(විනීතා එම් ගමගේ)
සවුදි අරාබියේ සේවය කළ නිවසේ වෙසෙන මානසික රෝගී තරුණයෙක් වෙඩි තබා ඝාතනය කළ ගාල්ලේ වඳුරඹ ප්‍රියන්තා ජයසේකර මහත්මියගේ දේහය අද (17) පෙරවැරවේ මෙරටට එවනු ලැබ තිබිණි.
37 හැවිරිදි ප්‍රියන්තා ජයසේකර මහත්මිය සවුදියේ සේවය කළ නිවසේ හාම්පුතාගේ පුතෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණේ ඉකුත් මාර්තු 10 වැනි දාය. එම තැනැත්තා මානසික රෝගියකු බව වාර්තා වී ඇත.
මියගිය ප්රියන්තාගේ සිරුර අද (17) උදේ 6.15 ට කටුනායක ළඟා වූ ගුවන් යානයකින් මෙරටට එවා තිබු අතර කාර්යංශයේ නිලධාරින් විසින් ඥාතීන් වෙත භාරදීමට කටයුතු කළේය.
තිදරු මවක වන ජයසේකර මහත්මිය ඉකුත් වසරේ අපේ‍්‍රල් 25 වැනි දා විදේශ ගතවූ අතර ලියාපදිංචිය ලබා ගෙන නිත්‍යානුකූලව විදේශ ගතවූ අයෙක් යැයි කාර්යංශය කියයි.
ඇයගේ හිමිකම් වෙනුවෙන් කාර්යංශයත් සවුදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත් කටයුතු කරමින් සිටින බව ද කාර්යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
COMMENTS
දැන් එතකොට මේ කාන්තාව මරපු කෙනාව ... කෙහෙල්මල් ශරියා මගුල අනුව මරන්නේ නැද්ද?
ඉන්දියාව නම් කාන්තාවන් සෞදි යවනඑක නවත්තලයි තියෙන්නේ. නමුත් රජය තවමත් අසමත්... සෞදි යන කාන්තාවන්ගේ ප්රශ්නය මේ රටතුළ විසඳීමට නොහැකිවීම පිළිබඳව... නම්.
මේ කාන්තාවගේ සැමියාට කියන්න මට සිතන දෙය මෙහි ලිවිය නොහැක. තමන්ට දරු පවුලක් නඩත්තු කරන්න බැරි නම් නෝනාව වහල් සේවයට විකුණන්නේ නැතිව වෙන රැකියාවක් කරන්න බැරිවුනාද? මෙහෙම පිරිමි කසාද බඳින්නේ නැතිව ඉන්න තරමට හොඳයි. කවුද දන්නේ වෙඩි තැබුවේ ඇත්තටම මානසික රෝගියෙක්ද? නැතිනම් මේ අසරණ කාන්තාවට වෙනත් අගතියක් වුණාද කියලා. දේශපාලකයින්ට, තානාපති කාර්යාලවලට, විදේශ සේවා කාර්යාංශයට බනින මිනිස්සු තමන් තවත් කුලී වැඩක් කරලා හරි බිරිඳ පෝෂණය කළා නම් මෙහෙම විපතක් අද නැහැ.
තිදරු මවක් වන ජයසේකර මහත්මිය ඉකුත් වසරේ අපේ‍්‍රල් 25 වැනිදා විදේශගත වූ අතර ලියාපදිංචිය ලබා ගෙන නීත්‍යානුකූලව විදේශ ගතවූ අයෙක් යැයි කාර්යංශය කියයි. දැන් කව්ද මේ ළමයි තුන්දෙනා බලාගන්නේ? සල්ලි ටිකක් දුන්නාම ප්‍රශ්න විසඳෙනවා නම් එ්ක මුලදීම කරන්න තිබුණා.
නඩුවෙන් බේරෙන්න මානසික රෝගියෙක් වෙඩි තිබ්බා කියල කියනවා. ඒ මානසික රෝගියාට වෙඩි තියන්න ඕනෑම නම් වෙන කෙනෙක් අල්ල ගන්න තිබුනනේ. අපේ රටේ අහිංසක රිසානා එහෙදි පොඩි ළමයෙකුට බෝතලෙන් කිරි දෙනකොට ඉස්මොලේ ගිහින් මරුවා කියල බෙල්ල කපල දානවා. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියන්නේ ඕකට තමා.
මේ ටික කියන්නද කාර්යාංශය රක්ෂණයක් කියල අහිංසකයන්ගේ මුදල් කඩන්නේ. මේ තරම් දෙයක් වෙලත් කාර්යාංශයෙන් වන්දි මුදලක් දෙන්නේ නැහැ කියන්නේ, මේ කාර්යාංශයෙන් වැඩක් තියෙනවද ? හරිනම් ඇයගේ ජිවිත කාලයේදී ඉපයිය හැකි මුදල වන්දියක් ලෙස ලැබිය යුතුයි. අඩුම තරමේ ඇයට වයස අවුරුදු 60 වෙනකම් පඩි මුදල ලැබෙන්න ඕනේ. ඒ වගේම සෞදී රජයෙන් ඇයට බ්ලඩ් මනි (ලේ සල්ලි) ලෙස රියල් 150,000 ක් වත් ලැබිය යුතුයි.
දැන්වත් වහල් සේවය නතර කරන්න බැරිද? බලාගෙන ගියාම කොම්පඤ්ඤ වීදිය විතරක් නෙවේ, මුළු ලංකාවම ස්ලේව් අයිලන්ඩ් එකක්... නීත්‍යානුකූලව විදේශගතවූ අයෙක් යැයි කියා සාධාරණිය කාරණයත් කරනවා.