IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


වැඩ බැලීමට කළ පත්කිරීම අර්බුදයකට යන හැඩ

(උපාලි ආනන්ද)

උතුරු මැද පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ  නියෝජ්‍ය ආදායම් කොමසාරිස් තනතුර සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතිද්දී එම තනතුරේ වැඩ බැලීමට ජ්‍යෙෂ්ඨ තක්සේරුකරුවෙකු පත් කර තිබේ.

උතුරු මැද පළාත් රාජ්‍ය  සේවා  කොමිසන් සභාවේ ලේකම් ඩබ්ලිව් ඒ ආර් විමලසිරි මහතා විසින්  එන්සීපී/පීඑස්සී/8/11/09 දරණ පත්වීම් ලිපිය මගින් පළාත් නියෝජ්‍ය ආදායම් කොමසාරිස් තනතුරේ  වැඩ බැලීමට මෙලෙස පත් කර ඇත්තේ උතුරු මැද පළාත් ආදායම්  දෙපාර්තමේන්තුවේ  ජ්‍යෙෂ්ඨ තක්සේරුකරුවෙකු වන එච් .අබයකෝන් මහතාය.

මෙවැනි  තනතුරකට හෝ එවැනි තනතුරක වැඩ බැලීමට යම් නිළධාරියෙකු පත් කිරීමේදී මොනයම් හෝ හේතුවක් නිසාවත් පුර්ව දිනයක් නොයෙදිය යුතු බව 2009 පෙවරවාරි මස 20 වන දින නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයේ  කාර්ය පටිපාටි  රීති 1 වන ඛාණ්ඩයේ 3  පරිච්චේදයේ සඳහන්වේ. 

එහෙත් එච්. අබයකෝන් මහතා උතුරු මැද පළාත් නියෝජ්‍ය ආදායම් කෙමසාරිස් තනතුරේ වැඩ බැලීමට පත් කර ඇත්තේ 2013 වසරේ ඔක්තෝබර් මස 29 වන දින සිට ක‍්‍රියාත්මක වන පරිදිය .මෙම පත් කිරීම සම්බන්ධයෙන්  උතුරු මැද පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් ඩබ්ලිව් ඒ ආර් විමලසිරි මහතාගෙන්  දුරකථනයෙන් විමසූ විට  ඔහු ඊට පිළිතුරු ලබා දුන්නේ මෙසේය.

ප‍්‍ර: ලේකම් තුමා උතුරු මැද නියෝජ්‍ය පළාත් ආදායම් කෙමසාරිස් තනතුරේ වැඩ බැලීමට ජ්‍යෙෂ්ඨ තක්සේරුකරු අබයකෝන් මහතා පත් කරලා තිබෙනවද?

උත්තර: ඔව් පත් කළා 

ප‍්‍රශ්නය: නියෝජ්‍ය පළාත් ආදායම් කොමසාරිස් තනතුර සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ නඩුවකුත් තිබෙනවා ඒ අනුව මෙම පත් කිරීම නිත්‍යනූකුලද?

උත්තරය:: ආණ්ඩුකාරතුමාගේ අනුමැතිය ලැබිලා තිබෙනවා ඒ අනුව පත් කළා. ඒක නිත්‍යනුකූලයි ඇයි මොකක්ද ප‍්‍රශ්නය?

ප‍්‍රශ්නය: ලේකම් තුමා මෙවැනි  පත් කිරීමකදි කිසිදු හේතුවක් නිසාවත් පුර්ව දිනයක් නියම නොකළ යුතු බව ගැසට් නිවේදනයේ පැහැදිලිව සඳහන්ව  තිබෙනවා. එහෙත් ඔබ තුමා මෙම පත් කිරීම කරලා තිබෙන්නේ එම නියමයට පටහැනිව 2013 10 29 වන දින සිට බල පැවැත්වෙන  පරිදි  හිග දීමනාද සහිතව එවැනි තත්වයක් තුල මෙම පත් කිරීම නිත්‍යනුකුලද?

උත්තරය: ඒ ගැන හොයලා බලන්න ඔන එහෙම දෙයක් කවුරුවත් පෙන්නලා දීලා නැහැ අපට

ප්‍රශ්නය: ඒ කියන්නේ ගැසට් නිවේදනයේ  එවැනි කොන්දේසියක්  තිබෙනවා කියලා නොදැනද ඔබ මෙම පත්වීම කළේ?

උත්තරය: ඒ ගැන හොයලා බලන්න  ඕන

උතුරු මැද පළාත් ආදායම් දෙපාර්තමේන්තුවට නියෝජ්‍ය ආදායම් කොමසාරිස්වරයෙකු හෝ වැඩ බලන නියෝජ්‍ය අදායම් කොමසාරිස්වරයෙකු පත් කිරීම අභියෝගයට ලක් කරමින් එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ  තක්සේරුකරුවෙකු වන ඩි. ටී. ජී .ඩී ඒ කවිකුමාර මහතා ජනාධිපති නීතිඥ මනෝහර සිල්වා මහතා මගින් අභියාචනාධිකරණය හමුවේ නඩුවක් පවරා ඇති අතර  එම නඩුව යළි කැඳවීමට නියමිතව ඇත්තේ ලබන ජූනි මස 26 වැනි දිනටය



අදහස් (0)

වැඩ බැලීමට කළ පත්කිරීම අර්බුදයකට යන හැඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 159 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1011 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site