IMG-LOGO

විධායක ජනපති ධුරය අහෝසි කිරීමේ ජවිපෙ යෝජනා අනුමත කරනවා‘ -ගාමිණි වියන්ගොඩ

(විනීතා එම් ගමගේ)

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා වන ජනතා විමුක්ති පෙරමුණේ යෝජනා අනුමත කරමින් එය රට පුරා ජනතාව අතරට ගෙන යාමටත් කටයුතු කරන බව පුරවැසි බලය සංවිධාන යේ කැඳවුම්කාර මණ්ඩල සාමාජික ගාමිණි වියන්ගොඩ මහතා පැවැසීය. 

මෙම යෝජනාව ජවිපෙ විසින් ඉදිරිපත් කරන තුරු සිටීම  ගැන ජනාධිපති වරයා සහ අගමැතිවරයා ලැජ්ජාවට පත්විය යුතු බව ද පුරවැසි බලය සංවිධානය මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ අද (30) පැවත්වූ මාධ්‍ය හමුවක් අමතමින් වියන්ගොඩ මහතා ප‍්‍රකාශ කළේය. 

විධායක ජනාධිපති තනතුර නිසා රටක් ලෙස  ඇතිවිය හැකි ප‍්‍රශ්න ගැන සාකච්ඡා කළ යුතු නමුත්  එසේ කළ යුත්තේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා යන ප‍්‍රතිපත්තියේ ඉදගෙන යැයි ද හෙතෙම කියා සිටියේය.

වියන්ගොඩ මහතා මෙසේ ද කීය.

‘‘ චම්පික ඇමතිතුමා කියල තිබුණා විධායක ජනාධිපති ධූරය තව දුරටත් තිබිය යුතුයි කියලා. එතුමා ඉන්නේ 2025 ජනාධිපතිවරණයට තරඟ කරන්නයි. ඒ නිසයි මේ  ක‍්‍රමයට විරුද්ධ. හැම දෙනාම තමන්ට හෝ තම පක්ෂයට අත්විය හැකි වාසි හෝ අවාසි තීරණය කරමින් මේ ගැන තීන්දු ගන්නවා. නමුත් පුද්ගලවාදීව බැලීමෙන් ඉවත්වෙලා අනාගත පරම්පරාව වෙනුවෙන් තීරණ ගතයුතු අවස්ථාවයි මේ. 


ජනතා විමුක්ති පෙරමුණ මේක ඉදිරිපත් කිරීම කාලෝචිතයි. ඒ ඔවුන් විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බවට මුලින්ම ලිඛිතව පොරොන්දුවක් දුන් නිසා. ඔවුන්ට මේ ගැන සැබෑ අයිතියක් තිබෙනවා. දැන් හෝ එය ගෙන ඒම හොඳයි. 


මෙම කෙටුම්පත ගෙන ඒමේ පළමු වගකීම ඇත්තේ වත්මන් ජනාධිපතිටයි. ඊළඟට ඒ වගකීම ඇත්තේ අගමැතිවරයාටයි. මේ දෙදෙනාම කිහිප වතාවක්ම මේ විධායක ජනාධිපතිධූරය අහෝසි කරන බවට පොරොන්දු වුණා. ඔහුගේ පක්ෂයත් මේ රටට ඒ පොරොන්දුව දුන්නා. එසේ තිබියදී ජනතා විමුක්ති පෙරමුණ පෞද්ගලික යෝජනාවක් ලෙස මේ යෝජනාව ගෙන ඒම ගැන සතුටු විය හැකියි. යහපාලනයේ වගකීම සැබෑ ප‍්‍රශ්න සාකච්ඡා කරමින් මේ ක‍්‍රමය අහෝසි කිරීමයි.’’ යැයි ද වියන්ගොඩ මහතා පැවැසීය. 

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික සභාව වෙනුවෙන් අදහස් දැක්වූ මහාචාර්ය සරත් විජේසූරිය මහතා මෙසේ කීය.

 
‘‘ මේ යෝජනාව ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ඒම ගැන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ලැජ්ජා විය යුතුයි. සෝභිත හිමියන් එදා තේමාව ලෙස ගෙන ගියේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළයුතුමයි කියලයි. ඒ තේමාව ඔස්සේ මැතිවරණ ව්‍යාපාරය ගෙන ගොස් වත්මන් අණ්ඩුව බලයට ආවේ. 


ඒ බව සිහි කරමින් ජනාධිපතිවරයා සෝභිත හිමියන්ගේ අවසන් කටයුතු සිදුවෙන මොහොතේ විධායක ජනාධිපතික‍්‍රමය අහෝසි කරන බවට යළි සපථ කළා. 


මා සිතන්නේ ජනාධිපතිවරයා සෝභිත හිමියන් අපවත්වන තුරුම විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න සිතා සිටියා. නමුත් එතුමාගේ උපදේශකයන් විසින් ඒ ගැන ජනාධිපතිවරයාගේ මතය වෙනස් කර තිබෙන හැඩයි. 



අදහස් (18)

විධායක ජනපති ධුරය අහෝසි කිරීමේ ජවිපෙ යෝජනා අනුමත කරනවා‘ -ගාමිණි වියන්ගොඩ

desilva Wednesday, 30 May 2018 12:00 PM

අපේ රටේ දේශපාලකයෝ හැමදෙයක්ම කරනවා නොකරන එකම දෙය බලයට පත්වුනාට පස්සේ මැති වරණයට ප්‍රථම දුන් පොරොන්දු ඉටු කිරීම.

:       126       105

piyal Wednesday, 30 May 2018 12:39 PM

ජවිපෙන් වත් එජාපෙන් වත් අපේක්ෂකයෙකුට විධායක ජනාධිපති විය නොහැකි නිසාත් පොහොට්ටුවෙන් එන අපේක්ෂකයෙකුට වැඩි වාසියක් තිබෙන නිසාත් නේද ඔහොම කියන්නේ? කඩන්න බැරි වුනහම නරියා මිදී තිත්තයි කියනවා. විධායක ජනාධිපති ක්‍රමයේ අඩුපාඩු තිබුනත් රටේ ඒකීය භාවය රැකෙනවා.පරණ පොරොන්දු කාලෙන් කාලෙට වෙනස් වෙන්න පුළුවන්.

:       511       1310

upasenaWednesday, 30 May 2018 01:05 PM

ඇයි ඔයිට කලින් ඒකීය භාවය රැකිලා නැද්ද? ලංකාවට ඔය හැම වින්නහියම සිද්ධ වුනේ 30 අවුරුදු යුද්ධය ඇතුළු හැම එකම ඔය විධායක ජනාධිපති ක්‍රමය හරහා තනි පුද්ගලයකු අත බලය කේන්ද්‍ර වීම හින්දයි.

:       606       287

BamunuarachchiWednesday, 30 May 2018 06:21 PM

නොදන්නා දේවල් කතා කරන්න එපා

:       23       226

BamunuarachchiWednesday, 30 May 2018 06:25 PM

ඔබ හරි පියල්. විධායක බලය එපා කියන මිනිස්සු ගිරව් වගේ කෑගහන ජාතියක්. ඇයි එපා කියන්නේ කියලා ඇසුවාම උත්තර දෙන්න බැහැ.

:       252       339

Ruwan Wednesday, 30 May 2018 12:51 PM

විධායක ජනාධිපති ධූරය අහෝසි කලොත් අපේ රට හතරට පහට කැඩෙනවා.

:       294       684

සමන්තWednesday, 30 May 2018 05:34 PM

1947 ඉඳලා 1978 දක්වා කෑලි කීයකට කැඩුනද...?

:       218       30

SenarathThursday, 31 May 2018 04:40 AM

එදා පළාත්සභා තිබුණේ නැහැනේ, ඒ නිසයි නොකැඩි තිබුනේ. ඒත් 1987 දී ඉන්දියාව බලෙන් පටවපු පළාත්සභා නිසා දැන් එහෙම වෙන්න ඕනේ තරම් ඉඩකඩ තියෙනවා විධායක ජනපති කෙනෙක් නොමැතිවිට. වර්ධරාජා පෙරුමාල් වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත්කළා මතක ඇතිනේ . එදා විධායක බලය තිබුණු නිසා පලත්සබාව විසුරුවල එකෙන් බේරුනේ .

:       0       0

naradha Wednesday, 30 May 2018 01:14 PM

ලංකාව වැනි කුඩා රටකට වඩාත්ම යෝග්‍ය වන්නේ ශක්තිමත් විධායක ජනපති ක්‍රමයක් පමණයි. එවැනි තනතුරකට අවංකවම රටේ ප්‍රගතිය සඳහා දැඩි තීරණ ගත හැකි පුද්ගලයෙකු පත්වීම පමණයි අවශ්‍ය. එමෙන්ම ලංකාවට විශාල මන්ත්‍රී මණ්ඩලයක් හෝ කැබිනට් මණ්ඩලයක්ද අවශ්‍ය නැහැ.

:       101       409

ධනුෂ්කWednesday, 30 May 2018 04:33 PM

නාරදගේ අදහස හොඳයි එ්ත් අවුල තියෙන්නේ එහෙම පුද්ගලයින් මේ ධූරයට පත් නොවන එකනේ.

:       1       5

ඉරාන් Wednesday, 30 May 2018 01:35 PM

මේගැන කතා කරන්න තියෙන සුදුසුකම් මොනවද? මොවුන්ට මුදල් ලැබෙන්නේ කොහෙන්ද? මෙම ඊනියා සංවිධානය නීත්‍යානුකූල සංවිධානයක්ද?

:       121       681

BamunuarachchiFriday, 01 June 2018 12:13 AM

මොහු සින්හලයින්ටම වින කරන තවත් සිංහලයෙක්. මොවුන් NGO මුදල් වලින් යැපෙන අය.

:       0       0

BamunuarachchiFriday, 01 June 2018 12:16 AM

මොහු සින්හලයින්ටම වින කරන තවත් සිංහලයෙක්. මොවුන් NGO මුදල් වලින් යැපෙන අය.

:       0       0

sugathapala Wednesday, 30 May 2018 04:02 PM

පාලනයක් නොමැතිව පළාත් සභා බල ගැන්වුවොත් මොකද වෙන්නේ කියලා ඕනේ කෙනෙකුට තේරෙනවා.

:       0       208

gayan Thursday, 31 May 2018 12:11 AM

විධායක ජනාධිපති ක්‍රමය නැතිව අවුරුදු 30ක් අපි හිටියා. විධායක ජනාධිපති ක්‍රමය යටතේ 40 ක් හිටියා. රට ආපස්සට මිසක් ඉස්සරහට ගිහින් නෑ. ප්‍රශ්නෙ තියෙන්නෙ මෙතන නෙමෙයි. වල්ගෙ පාලගෙන ඔක්කොම දඟලනවා. අපි මොනව කරන්නද?

:       0       0

Lebbe Thursday, 31 May 2018 06:06 AM

එදා විධායක බලය තිබුන නිසා බය නැතිව නියෝග දීලා යුද්ධය ඉවර කලා. පහුගිය අවුරුදු 3 ට බලයක් නැතුව උතුරේ අය දැන් කරන වැඩ පේනවා නේද. දැන් විධායකය එපා කියන පුද්ගලයන් අද නැහැ විධායකය තිබ්බේ නැත්නම් බෝම්බවල අහුවෙලා මැරිච්ච තැන් වල ලොකු ගස්. අතීතය මතක නැති කම සිංහලයාගේ තියන ලොකුම දුර්වලකම.

:       0       0

kalani Thursday, 31 May 2018 08:19 AM

විධායක ජනාධිපතිධුරය අහෝසි කරන බව චන්ද්‍රිකා,මහින්ද,සහ මෛත්‍රී යන හිටපු ජනාධිපතිවරිය මෙන්ම ජනාධිපතිවරු දෙදෙනා ජනතාවට පොරොන්දු වුනා. එම ධුරය හඳුන්වා දුන් එජාප යද දැන් එය අහෝසි කිරීමට කැමැත්ත පල කර සිටියි. ප්‍රධාන පක්ෂ සියල්ල පොරොන්දු දී තිබියදී දැන් විරෝධ පාන්නේ නම් එය දේශපාලන අකටයුතුකමකි. දසක හතරකට ආසන්න කාලයක් විධායක ජනාධිපතිධුරය රටට අත්කර දී ඇති වෙහෙස හොඳටම ඇති.

:       0       0

rocky Friday, 01 June 2018 03:23 AM

අදහසට නම් අපිත් එකඟ වෙනවා. එත් අනේ, මේ මහත්තය කවුද? අපේ රටේ දේශ පාලනය ගැන විධායක බලධාරියෙක්ද? ලෝක දේශපාලන උපදේශකයෙක්ද?කොහෙන් කඩා පාත් වුන එන්ජීඕ පප්පෙක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 264 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 792 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1205 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site