මුස්ලිම් ත්‍රස්ත කණ්ඩායම් ඉන්නවා. උන් ගානට වෙලාව බලලා වැඩේ සෙට් කරන්න හදන්නේ. මෝඩ වෙන්න එපා. හමුදාව, පොලිසිය ඉන්නවා ඕන දෙයක් කරන්න. පුලුවන්නම් මේ කාලකන්නි පාලකයන් එලවන්න පාරට බහිමු.
මිනිස්සු පාලනය අතට ගන්න කලින් නීතිය හා සාමය රකින්න පොලිසිය සහ හමුදාව පියවර ගන්න ඕනේ. කලින් අත් අඩංගුවට ගත්ත පුද්ගලයෙක් මෙහෙම කරනවා නම් පොලිසිය වහාම ක්‍රියාත්මක විය යුතුව තිබුනා නේද? මොන පක්ෂයේ ආණ්ඩුවක් තිබුනත් පොලිසිය සහ හමුදාවේ ක්‍රියාකාරකම් වෙනසක් විය යුතු නැහැ. අපට පෙනෙන්නේ මේ සිද්ධියේදී පොලිසිය තම රාජකාරිය කඩකරලා වගේ. ජාතිය ආගම නොබලා අන්තවාදීන් විනාශ කල යුතු බව පෙනෙනවා. අපට තියෙන්නේ මේ රට විතරක් බව අමතක වෙලා.
ධනුෂ්ක කියන එක ඇත්ත. ඒත් ආගම උගන්නන වෙනම පාසල් වලින් තමා මේ අන්තවාදය ගොඩනැගිලා තියෙන්නේ. පාසලේ එවැනි දෙයක් හොරෙන් කරන්න බැහැ. විද්‍යාව, තාක්ෂණය වැඩිපුර සහ වාණිජ විෂයන්ට අමතරව කලා විෂයයන් සීමිතව උගන්නන්න ඕනේ. ඇත්තටම නිර් ආගමික අධ්‍යාපනයක් කරා අපි යන්න ඕනේ. ගෙදර පරිසරයෙන් සහ පන්සල් පල්ලි වලින් ආගමට සීමිතව යොමු කලත් හොඳටම ඇති. පළමුව රට. දෙවනුව ආගම විය යුතු නේද?
සාධාරණය යුක්තිය ඉටු නොවන විට මිනිසුන් එයට විරුද්දව නැගී සිටියි. සමාජජාලා තහනම් කලත් එම නැගීසිටීම් නැවතිය නොහැකි වනු ඇත. ත්‍රස්ථවාදයට සම්බන්ධ සියළු දෙනාට තරාතිරම නොබලා නිසි දඩුවම් ලබා දිය යුතුය. අන්තවාදී ත්‍රස්ථවාදය සහමුලින්ම නැවත ඇතිනොවන පරිදි නවත්වා දැමීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සිදුකලයුතුය. අන්තවාදී ත්‍රස්ථවාදය නැවත ඇති නොවන පරිදි නැවත්වීමට, පලිගැනීම, අන්‍යාගමිකයින් මාරාදැමීම, අත් පා හිස් කපාදැමීම, ගල්ගසා මැරිම වැනි කරුණු සහිත කොටස් සියළු ආගමික ග්රන්ථ වලින් ඉවත් කිරීමට කටයුතු යෙදිය යුතුය. එවැනි ඉගැන්වීම්ද තහනම්කල යුතුය. ආගම් නාමයෙන් සිදුකරන සියළු ආකාරයේ සත්ව ඝාතනද තහනම් කල යුතුය. සමාජයේ බහුතරයක් පාලනයෙන් බලාපොරොත්තු වන්නේ මෙයයි. එසේ වන්නේ නම්, මිනිසුන්ගේ නැගී සිටීම් නවතිනු ඇත. බහුතරයක් මිනිසුන් පාලනය පිලිබඳ තෘප්තිමත් වනු ඇත. පාසැල් වලට සිසුන් පැමිණෙනු ඇත. මිනිසුන්ගේ ජීවිතය යථා තත්වයට පත්වනු ඇත. පාලකයන් එසේ නොකරන්නේ නම් පාලකයන් පිළිබඳ ජනතාව සැක සිතනු ඇත, වෛර බදිනු ඇත. ප්රශ්නය ඉවර නොවනු ඇත.
නායකයින් එකට සිටිනකම් නිසි විසඳුමක් සොයා ගත නොහැක.
මළවුන්ගේ කරපිටින් අයෙක් ජනාධිපති වේවි...ඊලඟ ජනාධිපතිවරණයේ සටන් පාඨය අන්තවාදී ත්‍රස්තවාදය නැති කර දෙනවා යන්න වෙයි...තවත් කාලයක් මිනිසුන්ගේ ජීවිත සමග සෙල්ලම් කරමින් ඡන්දය කොල්ල කයි. මෙය තව ඇවිලුණා මදි ඇති. නිවන්න
තව කොච්චර ආයුධ ඇත්ද පල්ලිවල.... ලංකාවේ හැම මුස්ලිම් පල්ලියක්ම බලන්න ඕන............ ඕව අවි ගබඩා