ආරියරත්න රණබාහු
පාර්ලිමේන්තුවේ ආංශික අධික්ෂණ කාරක සභා පැවැත්වීම සඳහා ලක්ෂ ගණනාවක කුලි මුදලක් ගෙවීමෙන් ලබා ගත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොඩනැගිල්ල තවමත් ඒ සඳහා යොදා නොගත්තේ මන්දැයි කලුතර දිස්ත්‍රීක් ජවිපෙ මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (09) ප්‍රකාශ කර සිටියේය.
නලින්ද ජයතිස්ස මහතා
මේ පාර්ලිමේන්තු සැසිය ආරම්භ කළ පසු ආංශික අධික්ෂණ කාරක සභා හදුන්වා දුන්නා . ඒ සඳහා වූ රැස්වීම් පැවැත්වීමට පාර්ලිමේන්තු පරිශ්‍රයේ ඉඩකඩ මදි කියලා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොඩනැගිල්ල ගත්තා ඒ සඳහා ලක්ෂ 247 ක් කුලිය ගෙව්වා.ඒ ගොඩනැගිල්ල දැන් මාස 16ක් තිස්සේ වහලා ආංශික අධික්ෂණ කාරක සභා තවමත් පැවැත්වෙන්නේ පාර්ලිමේන්තුව තුළමයි.
කතානායක කරු ජයසූරිය
ඒක අපි ඉල්ලලා ගත්ත දෙයක් නෙවෙයි . පාර්ලිමේන්තුව කිසිම අවස්ථාවක ඒක ඉල්ලුවේ නැහැ . අපට ඒක භාර දුන්නේ ගිය මාසේ . දැන් එහි පදිංචිය සඳහා සුදානම් කිරීමේ කටයුතු නාවික හමුදාව කරනවා.
මට තියෙන ලොකුම ප්‍රශ්නය ඒක නෙවෙයි මේ අධිකරණ කටයුතුවල සාමාජිකත්වයන්ගෙන් සියයට 40ක් වත් ඒ රැස්වීම් වලට සහභාගි වෙන්නේ නැහැ.
මේ ප්‍රශ්නය ඇසීම ගැන ඔබතුමාට ස්තූති කරනවා
නලින්ද ජයතිස්ස මහතා
මේක වරද ඔබතුමාගේ නොවෙයි අගමැතිතුමායි කැබිනට් එකට ඉදිරිපත් කළේ , ඉතාම හදිසි කාරණයක් ලෙස ඒ ගොඩනැගිල්ල අත්පත් කරගන්න ඕන කියලා.
කතානායක
නැහැ එතුමටත් ඕනෑ වුණේ මේ ආංශික කාරක සභා ඉක්මනින් ක්‍රීයාත්මක කිරීමටයි නමුත් ඒ ගොඩනැගිල්ල බාරදීමට අවුරුදු එකහමාරකට වැඩිය ගියා.
නිහාල් ගලප්පත්ති මහතා (ජවිපෙ)
මේ කාරක සභා රැස්විම් වලට අපි විතරයි එන්නේ
කතානායක
මේ ගොඩනැගිල්ලට අවශ්‍ය ගෘහභාණ්ඩ කිහිපයක් අපි අලුතෙන් ගත්තේ නැහැ මහජන මුදල් ඉතිරි කර ගැනීම සඳහා එහි තිබෙන පරණ ඒවා පාවිච්චි කිරීමට බලාපොරොත්තු වෙනවා.
2025 දෙසැම්බර් මස 16
49
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලක්ෂ 247කට කුළියට ගත් ගොඩනැගිල්ල මාස 16ක් වසා තැබීම ගැන වෛද්‍ය නලින්ද ප්‍රශ්න කරයි
Rohana Saturday, 10 March 2018 02:21 AM
මේවා නම් සහගහන අපරාද. මේ මුදලින් ගොවිජනතාවට නොමිලේ පොහොර දෙන්න තිබුනා
kalani Saturday, 10 March 2018 06:56 AM
වෛද්‍ය නලින්දගේ ප්‍රශ්න කිරීම අගය කල යුතුය. කිසිදු සැලැස්මකින් තොරව මහජන මුදල් අවභාවිතා කිරීම කෙතරම්ද යන්න මින් ගම්‍ය වේ. එපමණක් නොව මේ ආංශික කාරක සභාවලට සහභාගිවන්නේ ජ.වි. පෙ. නියෝජිතයින් පමණක් බව කියවේ. විශාල පහසුකම් ලබමින් මන්ත්‍රීවරු ස්වකීය වගකීම් මග හරින බව පෙනේ. ජ.වි.පෙ. නියෝජිතයින්ට අපේ ගෞරවය!!!