IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හෙරොයින් සමඟ ගල්කිස්ස උසාවි භූමියේ දී කතක් අත්අඩංගුවට

 

 

ඉන්දිකා රාමනායක

 

හොරොයින් පැකට් 22 ක්  සිය තිසර පටයේ සඟවාගෙන ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණය භූමියට පැමිණි සිටි කාන්තාවක්  අද (24) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මාලනේ  ප‍්‍රධාන ගේට්ටුව අසල  ප‍්‍රදේශයේ  පදිංචි (25) හැවිරිදි එක්දරු මවක් බවද  පොලිසිය පවසයි.

මෙම කාන්තාවගේ සැමියා පෙරේදා  මත්කුඩු සමඟ විශේෂ පොලිස් කණ්ඩයමක් විසින් අත්අඩංගුවට  ගෙන ඔහු ද අධිකරණයට  ඉදිරිපත් කිරීම  නියම ඇත.

සැකකාරිය ඇගේ  සැමියා බැලීමට  අධිකරණයට පැමිණ සිටිය දී   මෙලෙස මත්කුඩු සමඟ අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම සැකකාරිය අද (24) පෙරවරුවේ  අධිකරණයට  ඇතුළු වීමට උත්සහ කිරීමේ දී   එහි මුරකුටියේ රාජකාරියේ යෙදී මෙම කාන්තාව පරීක්ෂා කර ඇත.

එහිදී ඇගේ තිසර පටයේ කිසියම් දෙයක් සඟවාගෙන සිටිනු දැක ඒ පිළිබඳ ප‍්‍රශ්න කිරීමේ දී  මත්කුඩු සමඟ සිය සැමියා පොලිස් කණ්ඩායමක් අත්අඩංගුවට ගත් බවත් ඔහුට ඇප තැබීම සඳහා රැගෙන ආ මුදල් එලෙස තන පටයේ සඟවා සිටින බවට සැකකාරිට දැනුම් දුන් බවද පොලිසිය සඳහන් කරයි.

එම මුදල් අතට ගන්නා ලෙසට පොලිස් කොස්තාපල්වරිය සැකකාරියට දැනුම් දී ඇති අතර ඒ අනුව ඇය  එහි තිබු මුදල් ඉවතට ගත්ත ද  එහි මුදල් නෝට්ටු අතර තිබී කිසිවක් සඟවා ගෙන ඇත.

මෙම සැකකාරිය මෙම මත්කුඩු පැකට් සිය සැමියාට ලබා දීම සඳහා රැගෙන එන්නට ඇති බවට  පොලිසිය සැකකරයි.

 

 



අදහස් (2)

හෙරොයින් සමඟ ගල්කිස්ස උසාවි භූමියේ දී කතක් අත්අඩංගුවට

amila peiris Tuesday, 24 July 2018 11:57 AM

පොලිසියේ සහායෙන් බන්දනාගාර ගතවී ඉන් පසු බන්දනාගාරය තුළ මත් කුඩු වෙළදාම් කොට නැවත එළියට පැමිණෙන ක්‍රමයේ ජාවාරම පොලිස් කොස්තාපල්වරිය නිසා වැලකි ගියා.

:       6       6

Mahee Tuesday, 24 July 2018 10:32 PM

අර ජාතක කතාවේ එන ලේනා මුහුද සිඳ වීම සඳහා වලිගය තෙම තෙමා ගොඩට ඇවිත් වලිගය ගසා දැමුවා සේ අපිත් ඔහොම කරගෙන යමු. අර ලේනා තමන්ගේ ශක්තියේ උපරිමයෙන් තමයි ඒ දේ කලේ දරු දුක නිසා. අපේ ආණ්ඩුවලට උපරිම ශක්තිය තිබිලත් වැඩ ටික නම් ලේනාගේ වගේ. හැබැයි ලේනගේ කට්ටිය පගා ගහන්නේ නම් නෑ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 296 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site