(නිමල කොඩිතුවක්කු)
 
දින 05ක සිට කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකය වසා තැබීමේන් රෝගීන්ට සිදුවන අපහසුතාවය සම්බන්ධයෙන් රජය වහාම පියවර ගත යුතු බව නිදහස් සෞඛ්‍යය සේවයක් සඳහා ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු වෛද්‍ය ගිශාන්ත දසනායක මහතා අද (5) පැවසීය. 
 
මේ හේතුවෙන් දිනකට සැත්කම් 60ත් 70ත් අතර ප‍්‍රමාණයක් සිදුකිරීමට නොහැකි වී ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
 
ශල්‍යාගාරයේ කටයුතු ඇන හිටීම හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් රෝගී සත්කාර ක‍්‍රියා සියල්ල නතර වී ඇති බවද වෛද්‍ය ගිශාන්ත දසනායක මහතා පැවසීය.
 
සැත්කම් සඳහා වසර දෙකහමාරකට අධික කාළයක් රෝගීන්ට පොරොත්තු ලේඛනයේ රැදී සිටීමට සිදුවන බවත් අනෙක් ශල්‍යගාරයද වසා දැමීම හේතුවෙන් රෝගීන් තවදුරටත් පීඩාවට පත්වනු ඇති බවද ඒ මහතා කීය.
 
මරදාන පිහිටි සමාජ හා සාමයික කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.