IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලක් දූත පිරිස 37 වැනි මානව හිමිකම් සැසියට පිටත් වෙති

( තිළිණි ද සිල්වා )
 
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසිවාරයට සහභාගීවිම සඳහා ශ්‍රී ලංකා රජයේ නියෝජිත පිරිස අද (19) දිවයිනෙන් පිටත්ව ගියේය
 
ඒ අනුව විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා , විශේෂ කාර්යය භාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා  සහ පළාත් පාලන අමාත්‍ය.ෆයිසර් මුස්තාෆා  ඇතුළු කණ්ඩායමක් ජිනීවා බලා පිටත්ව යන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේය.
 
මීට අමතරව විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් මණ්ඩලයක්ද සහභාගී වුහ.
 
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසිවාරය පසුගිය පෙබරවාරි මස 26 වනදා ආරම්භ වූ අතර එය මාර්තු මස 23 වනදා දක්වා පැවැත්වේ.
 
ඒ අනුව එළඹෙන 21 වැනිදා  ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු ඔහුගේ වාර්තාව ඉදිරිපත් කිරිමට නියමිතය.
 
මෙම වාර්තාවට ප්‍රථම වාර්තාවක් ඉදිරිපත් කරමින් මානව හිමිකම් කොමිසාරිස්වරයා පවසා සිටියේ මෙරට වගවීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමක් කළ යුතු බවයි.
 
කෙසේවෙතත් මහ කොමසාරිස්වරයාගේ වාර්තාව සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යවරයා අදහස්  දැක්වීමට නියමිතව තිබේ.
 
මේ අතර මෙරට විශ්ව කාලාන්තර සමාලෝචනය පිළිබඳ වාර්තාව අද දිනයේ සම්මත කර ගැනිමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.
 
සෑම වසර 05කට වරක්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් 193හිම මානව හිමිකම් තත්ත්වය කාලාන්තර වශයෙන් සාමාලෝචනය කරන ක්‍රියාවලිය විශ්ව කාලාන්තර සාමාලෝචනය ලෙස හදුන්වනු ලබයි.
 
2007 වසරේදී මෙම විශ්ව කාලාන්තර සාමාලෝචනය හදුන්වාදී ඇති අතර මේ දක්වා පූර්ණ සාමාලෝචන වට දෙකක් පවත්වා තිබේ.



අදහස් (3)

ලක් දූත පිරිස 37 වැනි මානව හිමිකම් සැසියට පිටත් වෙති

chanduli lehansha Monday, 19 March 2018 11:27 AM

ආණ්ඩුවට බිල් දාලා විතරක් එන්න එපා. රට වෙනුවෙනුත් යමක් කරලා එන්න. සුබ ගමන් !!!.

:       0       13

uddika Monday, 19 March 2018 11:31 AM

වැඩක් නැහැ. අපේ සල්ලි වලින් ගිහින් රවුම් ගහලා එයි. එච්චරයි වෙන්නේ. අඩු ගානේ අහන දෙයකටවත් කොන්ද පණ ඇතුව උත්තර දෙන එකක්යැ..

:       0       36

සනත් ඉතාලිය Monday, 19 March 2018 12:07 PM

මේ අය එනකොට පෙරහැර ගිහින්... යුරෝපයේ සිටින ශ්‍රී ලාංකික අපි නම් ඊයේ අපේ විරෝධතාවය දක්වලා අපිට ලබාදුන්න පැය තුනක කාලෙන් උපරිම ප්‍රයෝජන ගත්තා...

:       0       79

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 80 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 938 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site