(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
යාපනය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයක් තුළ බුදු පිළිමයක් තැන්පත් කිරීමට උත්සාහ කළේ යැයි චෝදනා කර තමන්ට විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තහනම් කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ගෙන ඇති තීරණයෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වන බවට ප‍්‍රකාශ කරන්නැයි ඉල්ලා එම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයින් පස් දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (02) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.
එම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන වී.එස්.ඞී.එදිරිසිංහ , වී.ඒ.කසුන් ගයාන් , කේ.එම්.ජී.එස් උයද කුමාර , එස් ,උදයප‍්‍රසාත් සහ කේ.කේ.කේ.එස්.කන්නන්ගර නැමති සිසුන් පස් දෙනෙකු විසින් මෙම පෙත්සම ගොනු කර ඇත.
එහි වගඋත්තරකරුවන් ලෙස යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රත්නම් විග්නේෂ්වරන් , යාපනය විශ්ව විද්‍යාලයේ වව්නියාව මණ්ඩපයේ මණ්ඩපාධිපති ආචාර්ය ටී .මංගලේෂ්වරන් , විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපති, උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ,නීතිපති ඇතුළු නව දෙනෙකු නම් කරනු ලැබ සිටිති.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ යාපනය විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ හා මානව සම්පත් පීඨයේ නේවාසිකාගාරයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමට තමන් ඇතුළු පිරිසක් ඉකුත් ජනවාරි මස සූදානම් වූ බවයි.
මේ සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප‍්‍රජාව වෙතින් කිසිදු විරෝධයක් එල්ල නොවූ බවද සඳහන් කරන පෙත්සම්කරුවන් එහෙත් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මේ සම්බන්ධයෙන් තමන් වෙත චෝදනා එල්ල කොට තමන්ට විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තහනම් කර ඇති බවද පෙත්සමින් කියා සිටිති.
මේ හේතුවෙන් තමන්ට විශ්වවිද්‍යාලය තුළ පැවැත්වෙන විභාග සඳහා පෙනී සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව පෙත්සම්කාර ශිෂ්‍යයන් සිය පෙත්සමින් පෙන්වා දේ.එහෙත් විශ්වවිද්‍යාලය තුළ එල්.ටී.ටී.ඊ සංවිධානයට සහය පළ කරන මහවිරු සැමරුම් ඇතුළු සැමරුම් ගණනාවක් බාධාවකින් තොරව පැවැත්වීමට ඉඩ ලබා දී තිබූ බවද පෙත්සම්කරුවෝ කියා සිටිති.
යාපනය විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය ගත් මෙම තීරණය තුළින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන ඕනෑම ආගමක් ඇදහීමට ඇති මූලික අයිතිය උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමන්ට විශ්වවිද්‍යාලය තුළට ඇතුළු වී අධ්‍යාපන කටයුතු හැදෑරීමට මෙන්ම විභාග සඳහා පෙනී සිටීමට අවසර දෙන ලෙස එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ශිෂ්‍යයින් ඉන්නේ ලංකාවේ කොටසකටද නැත්නම් තමිල්නාඩුවේද ?
අනේ මමත් ඔතන හිටියානම්.
අපමණ අගය කොතරම්දයත්, හෙට අනිද්දා වෙනකොට මහ ජාතියට මුහුදට පනින්න වෙයි.
අනේ මෙහෙම රටක්.
මේ අපේ ශ්‍රී ලංකාවද ?. උසස් අධ්‍යාපන ඇමති තුමා හෙට පත්තරයෙන් වත් මේක දැනගන්න.
සහතික ඇත්ත........ අසාධාරණමයි වෙන්නෙ..
මේ දරුවන් ගැන මේ රජය මැදිහත් වෙලා සාධාරණයක් ඉටුකළ යුතුයි....... මේ වගේ ජාතිවාදී ආකල්ප පරාජය කල යුතුය
යාපනය විශ්ව විද්‍යාලයේ උප කුලපතිට පඩි ගෙවන්නේ කවුද???
මේ ගැන කතා කරන්න කවුරුත් නෑ. අද වෙනකොට එක් ශිෂ්‍යයෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කරලා. අනිත් අයට මාස 6ක පන්ති තහනමක්.