IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


රතුපස්වලදී වෙඩිතැබූ බ්‍රිගේඩියර් දේශප්‍රියට යුද හමුදාවෙන්ම චෝදනා

(තරිඳු ජයවර්ධන සහ  ටෝනි කරුණානායක)

රතුපස්වල ප්‍රදේශවාසීන්ට වැලිවේරියේදී වෙඩි තැබීම සම්බන්ධයෙන් යුද හමුදාවෙන් මූලික පරීක්ෂණ උසාවියක් පවත්වා ඇතැයි ද, සිද්ධියෙන් මාසයක් ඇතුළත එම විමර්ශන අවසන් කර නිගමන ඉදිරිපත් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (14) ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී ඒ රුවන් පතිරණ මහතාට දැනුම් දුන්නේය.

 මේජර් ජනරාල් ජගත් ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් පස් දෙනකුගෙන් යුත් මූලික පරීක්ෂණ උසාවි වාර්තාවේ නිර්දේශ සඳහන් කොටසේ පිටපතක් රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය අද (14) අධිකරණයට ඉදිරිපත් කළේය.

මේජර් ජනරාල් ජගත් ඩයස්, බ්‍රිගේඩියර් ජේ. ජයවීර, බ්‍රිගේඩියර් සිල්වා, කර්නල් වීරකෝන් සහ ලූතිනන් කර්නල් නානායක්කාර මහත්වරුන් එම මූලික පරීක්ෂණ උසාවිය පවත්වා තිබේ.  2013 අගෝස්තු අට වැනිදා ආරම්භ කර ඇති මෙම මූලික පරීක්ෂණ උසාවිය අගෝස්තු 21 වැනි දා අවසන් කර ඇත.

 එම මූලික පරීක්ෂණ උසාවි වාර්තාවේ නිරීක්ෂණවල අංක 76 යටතේ සඳහන් කර ඇත්තේ නීති විරෝධී රැස්වීමක් විසිරවීමට අනුගමනය කළ යුතු මූලධර්ම වැලිවේරියේ සිදුවීමේදී යුද හමුදාව උපයෝගී කරගෙන නැති බවයි.  එහි අංක 77  යටතේ සඳහන් කර ඇත්තේ තුවාලකරුවන් ඉවත් කිරීම ද නිසි ආකාරව කර නැති බවයි.

එමෙන්ම මෙම උද්ඝෝෂණය ගැන ලැබුණු බව කියන බුද්ධි තොරතුරු බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා උසස් හමුදා මූලස්ථානයට දැනුම් දී නැතැයි ද,  යුද හමුදා පිරිස අතර නිසි තොරතුරු හුවමාරුවක් සිදුවී නැතැයි ද එම වාර්තාවේ සඳහන් කර තිබේ. මෙම සිද්ධිය ගැන ප්‍රකාශ ලබා ගැනීමට මාධ්‍යවේදීන් කැඳවා ඇතත් ඔවුන් නොපැමිණි නිසා මාධ්‍යවේදීන්ට හිරිහැර සිදුවීම ගැන නිශ්චිත යමක් කිව නොහැකි බව ද මූලික පරීක්ෂණ උසාවිය සඳහන් කරයි.

මූලික පරීක්ෂණ උසාවි නිරීක්ෂණවල අංක 97 යටතේ සඳහන් කර ඇත්තේ බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා උද්ඝෝෂණය ගැන නිසි තක්සේරුවක් කර නැති බවයි. එමෙන්ම අවම බලය ගැන අවධානය යොමු නොකිරීම සහ ඊට අනුව වෙඩි පාලන අණ නිකුත් නොකිරීම ද මූලික පරීක්ෂණ උසාවිය නිරීක්ෂණය කර තිබේ.

එසේම නීති විරෝධී රැස්වීමක් විසිරුවා හැරීම සඳහා වන පිළිගත් ක්‍රමවේදය අනුගමනය නොකිරීම ද ඔවුන් නිරීක්ෂණය කර ඇත. එසේම වැලිවේරියේදී මුලින්ම වෙඩි තබා ඇත්තේ යුනිකෝන් රථයේ සිටි යුද හමුදා සාමාජිකයන් දෙදෙනකු බව ද එම වාර්තාවේ සඳහන්ය.

එහි අංක 103 යටතේ සඳහන් කර ඇත්තේ මරණ හා තුවාල සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ අනුව ඉදිරි පියවර ගත යුතු බවයි.
1949 යුද හමුදා පනත අනුව වරදවල් කර ඇති නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව පියවර ගත යුතු බව නිගමනය කර ඇති යුද හමුදා මූලික පරීක්ෂණ උසාවිය එම වාර්තාවේ අංක 104 යටතේ දක්වා ඇත්තේ බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු නිලධාරීන් පස් දෙනෙකු අණ දීමේ තනතුරුවලින් ඉවත් කළ යුතු බවද නිර්දේශ කර තිබේ. 



අදහස් (2)

රතුපස්වලදී වෙඩිතැබූ බ්‍රිගේඩියර් දේශප්‍රියට යුද හමුදාවෙන්ම චෝදනා

Chanak Los angeles Thursday, 15 June 2017 12:02 AM

යම් කලහයක් පොලිසියට පාලනය කිරීමට අපහසු වුවොත් සාමය රෙකීමට හමුදාව ගෙන්විය යුත්තේ උසස් පොලිස් නිලධාරියෙක් මගින් වුවත් මොහු පෙමින තිබෙන්නේ අර හිටපු ආරක්ෂක බලවතාගේ උපදෙස් පිටයි ...ලංකාවේ තිබෙන පුදුම නීතිය නම් ක්‍ර අපරාධ මෙහෙයවන ඒවාට අනුබල දෙන කිසිම දේසපාලන බලවතෙකුට එරෙහිව නීතිය ක්‍රියාවේ නොයෙදවීමයි .....

:       1       1

sanjeeva Thursday, 15 June 2017 03:30 AM

රතුපස්වෙල මරුනේ සිංහල කොල්ලෝ.. එතකොට මේ හමුදා නිලධාරියාව අත්අඩංගුවට ගන්නකොට ඇයි අපේ සිංහල මිනිස්සු උද්ගෝෂණය කරන්නේ නැත්තේ.. රණවිරුවොන්ට හිරිහැර කරනවා කියල කියන්නේ නැත්තේ ඇයි? මිරුසවිල් ප්‍රදේශයේදී අවුරුදු 5 වයසැති කුඩා ළමයෙක්ගේ දිව කපල මරල කකුස්සි වලකට දැම්ම හමුදා සාමාජිකයාට සිර දඬුවම් නියම කරනකොට තමයි තමන්ගේ සිංහල බෞද්ධ කම මතක් වෙන්නේ.... තිත්ත වුනත් ඇත්ත තත්වේ තමයි මේක ... මේ රටේ කිසි දවසක සාමයක් උදා වෙන්නේ නම් නැහැ..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1215 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1194 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 438 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site