(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ සංශෝධන ඇතුළත් විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද (24) ආරම්භවේ.

මෙම විවාදය හෙට දිනයේද (25) පැවැත්වේ.

අවසාන ඡන්දය හෙට පස්වරු 5.00ට පැවැත්වීමට නියමිතය.

මෙම විවාදයේදී කෙරෙන වාද විවාද හේතුවෙන් මැතිසබය දැඩි උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.