(නිමල කොඩිතුවක්කු)
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජයට එක්සත් ජාතික පක්ෂයේම පිරිසක් වගකිවයුතු බව සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර ජයමහ මහතා කොළඹදී පැවැසීය.
සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජය වෙනුවෙන් කටයුතු කළ මෙම කණ්ඩායමෙන් පක්ෂය බේරා ගෙන නව ජවයක් ඇතිව ඉදිරි මහ මැතිවරණය ජය ගැනීම වෙනුවෙන් පාක්ෂිකයන් ඒකරාශී විය යුතු බවත් ඔහු සඳහන් කළේය.
කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේ අද(19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නලීන් බණ්ඩාර ජයමහ මහතා මෙසේද කීය
“මෙවර ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා පරාජය කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩි ඡන්ද ලක්ෂ 14 කින් පමණ රටේ ජනාධිපතිවරයා බවට පත් වුණා. මේ පරාජය ගැන අපි පසුවිපරමක් කළ යුතුයි.
මේ පරාජයට සෘජුවම බලපාපු කාරණය වුනේ අපේල් 21 වනදා එල්ල වූ සහරාන්ගේ ප්‍රහාරයයි. සහරාන්ගේ ප්‍රහාරයත් එක්ක ආණ්ඩුවට විශාල විරෝධයක් එල්ල වුණා.
අපි කරපු සමීක්ෂණ වලින් සිංහළ බෞද්ධ ජනතාව අතර අප්‍රේල් මාසයට කලින් සජිත් ප්‍රේමදාස මහතාත් ගෝඨාභය රාජපක්ෂ මහතාත් අතර සීයට 4ක පමණ පරතරයක් පැහැදිලිව පෙන්නුම් කළා. සහරාන්ගේ ප්‍රහාරයෙන් පසුව එම පරතරය සීයට 36 ක් වගේ ප්‍රමාණයකින් ඉහළ ගියා. ඒ නිසා මේ ජනාධිපතිවරණයේදී සහරාන්ගේ ප්‍රහාරය විශාල වශයෙන් බලපෑවා.
ඒ වගේම මැතිවරණය කටේ තියලා එම්. සී සී ගිවිසුමක් එලියට ආවා. එම්. සී. සී ගිවිසුම නුසුදුසු ගිවිසුමක් කියළා මම විශ්වාස කරන්නේ නැහැ. නමුත් මේ ගිවිසුම මගින් අක්කර ලක්ෂ ගාණක් ඇමරිකාවට දෙනවා කියළා ගෝඨාභය රාජපක්ෂ මහතා විශාල වාසියක් ගත්තා.
ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතාට මාධ්‍ය තුලින් ලැබුනෙත් ඉතා අඩු අවස්ථාවක් මෙයත් අපේ මැතිවරණ ව්‍යාපාරයට අහිතකරව බලපෑවා.
ඒ වගේම මැතිවරණ ව්‍යාපාරයේ අරමුදල් ගැන කතා කරද්දී සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රමාණවත් අරමුදල් නොතිබීම මැතිවරණ ව්‍යාපාරය ශකිතිමතත් කිරීමට බරපතල කාරණාවක් වුණා. සජිත් ප්‍රේමදාස මහතාගේ අවුරුදු 26 ක දේශපාලන ඉතිහාසය තුළ සත පහක්වත් හම්බ කර ගත්තේවත් හොරකම් කළේවත් නැහැ.
පක්ෂයට ලැබුණු අරමුදල් කවුද මෙහෙය වූයේ ඒ අරමුදල් නිසියාකාරව එකතු කරගත්තද, එම අරමුදල් මැතිවරණ ව්‍යාපාරයට යෙදෙවුවද කියන ප්‍රශ්ණයත් අපිට තියෙනවා.
ඒ වගේම සිංහළ බෞද්ධ ජනතාව පන්සල වටා ඒකරාශී වූ පිරිසක්. පහුගිය කාළයේ අපේ රජයේ යම් යම් තීන්දු නිසා සිංහළ බෞද්ධ ජනතාව අපෙන් ඈත් වෙලා ගියා. සජිත් ප්‍රේමදාස මහතා එයට වගකිවයුතු පුද්ගලයෙක් නෙමෙයි. නමුත් ඒ කරුමෙටත් එතුමන්ට කර ගහන්න සිද්ධ වුණා.
ඒ වගේම පන්සල් වලටත් එහා ගිහින් දැන් අසපු තියෙනවා. ඒ අසපු අපේ ගමේ පන්සලටත් තර්ජනයක් වෙලා තියෙනවා. ඒ අය අදහන්නේ සැබෑ බෞද්ධ ධර්මයද වෙනත් මතවාදද කියලා මම දන්නේ නැහැ. ඒ අසපු මගින් සෘජුවම සජිත් ප්‍රේමදාස මහතාට විරුද්ධව මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවූවා.
මේ ආණ්ඩුවේ අවුරුදු පහක කාළය තුළ අපේ නායකකාකාදීන් ක්‍රියාකරපු ආකාරය හැසිරුණු ආකාරය සහ බෞද්ධ විරෝධී පිරිසක් ලෙස අපිව නිර්මාණය කරපු ක්‍රියාන්විතයේ ප්‍රථිඵලයක් විදියට අපිට සිංහළ බෞද්ධ ඡන්දත් විශාල ප්‍රමාණයක් අහිමි වුණා.
මේ මැතිවරණ පරාජය පිළිබඳව තවදුරටත් පක්ෂයක් විදියට කණ්ඩායමක් විදියට පසු විපරමක් කරලා ස්වයං විවේචනයක් කළොත් තමයි අපිට මෙතනින් එහාට නිවැරදි කරගෙන ගමනක් යන්න පුලුවන් වෙන්නේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හේතුව රට ගැන හැගීමක්. දැක්මක් නැතිකම. අවුරුදු 4 ක් තිස්සේ රට විනාශ කරලා ආය දුක කියනවා. රට ගැන දැක්මක් නැතුව කොහොමත් ආය එන්න එපා. මිනිස්සු රැවටෙන්නේ නැහැ තවත්.
පිරිසක් නෙවෙයි. ඔක්කොමලා වගකියන්න ඕනේ. මේක ජාතිවාදී මැතිවරණයක් නෙවෙයි එහෙම ලේබල් ගහන්න බෑ. මේක ජාතිකවාදී මැතිවරණයක්. ඔයාල පම්පෝරි ගැහුවා නේද සුළු ජන කොටස්වල සහය නැතුව ආණ්ඩුවක් හදන්න පුළුවන් කමක් නෑ කියලා. මේ රටට ආදරේ මිනිස්සු තවම නැතිවෙලා නෑ යාළුවා.
ඔබතුමාගේ ආසනයත් පැරදියි. ඔබතුමා බින්ගිරියට කරපු දෙයක් නැත. ඔබතුමා ගාව ඉන්න බිංගිරියේ ගෝලයෝ ටික විතරක් රැක ගත්ත එක තමයි කළේ. සුදුසුකම් නැති මිනිස්සුන්ට රැකියා දුන්නා. බින්ගිරියම කලකිරිලා හිටියේ.
ඔබලා ක්‍රියා කළේ සුලු ජාතීන් වෙනුවෙන් පමණි. ඡන්දයේ තීරකයන් වනුයේ මහ ජාතිය මිස සුලු ජාතිකයන් නොවේ.
මහ බැංකු කොල්ලකරුවොත් වගකියන්න ඕනේ.
මහ මැතිවරණය ජයගන්නෙ හීනෙන්ද..?
ඇයි මේකට එකතු කරන්නේ නැත්තේ ඔබතුමාලගේ අපේක්ෂකයා වේදිකාවේ කිව්ව සමහර ගොන් කතා සහ රටක් වශයෙන් ඉදිරියට යාමට එතුමාට දැක්මක් නැති කමත් හේතු උනා කියලා.
මෙන්න මේ වගේ ඇග පුරාම මොලේ තියන ආචාර්යවරුන් නිසා තමයි එහෙම උනේ. මුල ඉදන්ම කලේ මඩ ගැසීම. ඒ මඩ ගැසීම් වලට ඡන්දේ දුන්න කාලේ දැන්වත් අහවරයි කියලා හිතලා තමන්ගේ පරාජය ගැන ස්වයං විවේචනයක් කරන්න. මැතිවරණ ව්‍යාපාරයට සල්ලි නොතිබූනා නම් පත්තරවල මුල් පිටු දෙන්න ඇත්තේ නිකන්. තාමත් හිතන්නේ මිනිස්සු තණකොල කන ගොන්නු කියලා.
යහපාලනයක් තියා ගව පාලනයක්වත් කරගන්න බැරි ඔබ සියලුදෙනාම සජිත් ප්‍රේමදාස මහතාට විරුද්ධව මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවූවා. මැතිවරණ වේදිකාවල කියපු ගොන් කතා ටික ආයිමත් බලන්න.
කොන්දක් තියෙනවානම් ඔය ටික රනිල් ඉස්සරහා ගිහින් කියලා නායකකමෙන් අයින් කරහල්ලකෝ මෙතන නාහෙන් අඩන්නේ නැතුව..
ඔය තමයි බැංකු හොරා.
ඡන්දෙට කලින් කිව්වේ කිසි අවුලක් නැහැ කියලනේ. දැන් මොනවද මෙයා කියන්නේ.
ඔබතුමාගේ කතාව අසම්පූර්ණයි. ඊයේ අසපු නායක හිමිපාණන් ගෝඨාභය ජනපතිට සහය ව්මට බලපෑ හේතු පැහැදිලි කරා. 1. ආණ්ඩුවේ බෞද්ධ විරෝධී සුලු ජාතික පක්ෂ නැලවීම් 2. ඇතැම් අයගේ සිංහලයන් පරදවන සහ අරාබි බසෙන් ජාතික ගී ගයන ප්‍රකාශ 3. රාජිතගේ මඩ දේශපාලනය එක්සත් ජාතික පක්ෂය විනාශය කරා ගියේ ජේ ආර් ජයවර්ධනගෙන් පසු අද දක්වා ගත් සංවේදී වැරදි තීරණ නිසයි. එයට සංඝයාට වරද පටවන්නේ නම් හෙට ද ඔබ පරදින එක වැලැක්විය නොහැක. පෙර UNP එක ජනපතිවරණ පැරදුණ ද පක්ෂය ට හානි නොවුණි. මෙවර පරාජය සමග පක්ෂයේ ඡන්ද පදනමත් සමගියත් නායකත්වයත් සුනු විසුණු විය. නැවත හිස එසවීම වසර 10 කට කල් තබා අද සිට සැලසුම් කල යුතු ය. ඒ වත්මන් ආණ්ඩුවට වැඩ කරන්න නොදී මඩ ගසමින් බකට් ඇද නොව... ඉතා ම සංවර ව න්‍යායාත්මකවය. මොකද ගෝඨාභය ආණ්ඩුව ට නායකයින්ගේ අඩුවක් නැත... UNP එක සන්ධානයක් ලෙස නොව පක්ෂයක් ලෙස ප්‍රතිසංවිධානය විය යුතු ය. නැත්නම් අද JVP එක වෙන් වුණා සේ හෙට මුස්ලිම් සහ දමිල පක්ෂද ඉවත් වුවහොත් එජාපයට ඡන්ද ලක්ෂ 10 වත් පදනමක් ඉතිරි නොවනු ඇත.
ඔය කියන එකක්වත් නොවෙයි. උදු වපුරා තල ගත නොහැකි බව දැනගත්තනම් හොදයි. ඔබලා බලයට ආවට පස්සේ මොනවද කළේ ? රාජපක්ෂලා හිරේ දාන්න මහන්සි ගත්ත මිසක් ජනතාවට දැනෙන්න මොකුත් කළේ නැහැ . අදටත් පරාජිත වියරුවෙන් ගත කරන ඔබලාට ඔය හැටියට අනාගතයේත් තැනක් නැති බව අමතක කරන්න එපා.
ඔය කටවල් නිසයි සජිත් පැරදුනේ. මහ ලොකුවට සජිත් එනවා කියා කෑ ගහපු අයට තම තමන්ගේ ආසනයවත් දිනා ගන්න බැරි වුනා. පම්පෝරියනම් තිබුණා සජිත් දිනනවමයි කියලා. ලොක්කා නැතිනම් සුලු ජාතික ඡන්දවත් ලැබෙන්නේ නැහැ මේ උන්දලාට. දැන්වත් කටපියා ගෙන ඉන්න නායකත්වයට ගරු කරලා. සජිත්ව නැති කරා.
දැන්ද තේරුනේ ? පසු විපරමක් එහෙම කරලා ලෑස්ති වෙන්න. තව අවුරුදු 20ක් වත් විපක්ෂේ ඉන්න වෙයි.
අඩු ගානේ සන්තෝස වෙන්න පුලුවන් සජිත් නිසා විලිවහගන්න ලැබුන එකට. රනිල් ඉල්ලුවනම් ඇපත් නෑ
එජාප අපේක්ෂකයාගේ ගොන් කතාවලින් තරුණ පරපුර අතර ඔහු වගකීමක් දරන්න බැරි පුද්ගලයෙකු බවටත් ජෝකර් කෙනෙක් බවටත් පත්වුනා. තමන්ගේ වල තමන්මයි කපා ගත්තේ. ඒකට කවුරුත් පලි නැහැ නේද ?
දේශප්‍රේමී ජාතික සංවිධාන, ජාතිකවාදී සිංහල බෞද්ධ - කතෝලික ප්‍රජාව, මහා සංඝරත්නය ප්‍රධාන මෙම බලවේග නොසිටින්න ගෝඨාභය ජනාධිපති නොවන්නට තිබුණි. නමුත් රටේ වාසනාවට ගෝඨාභය මහත්මයා හට උතුරෙන් හා නැගෙනහිරින් උග්‍ර බෙදුම්වාදී හා අන්තවාදී ජන්ද ලැබෙනවිට කිසිදු පැකිලීමකින් තොරව දකුණේ සිංහලයා එක පෙලට සිටගනිමින් දැවැන්ත සිංහ පවුරක් රහසිගතව සංවිධානය වෙමින් ගොඩනගා තිබිණි. එහෙයින් හැකි ඉක්මනින් මහමැතිවරණයකට යායුතු අතර, යම්හෙයකින් රනිල්-සිරිසේන ප්‍රමුඛ බඩගෝස්තරවාදී බලකාමී කඳවුරු වලින් එල්ලවන පීඩනය නිසා ලබන මාර්තු වනතුරු සිටින්නට සිදුවුවහොත් ඒ කාලසීමාව තුල බුද්ධිමත් උගත් ප්‍රජාව අතරින් දක්‍ෂයින් තෝරාගෙන ඔවුන්ට අමාත්‍යංශ බාරදී මේ රටේ ජනතාවට උපරිම සහන සලසමින් ආදර්ශමත් දේශපාලන සංස්කෘතියක ලක්‍ෂණ පෙන්විය යුතුය. එවිට එළඹෙන මහා මැතිවරණය දැවැන්ත ජන්ද සංඛ්‍යාවකින් දිනා ශක්තිමත් නීරෝගී ආණ්ඩුවක් පිහිටුවිය හැකිය. සියළු ගැටළු ධනාත්මකව දකිමු.! ගෝඨා නැවතත් ඔබට ජය...!!!
මංගල තවමත් බුදුදහමට නිගා කරනවා. එජාපෙට හීනෙන්වත් මහා මැතිවරණය දින්නට හිතන්නවත් බෑ.
කතාව වැරදියි. මුල ඉඳලා අගට යනකල්ම සජිතුත් මෙම පරාජයට වග කිව යුතුයි. 2015 දී ජනතාවට බොරු පොරොන්දු දීලා ජනතාවට අවුරුදු 4 ක් ඇතුලත කොකා පෙන්නපු එකේ ප්‍රතිඵලය තමා මේ.
ඕකට හේතු ගොඩක් තියෙනවා. මහජාතිය සහ පන්සල අමතක කිරීම. දෙවෙනි එක මිනිස්සු හිතුවා සිරිසේන වගේ දුර්වල නායකයෙක් එදා ගෙනාවේ එජාපය. ඉතින් මිනිස්සු සජිත්වත් ඒ කෝණයෙන්මයි බැලුවේ. ඉදිරියේදී උගත්කම නොමැතිව ලේසි නෑ ජනාධිපති සටනක් දිනන්න. තුන තමා පාස්කු සිද්ධිය සහ බොලද ලෙස ආණ්ඩුව කිරීම. වැඩවර්ජන ඇදි ඇදි යනකන් උඩ බලන් හිටියා. අන්තිමට වැඩවර්ජකයෝගේ ඡන්දත් නෑ සාමන්‍ය මිනිස්සුන්ගේ ඡන්දත් නෑ... දත් දොස්තර උන්නහේගේ විහිලු. සමරවීරගේ කටකැඩිච්ච කතාත් ලොකුවට බලපෑවා.. අනික ඉතින් රනිල්.
මොකුත් නොවෙයි බුද්ධාගමට කරපු වින්නැහියම තමා පළදුන්නේ...... මතක තියාගන්න මේ රටේ තාම රහතුන් වහන්සේලා වැඩ සිටින වග.
සජිත් පැරදුනේ සරත් ෆොන්සේකා නිසා...මෙයිගේ කතා වලට මිනිස්සු හූ කිව්වා.
ඔබලාට කෙලින් හිටගෙන ඉන්න රටේ හැටනම ලක්ෂයක් ඡන්දය පාවිච්චි කලා,ඒ ගැන සතුටු වෙන්න
ඔය කාරණාවල යම් යම් කරුණු සත්‍ය වුවත් ඊට වඩා බලපෑවේ සජිත් මහතාගෙ විහිළු කථා ලංකාවේ කල නෙහැකි ගල් පැලෙන බොරු කිව්වා මමත්වය එයා තමයි සියල්ල දන්න එකම පුද්ගලයා කියලා අහංකාරකම් පෑවා. අනිත් ජනතාව පහලට දැම්මා එතුමා ඔබ ඇතුළු සියල්ල මඩ ප්‍රචාර කලා බෞද්ධයන්ට නිගා කලා අනිත් කරුණ පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වුවන්ට සුදු හුණු ගෑවා පුලුවන් තරම් චිත්‍රපට ජවනිකා රඟ දක්වලා ජනතාව ඉදිරියෙ විහිළුකාරයින් බවට පත් වුණා.
රනිල් සජිත්ට නායකත්වය දීලා අයින් වුනානම් මීට වඩා ගොඩක් ඡන්ද ලැබෙනවා
තව කියවන්නේ නැතිව ඔහෙත් අස්වෙලා යන්නකෝ....
එජාපයේ පිරිසක් නොවෙයි ඔයාත් ඇතුළුව මුළු ආණ්ඩුවම වග කිවයුතුයි. එජාපෙට පක්ෂයක් හැටියට ඉන්න පුළුවන් නමුත් රටක් ආණ්ඩු කරන්න බැහැ. ඒ බව අපි 1952 සිටම දැක්කා.
ඒ අගමැති 1952 අගමැති වෙලා 1953 දාලා ගිය බඩේ අමාරුවකට. හැබැයි රටේ තිබුනේ හර්තාල් අමාරුව.