(*** ඉන්දිකා රාමනායක)
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගෙන් ඊයේ (9) පැය 10 කට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබාගත් ප්‍රථම අවස්ථාව මෙය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට අනුව රිෂාඩ් බදියුදීන් මහතා ඊයේ පෙරවරු 10.30 ට පමණ එහි පෙනී සිටි අතර මෙම ප්‍රශ්න කිරීම පස්වරු 8.00 වනවිටත් අවසන් වී නොතිබුණි.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තම්න්තුව දැනට සැකකරුවන් 300කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර එම පිරිස අතර රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරා වන මොහොමඩ් රියාජ් බදියුදීන් නීතිඥ හිෂාඩ් හිස්බුල්ලා යන මහත්වරුන් ද සිටින බව පවසයි.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින් එය වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රිෂාඩ් බදියුදීන් මහතා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ශ්‍රේෂ්ධිකරණයට ඉදිරිපත් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
36
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රිෂාඩ්ගෙන් පැය 10 ක් ප්‍රශ්න කරයි