යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාවේ තානාපති තුන්ග් ලායි මාර්ග් සහ යුරෝපීය රටවල මෙරට තානාපතිවරු පිරිසක් අද (28) තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු පාර්ශ්වයේ මහානායක සහ වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි මහානායක හිමිවරු මුණු ගැසී සාකච්ඡා පැවැත්වූහ.
යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාවේ තානාපති තුන්ග් ලායි මාර්ග්, රුමේනියානු, ස්විට්සර්ලන්ත තානාපතිවරු මහනුවර සංචාරය දිස්ත්‍රික්කයේ සංචාරය කරමින් මෙලෙස මහානායක හිමිවරු හමු වී සාකච්ඡා පැවැත්වූහ.
එම සාකච්ඡාවලදී මෑතකදී ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා නැවත ඇති නොවීම වග බලා ගැනීමට ආගමික නායකයන් අතර සාකච්ඡාවක් ඇති කිරීමේ අවශ්‍යතාවක් තිබෙන බව තානාපතිවරු පෙන්වාදුන්හ. ආගමික නායකයන් පමණක් නොව විවිධ ප්‍රජාවල සහ දේශපාලන කණ්ඩායම්වල නාකයන් අතරේද අඛණ්ඩව සාකච්ඡා පැවැත්විය යුතු බව තානාපතිවරු කීහ.
යුරෝපා සංගම් තානාපතිවරු මෙම සංචාරයේදී මුස්ලිම් ප්‍රජාවේ නියෝජිතයන් ද මුණගැසී සාකච්ඡා පැවැත්වූහ. මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කරගනිමින් එල්ල වූ ප්‍රහාර, පල්ලි හා ව්‍යාපාර ඉලක්ක කරගනිමින් එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් එහිදි යුරෝපා සංගම් තානපාතිවරු සිය කණගාටුව පල කළහ.
මහනුවර ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම සඳහා පුළුල් සහයෝගයක් අවශ්‍ය වන බව තානාපතිවරු මෙහිදි පෙන්වා දුන්හ.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත්ම හොඳ වැඩක් කරල තියෙන්නෙ . මේ වගේ ප්‍රශ්ණ ඇති වුනාම ආගමික නායකයින් තමයි මැදිහත් විය යුත්තේ . දේශපාලන කාරයෝ ගාව ගන්න හොඳ නැහැ , මොකද ඒ ගොල්ලන්ට පුද්ගලික න්‍යාය පත්‍ර තියනවා , කොහොමද බලය රැක ගන්නේ කියල . අවංකව මැදිහත් වූ යුරෝපා සංගම් තානාපතිවරුන්ට අපගේ ස්තුතිය .