(තරිඳු ජයවර්ධන සහ ඉන්දිකා රාමනායක)
සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදී පොදු දේපොළ විනාශ කිරීමේ සිද්ධියට සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ඇතුළු පස් දෙනා ලබන 19 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
තවත් සිසුන් අට දෙනෙකු හඳුනාගෙන ඇති බවත්, ඔවුන් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලිසිය කීවේය.
මුලින්ම 11.30ට පමණ කැඳවූ අතර දහවල් 1 පමණ වන තුරු නඩුවේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම් සිදු විය. යළි දහවල් දෙකට පමණ පැමිණිල්ල කැඳවූ අතර සවස හතර පමණ වනතුරු කරුණු ඉදිරිපත් කිරීම් සිදු විය.
පැමිණිල්ල වෙනුවෙන් පොලිසිය සමඟ නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ ජනක බණ්ඩාර මහතා පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කළේය.
නඩුවේ පළමු , සිව් වැනි සහ පස් වැනි සැකකරුවන් වෙනුවෙන් නීතීඥ රෙක්සි පියදාස මහතා සමඟ ගාමිණී ඒකනායක මහතා ද, දෙවැනි සැකකරු වෙනුවෙන් නීතීඥ නුවන් බෝපගේ, චතුර වෙත්තසිංහ, ජයන්ත දෙහිඅත්තගේ සහ අසිත සිරිවර්ධන මහත්වරු ද, තුන් වැනි සැකකරු වෙනුවෙන් නීතීඥ ධම්මික මහතා ද පෙනී සිටියහ.
සිකකරුවන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලමින් නීතීඥවරු දිගින් දිගටම කරුණු ඉදිරිපත් කළහ.
මෙම සැකකරුවන් පොදුදේපොළ පනත යටතේ නඩුව අවසන්වන තුරු රිමාන්ඩ් බාරයේ තැබිය හැකි බවත්, සුවිශේෂී කරුණු නැතිනම් ඔවුන් තවදුරටත් රිමාන්ඩ් කරන ලෙසත් පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතීඥවරයා ඉල්ලා සිටියේය.
සැකකරුවන්ට ඇප ලබා දීමට තරම් සුවිශේෂී කරුණු ඉදිරිපත් නොවූ බව තීරණය කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 19 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ.... නීතිය හරියට ක්‍රියාත්මක කරන්න.
අන්තිමේ බලනකොට අධි වේගයේ යන මේ ගොල්ලන්ගෙයි, නළු-නිළියන්ගෙයි වෙනසක් නැහැ... රටට කල දෙයක් නැත. පුවත් මව මවා අනුන්ගේ කාලය කා දමනවා ඇරෙන්න...
මේ කියන පුද්ගලයා එළියේ තියලා අහිංසක කොල්ලන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරලා රටට කෝටි ගණන් පාඩු කරගන්නවාට වැඩියෙන්, ඔහොම තියලා ඕනෑ නම් වායු සමනය කරපු කමරයකුත් දීල තුන්වේලටම බුරියානි කන්න දුන්නත් රටට ලාබයි වගේ....
අසරණ දරුවන් අගතියට පත් කරන අයට නිසි දඬුවම් දියයුතු බව මගේ ඒකායන අදහසයි.
තව නිව්ස් එකක තිබුන මෙයාට වයස 32 යි, ලමයි දෙන්නෙක්ගෙ තාත්ත කෙනෙක් කියල, එහෙමනම් මොනවද තවම විශ්ව විද්‍යාලෙ කරන්නෙ ?
පසුගිය ඉරිදා පුවත් පතක තිබුන ගොඩනැගිල්ලට හානිකලේ STF කියල. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වැඩකරන අය කියන්නෙත් එ්කයි. අපි නම් දැක්කේ නැහැ. නමුත් සිසුන්ට වටකරලා යන්න නොදී ගැහුවා කියලත් කියනවා. සිසුන් කඩනවා බිදිනවා දර්ශන ITN එකේ තිබුනෙත් නැහැ. ඒ කියන්නේ සිසුන් කැඩූවේ නැහැ කියන එකද? සත්‍ය ජය ගනීවා...නමුත් ප්‍රමාද නොවේවා.