IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලක්ෂ 45ක රත්තරන් ඉන්දියාවට පන්නන්න හදලා

( ටී.කේ .ජී.කපිල )
   
කිලෝ ග්රෑම් එකක පමණ බරකින් යුත් රත්තරන් තොගයක් තම සිරුරේ   සඟවා ගෙන නීතිවිරෝධීව ඉන්දියාවට රැගෙන යෑමට තැත් කළ පුද්ගලයකු කටුනායක ගුවන් තොටුපොළේ දී  අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.
  
සැකකරු කොළඹ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි.   ඉන්දියාවේ කොයිම්බතූර් බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. -193 දරන යානයට යෑමට කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණි .
 
මෙම පුද්ගලයා තම සිරුරේ   රත්තරන් බිස්කට් 04 ක් , රත්තරන් කැබලි 03 ක් , ස්වර්ණාභරණ 06 ක් සහ රිදී ආලේපිත රත්තරන් තහඩු දෙකක් ද සඟවා ගෙන සිටි බැව් රේගුව පවසයි .
 
ඒවායේ බර ග්රෑම් 904.77 ක් වූ අතර , එම රත්තරන් තොගයේ වටිනාකම රුපියල් 45,23,850 ක් බවද රේගුව ප්‍රකාශ කරයි.



අදහස් (2)

ලක්ෂ 45ක රත්තරන් ඉන්දියාවට පන්නන්න හදලා

ravin Monday, 25 September 2017 02:11 AM

මේ ගොල්ලෝ නීති විරෝධී ලෙස භාණ්ඩ රැගෙන යන්නේ අවුහුනෝත් ගෙවන දඩ මුදල භාණ්ඩවල වටිනාකම අනුව සුළුහින්ද. කරන්න ඕනේ භාණ්ඩ වටිනාකම මෙන් අවමවශයෙන් තුන්ගුනයක්වත් , පාස්පෝට් එක අඩුමගානේ වසර තුනකටවත් අවලංගුකර , ඇඟිලි සලකුණු හා චායාරුප ගත කර ආගමන හා විගමන පාලකට දැනුම් දීමෙන් වෙනත් නම්වලින් නැවත පාස්පෝර්ට් ලබාගැනීම වැලැක්වීම. යම්කෙනෙක් ඉහත දඬුවම් වලට යටත් නොවේ නම් අධිකරණ ක්‍රියාවලිය අවසන් වනතුරු පාස්පෝර්ට් එක අවලංගුකර දැමීම වගේ දැඩි දඬුවම් පැවරීමයි. මාසෙකට කියක් මේවගේ දේවල් පුවත් මවනවාද? රටට වන පාඩුව ? හොරෙන් මෙහෙන් ගෙනියන්න පුළුවන් හින්ද රට තුල භාණ්ඩවල මිලගණන් ඉහළ යනඑක?

:       0       0

kumar (galf) Monday, 25 September 2017 11:08 AM

පහුගිය මහඡන්දෙට පෙර ලංකාවෙන් ශීසෙල් වෙතට ගුවන් ගතකල රත්තරන් ටොන් 05 ගැන මෙතෙක් විමසුමක් නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site