IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


විපක්ෂයට ප්‍රශ්න ඇසීම සීමා කිරීමෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

(බන්දුල ඉලේපෙරුම)

විපක්ෂයට ප්‍රශ්න ඇසීමේ අවස්ථාව සීමා කිරීම හේතුවෙන් අද(21) පාර්ලිමේන්තුව ආරම්භයේදීම උණුසුම් තත්ත්වයක් ඇතිවිය. කොවිඩ් 19 වෛරසය මැඩපවත්වන එන්නත සම්බන්ධයෙන් ප්‍රශ්නයක් විපක්ෂය ඉදිරිපත් කිරීමට ගිය අවස්ථාවේ මෙම තත්ත්වය ඇතිවූ අතර ප්‍රශ්න 8ක් පමණක් ඇසීමට සීමා කර තිබීම පිළිබඳ විපක්ෂ මන්ත්‍රීවරු දිගින් දිගටම විමසා සිටි‍ අතර සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ කථානායකවරයාගේ තීන්දුවට ගරු කළ යුතු බවත් එය අවසන් තීන්දුව බවත්ය.

රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රිවරයා - “තමුන්නාන්සේට ඕන තීන්දු දෙන්න බෑ. කරුණාකර පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරන්න. පාර්ලිමේන්තුවේ රීති තියෙනවා. ඔබතුමාට ඕන විදියට කටයුතු කරන්න බෑ.

මේකේ ස්ථාවර නියෝග තියෙනවා. ඔබතුමා නාමල් රාජපක්ෂ කියන විදියට ඔබතුමා වැඩකරන්නේ. ඔබතුමාගේ ප්‍රතිරූපයට මේක හානියක්”

කථානායක - “මම තීන්දුවක් දීලා තියෙනවා. ඒක වෙනස් කරන්නේ නෑ. කරුණාකර සභාවේ කටයුතු ඉදිරියට ගෙනයන්න.”



අදහස් (8)

විපක්ෂයට ප්‍රශ්න ඇසීම සීමා කිරීමෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

Rata Perata Saturday, 21 November 2020 08:30 AM

මේ කථානායක රාජපක්ෂලාගේ කෙනෙක්.. රටේ තත්වය හරිම භයානකයි.

:       1       47

nimalSaturday, 21 November 2020 01:46 PM

සජිත් මොනවා කිව්වත් දැන් කවුරුත් ගණන් ගන්නේ නැත. එයට හේතුව නම් සජිත් සහ කණ්ඩායම ජනාධිපතිවරණයේදී කියා සිටියේ ඔවුන් ජනාධිපතිවරණය පරාදවූයේ කකුලෙන් දීම නිසා බව කියමින් එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයා රැවටීමකට ලක්කළේය. කෙසේ නමුත් ඔහු ලක්ෂ 55ක් ඡන්ද ලබා ගත්තේය. ඉන්පසු ඔවුන් වෙනම පක්ෂයක් කුලියට ගෙන එමගින් මැතිවරණයට ඉදිරිපත් විය. එහිදී ඔහුගේ කකුලෙන් ඇදීමට කිසිවකු සිටියේද නැත. නමුත් ඔවුන් මොනවා කීවද එක්සත් ජාතික පාක්ෂිකයා සිටින්නේ ඔවුන් සමග නොවන බව මැතිවරණයෙන් පසු ඔහුට අවබෝධ වන්නට ඇත.

:       26       3

ChandanaSaturday, 21 November 2020 04:53 PM

මේ කථානායකගේ ඇති තත්වය වන්නේ ඡන්දය විමසීමේදී නියමිත පරදි සිදුකරනවා විනා ශබ්දය අනුව ඡන්දය විමසීමේ විද්‍යාත්මක ක්‍රමය භාවිතා නොකිරීමයි. පාර්ලිමේන්තුවට යෝජනා ගෙනෙන විට ස්ථාවර නියෝග අත් හිටුවන්නේ නැතුව එය විධිමත් ක්‍රමයට සිදු කරන ලෙස දැනුම්දීමයි. මෙලෙස විධිමත් පරිදි සියල්ලම සිදුවන්නේත් බහුතර බලය තිබියදීමයි.

:       12       2

gamunuSunday, 22 November 2020 01:17 AM

covid -19 වෛරසය පිළිබඳව කැනඩාවේ අගමැති පවා නොදන්නා මිලියන ගණනක වැක්සීන් අතිරික්තය පිළිබඳව සජිත් දැනගත්තේ කෙසේද කියා කැනඩා අගමැතිවරයා සජිත්ගෙන් දුරකතනයෙන් විමසීමක් කොට ඇත. එවිට සජිත් කියා ඇත්තේ පාර්ලිමේන්තුව තුළදී ඔහු විසින් කරන ලද ප්‍රකාශ කිසිවෙකුට පිළිතුරු දීමට ඔහු බැඳී නොමැති බවකි.

:       0       0

දිමුත් Saturday, 21 November 2020 09:39 AM

මොනවා වුණත් කතානායක තනතුර බාල්දු වෙන්න හොඳ නැහැ..

:       5       24

Bandar Saturday, 21 November 2020 11:19 AM

මරු විපක්ෂෙ. කිසිම ආර්ථික හෝ දේශපාලන දැක්මක් නැති විපක්ෂ නායකයෙක්... ආණ්ඩුව හෝ විපක්ෂයේ කිසිඳු පක්ෂයක් වැඩකට නැති අවලාද කියනවා මිස, තම ආර්ථික හා දේශපාලන දර්ශනය ඉදිරිපත් කර ඒ ගැන සංවාද කරනවද? අනිත් අය වැරදි නම් තමන්ගේ වැඩපිළිවෙළ මොකක්ද? අප්පිරියයි දැන්නම්.

:       43       3

NishanthaSaturday, 21 November 2020 06:47 PM

"කංසා වවලා ණය බරින් මිදෙමු" ආණ්ඩුවේ හොඳ ආර්ථික හෝ දේශපාලන දැක්මක්

:       0       16

Demuni Uduwara Saturday, 21 November 2020 01:54 PM

ආඥාදායකත්වයේ ලක්ෂණයක්...

:       0       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 167 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1018 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site