(තිළිණි ද සිල්වා )
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා ප්‍රදේශයේදී ශ්‍රී ලාංකික කාන්තාවක් පිහියෙන් ඇන මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සාජා පොලීසිය විසින් ශ්‍රී ලාංකිකයෙකු ඊයේ(15) අත්අඩංගුවට ගෙන ඇතැයි කලීජ් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය. මෙලෙස අත්අඩංගුවට පත් වුයේ 38 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකි.
ඝාතනයට ලක්වූ කාන්තාව වසය අවුරුදු 28ක් පමණ වූ කාන්තාවකි.
මෙම සැකකරු ඝාතනය කර පැය අටක් යාමට මත්තෙන් අත්අඩංගුවට ගැනීමට සාජා රහස් පොලීසියට හැකි වී ඇතැයි කලීජ් ටයිම්ස් වාර්තාවේ දැක්වේ.
මෙම සැකකරු සහ ඝාතනයට ලක්වු කාන්තාව අතර අනියම් සම්බන්ධයක් පැවති බවට පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී තිබේ. නමුත් මෙම ඝාතනයට පැහැදිලි හේතුව කුමක්ද යන්න නිශ්චිතව හෙළි වී නොමැත. සාජා හි මෙයාසලූන් ප්‍රදේශයේ පදිංචිව සිටි ඝාතනයට ලක් වූ කාන්තාව ඉකුත් (14) වැනිදා ඇගේ නිවසේ පිහිනුම් තටාකය අසල මරා දමා තිබියදී හමුවූයේ සාජා පොලීසියට ලැබුණු දුරකතන ඇමතුමකින් පසුවය.
පසුව සිද්ධියට සම්බන්ධ ඝාතකයා සොයා සාජා රහස් පොලීසිය ඝාතනය සිදුවූ ස්ථානයේ ඇගිලි සලකුණු පරීක්ෂණ පවත්වා ඇති අතර ඒ ඔස්සේ කළ පරීක්ෂණ වලින් පසුව සැකකාර ලාංකිකයා ගේ ඇගිලි සලකුණු සමාන වීමත් සමග ඝාතනය කර පැට අටක් යාමට මත්තෙන් මොහුව අත්අඩංගුවට ගැනීමට සාජා පොලීසිය පියවර ගෙන තිබේ.
COMMENTS
කිව්වට තරහ වෙන්න එපා. මෙහෙ ඉන්න 95%ක් පමණ කාන්තාවන්ට අනියම් සම්බන්ධකම් තියෙනවා. ඇය තව කෙනෙක් එක්ක ගියාම කලින් එක්කෙනාට කේන්ති යනවා. මෙහෙ ඉන්න අපේ කුල කාන්තාවෝ කරන ඒවා දැක්කම ලැජ්ජාවේ බැහැ...
නීතිය සාධාරණ ලෙස ඉටුවීම ගැන අරාබි පොලීසිය ගරු කරනවා. උපරිම දඬුවම මේ රටතුළදීම දිය යුතුයි...
චමල්ගේ අණසට එකඟ වෙනවා ...
සිංහල කුල කාන්තාවෝ කොහෙද? චමල් ලංකාවේ ඉන්නේ? මොවුන් කුණු කාන්තාවෝ... ලඟින් යනකොටම භයානක දහදිය ගඳ ගහනවානම්, බදුවල කොහොම ගඳක් ඇතිද?