ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) පැවැති පස්වැනි සහ අවසන් එක්දින තරගයෙන් කඩුලු 3ක ජයක් ලැබීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 203 ක් පමණි.
තරගයේ සම්පූර්ණ විස්තර දැනගැනීමට http://kelimandala.lankadeepa.lk/ වෙත පිවිසෙන්න



COMMENTS
ගියපාර ලංකාවේදී බංගලාදේශයෙන් හොඳටම කාල, සිම්බාබ්වෙනුත් කාලා, ඉන්දියාවෙන් අනිවාර්යයෙන්ම උතුර දකුණ හොයාගන්න බැරි විදිහල කනවා. ක්‍රීඩකයන්ගේ බොරු කතා පමණි වැඩ නම් අන්තිමයි. ඇමැතිතුමා කියපු කතාව සාධාරණයි , එක්දින තරගෙකදී පලවෙනි ඕවර 10-15 තුලදී විකට් 2 ගන්න බැරි ලෝක ප්‍රසිද්ධ වේග පන්දු යවනන්න්ගෙන් වැඩක් තිබෙනවද ? මට මෙගොල්ලගේ ක්‍රීඩා විලාශය බැලුවම සැකයක් ඇතිවෙනවා බුකි කාරයෝ ලංකාවේ ක්‍රිකට් වලට ඇඟිලි ගහනවද කියලා....
විනයක් නැති අය වගේ හැසිරෙන ක්‍රීඩකයෝ කණ්ඩායමට ගත්තම, කණ්ඩායමේ අනිත් ක්‍රීඩකයන්ගේත් විනය පිරිහිලා , දක්ෂතා අඩු වෙනවා, අන්තිමට ඇෆ්ගනිස්ථානෙට, අයර්ලන්තෙටත් පරදීවි
මෙහෙම ගියොත් ක්‍රිකට් ලංකාවේ තහනම් කල යුතුයි.
ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම ලංකාවට එන්න ඕනෑද? එක්කෝ ඕනෑම නෑ... නෑ..
සිල්වා ගේ කතාව හරි. විනයක් නැති ඔළුව උදුම්මා ගත්තු කට්ටියක් වෙලා. කට්ටිය හොඳටම බැට කෑවා. ඊළඟට එන්නේ ඉන්දියාව. එතකොට අතීසාරේ හදිලම තමයි නවතින්නේ...
අපේ ක්‍රීඩකයන්ගේ මාසික වැටුප නම් සුපිරි... එහෙන් කාන්තා ටීම් එකක් හදාගෙන ක්‍රිකට් ගහනවා. දැනට තිබුන මැච් ඔක්කොම පරාදයි. මිලියන ගණන් වියදම්. සින්බාබ්වේ එක්ක දැන් ක්‍රිකට් ගහන්නෙත් ඕස්ට්‍රේලියා එක්ක ගහනවා වගේ මාර ගේමක් දීලා. එත් පරාදයි. මැතිව්ස් අවුරුදු එක හමාරකට වගේ කලින් කියපු රිද්මය හොයාගන්න තව පරදින්න රටක් ඉතුරු වෙලා නෑ.
වැඩක් නැහැ කතාකරලා අන්තිමයි ... මොකක්ද දන්නේ නැහැ අපේ කොල්ලෝ ටිකට වෙලා තියෙන්නේ?
පාන් වාටියකට බඩ ලස්සනට කපාගෙන තියෙන්නේ අපේ අය නම් ...
හොඳටම ඇති... මැතිව්ස් දැන් යා යුතුයි..
මුලින්ම ක්‍රීඩා ඇමතිකම සුදුසු කෙනෙකුට දෙන්න ඕනේ... ක්‍රීඩකයින්ට දක්ෂතා වගේම ආත්ම විශ්වාසය ඇති කරන්න ඕනේ. ඔක්කොම ඇල්මැරිලයි ඉන්නේ. කිසිම තරඟයක් දෙන්නේ නැහැ. ඕනවට එපාවට වගෙයි සෙල්ලම් කරන්නේ. ඔය පරිහානියට, ක්‍රීඩකයින් වගේම හැම බලධාරියෙක්ම වග කියන්න ඕනේ.
ඔය සිම්බාබ්වේ කණ්ඩායමේ එක්කෙනෙක්ගෙන් වත් යන්න කලින් දඟපන්දු යවන්නන්ට පහරදෙන හැටි ඉගෙන ගන්න බැරිද? අද තරඟය පරදුනෙත් එක බැරි හින්දා..
සංගලා, මහේලලා, දිල්ෂාන්ලා වගේ ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩකයින්ට නොසලකන මිනිස්සු වගේම ක්‍රිකට් පණ්ඩිතයෝ ඉන්න රටේ අයට ඔහොම වෙලා නම් මදි.. ගෝත්‍රිකයින්ට මොන ක්‍රිකට්ද?
ලෝකේ ඉන්න ඔක්කොම පුහුණුකරුවෝ ටික එක සැරේම ලංකාවට ගෙනත් පුහුණු කලත් අපේ ක්‍රීඩකයින්ට ලක්ෂ ගණන් පඩි ගෙවන තාක්කල් ලංකාවේ ක්‍රිකට් දිනන්නවත් දියුණු කරන්නවත් බැහැ. මොකද එයාලා දන්නවා දිනුවත් පැරදුණත් එයාලගේ පඩියෙන් රුපියලක්වත් අඩුවෙන්නේ නැහැ කියලා. ඒ විතරක් නෙවෙයි ගොඩක් ක්‍රීඩකයෝ දන්නවා කොච්චර පැරදුණත් කණ්ඩායමේ තමන්ගේ ස්ථානය නැතිවෙන්නේ නැහැ කියලා ලකුණු ගැහුවත් එකයි නැතත් එකයි විකට් ගත්තත් එකයි නැතත් එකයි කියලා. සින්බාබ්වේ නෙවේ ඉතියෝපියාවෙන් කණඩායමක් ආවත් අපි පරදිනවා. ඉස්සර හිටියේ ක්‍රිකට් මහත්වරු දැන් ඉන්නේ ක්‍රිකට් මහත්වරු. දැන්වත් ඔය ක්‍රිකට් ගහන අයට ගෙවන පඩි සල්ලි රටේ වෙනත් සංවර්ධන කටයුත්තකට යොදවන්න. එහෙම නැත්නම් මේ රටේ ණය වාරික ටිකවත් ගෙවන්න ගන්න. වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෝ ඉන්න රටක් කියලා තවදුරටත් කියන්න පුළුවන්ද? ඇන්ජලෝ තවමත් නායකත්වයේ ඉන්නවද? අපි ඉන්දියාවට බනිනවා. එහේ නුගත් මිනිස්සු තරග පැරදුණාම ක්‍රීඩකයින්ට හානි කරනවා කියලා නමුත් ඉන්දියාවේ මිනිස්සු හරි කියලා දැන් හිතෙනවා නේද? මේ විදියට තරග පරදිනකොට අපිට කොච්චර වේදනාවක් දැනෙනවද කියලා ක්‍රීඩකයෝ දන්නේ නැතුව ඇති.
අතේ තියන දේ කටේ දාගන්න වරම් නෑ.
දන්නැති නිසා අහන්නේ මේක තුනෙන් දෙකද පහෙන් තුනද
මෙතන ක්‍රීඩකයන්ට එපා වෙලා තියෙන්නේ. සුදු කාරයෝ සහ බුකි කාරයෝ තමෛ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉන්නේ. ඔක්කොම සල්ලි වලට යට වෙච්ච රටක් මේක. අර අර්ජුන රණතුංග කිව්වා වගේ අපේ ක්‍රිකට් පාලක මණ්ඩලය හොර ගුහාවක්.
එල්ලේ ගැන හිතමුද.
බැටින් ටිකක් හොදයි ඒත් ෆීල්ඩින් අන්තිම චොරයි පරදින්නේ ඒකයි කණ්ඩායමක් ලෙස ක්‍රීඩා නොකිරීමත් හේතුවක්
තරගය පරාද උන එක ඇත්ත. එත් අපේ කොල්ලෝ තරගාවලිය පුරා හොද සටනක් දුන්න.
ක්‍රිකෙට් මහත්වරුන්ගේ ක්‍රීඩාවක්. අපේ රටේ මහත්වුරු නැති නිසා අපට ක්‍රිකෙට් ඕනෑම නැහැ කියල තර්කයක් තියන්න පුළුවන්. නමුත් මමනම් කියන්නේ ක්‍රිකෙට් කියන්නේ මේ දවස්වල සූදුවක්. මේ බෞද්ධ රටට මේ ක්‍රීඩාව ගැලපෙන්නේ නැහැ. එකලොස් දෙනා වෙනුවෙන් කරන වියදම හරහා දුප්පත් පවුල් ලක්ෂයක් පමණ නඩත්තු කරන්න පුළුවන්...
අර " චමරි අතපත්තු " පහු ගිය සතියේ ඔස්ට්ට්‍රේලියාවට එරෙහිව නොදැවී ලකුණු 178ක් වාරතා කරා. කවුරුත් එ් ගැන කතා කලේ නැහැ.චමරීගේ එම දක්ෂ තාවය ගැන ක්‍රිකට් බලධාරින්ගේ අවදානය යොමුවෙත්වා....එමෙන්ම අපේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම දියුණු කරන්න ප්‍රතිපාදන වැඩි පමාණයක් වෙන් කරන්න, මන්ද අපේ පිරිම කණඩායම දැන් විනාශ වෙලා ඉවරයි.
අපරාදේ රටේ සල්ලි ටික. මේ අයට ලක්ෂ ගණන් පඩි දෙන්න එපා. තරගය දිනුවත් සල්ලි දෙන ක්‍රමයක් හදන්න. කද බඩ උස්සගෙන දුවන්න බැරි අය එලවල ෆිට්නස් පොඩි කොල්ලෝ ටිකක් හොයාගමු. බෝර්ඩ් එකත් වෙනස්කරලා මහේල, සංගා, දිල්ෂාන්, අරවින්ද වගේ ලගදී සෙල්ලම් කරපු අයගෙන් සපෝර්ට් එකක් ගමු.