IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


යුද සමයේ අතුරුදන් වු පුද්ගලයින් 500ක ලැයිස්තුවක්

( තිළිණි ද සිල්වා )


මෙරට අවසන් යුද ගැටුම් පැවති සමයේදී බලහත්කාරයෙන් අතුරුදන් වී ඇතැයි කියන පුද්ගලයින් 500 දෙනෙකු ගේ ලැයිස්තුවක් එක්සත් ජාතීන්ගේ කමිටුවක් විසින් නිලවශයෙන් ප‍්‍රකාශයට පත් කරනු ලැබ  ඇත.


මෙලෙස නම් ලැයිස්තුවක් ප‍්‍රසිද්ධ කරනු ලැබ ඇත්තේ  බලහත්කාරයෙන් අතුරුදන්වූ පුද්ගලයින් පිළිබඳ සොයා බැලීම සඳහා වන එක්සත් ජාතීන්ගේ කමිටුව විසිනි.


බලහත්කාරයෙන් අතුරුදන් කෙරී ඇතැයි කියන මෙම පුද්ගලයින් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ඉතාම කඩිනම් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද එම කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ තිබේ.


මෙරටදී බලහත්කාරයෙන් අතුරුදන් වූවා යැයි කියන  පුද්ගලයින් පිළිබඳ නම් ලැයිස්තුව ප‍්‍රකාශයට පත් කරමින් බලහත්කාරයෙන් අතුරුදන්වූ පුද්ගලයින් පිළිබඳ සොයා බැලීම සඳහා වන එක්සත් ජාතීන්ගේ කමිටුවේ සභාපතිනි සුඑලා ජනීනා කියා සිටියේ එක් හදිසි ක‍්‍රියාවක් නිසා අතුරුදන් වූ පුද්ගලයෙකු ගේ පවුලේ ඥාතීන් සහ මිතුරන් සිය ජීවිතයේ සෑම විනාඩියකටම දුක් විඳිනා බවයි.


එබැවින් මෙලෙස අසාධාරණයට ලක් වූ පුද්ගලයින් වෙනුවෙන් සාධාරණත්වය ඉටු කිරීමට රජයේ බලධාරීන් වහා මැදිහත් විය යුතු යැයි ද එම කමිටු සභාපතිනිය සඳහන් කළාය.


එසේම ඔවුන්ට එම යුක්තිය ඉටුවන තෙක් ඔවුන්ගේ පවුලේ අයද ආරක්ෂා කිරීමට රජය කටයුතු කළ යුතු බවද ඇය කියා සිටින්නීය.

 



අදහස් (7)

යුද සමයේ අතුරුදන් වු පුද්ගලයින් 500ක ලැයිස්තුවක්

සුමනාවතී නිව්යෝර්ක් Sunday, 17 June 2018 12:24 PM

ඔය බලහත්කාරයෙන් අතුරුදන් කළා කියන වැඩි දෙනෙක් වෙනත් නම් වලින් ඉන්නවා. ඇමෙරිකාවේ නිව්යෝර්ක්, කැනඩාවේ ටොරොන්ටෝ සහ මොන්ට්‍රියල්, නෝර්වේ ඔස්ලෝ, ඩෙන්මාර්කයේ කෝපන්හේගන් සහ ස්වීඩනයේ ස්ටොක්හෝම් යන නගරවල...

:       0       278

mangala himi Sunday, 17 June 2018 12:29 PM

අපේ පොලිසියේ 600ක් එකම දිනයේදී අමානුෂික ලෙස මරාදැමුවා. ඔවුන්ගේ පවුලේ ඥාතීන්ද, මිතුරන්ද සිය ජීවිතයේ සෑම විනාඩියකටම දුක් විඳිනවා. ඒ අය වෙනුවෙන් කවුද කතා කරන්නේ?

:       29       397

SirimalSunday, 17 June 2018 01:26 PM

ඔවුන් වෙනුවෙන් සුබසාධනය කරන්න රජය බැඳී ඉන්නවා. ඒ වගකීමෙන් ගැලවෙන්න බැහැ. ඒ වගේම මේ අතුරුදහන් කළා කියන අය ගැනත් එවැනිම වගකීමක් එක්සත් ජාතීන්ගේ සාමාජික රටක රජයකට තියනවා. ඒ වගකීමෙනුත් ගැලවෙන්න බැහැ.

:       98       78

ධනුෂ්ක Sunday, 17 June 2018 02:16 PM

සමහර විට මෙතන ගොඩක් අය මුහුදු මාර්ගයෙන් පිටරටවල් වලට පැනලා හැංගිලත් අැති... අනික තමා අවි අතට අරන් අතුරුදහන් වූවන් ගැනද සොයා ඵලක් නෑ. අවි ගත්තවුන්, අවියෙන්ම නැසෙනවා. හැබැයි කොටින්ට සම්බන්ධ නැති අතුරුදහන් කල මාධ්‍යවේදීන් හා ඝාතනය කළ අය පිළිබඳව නම් සොයා බැලිය යුතුයි. අපරාධ කළ අයටයි, අණ දුන් අයටයි දඬුවම් ලබා දිය යුතුයි. රට,ජාතිය වෙනුවෙන් සතුරට එරෙහිව සටන් කල අය සදාතනික රණවිරුවන්. හැබැයි තම රටේම පුරවැසියන් විවිධ පුද්ගලයින්ගේ පුද්ගලික වුවමනාවන් මත ඝාතනය කළ අයට රණවිරුවන් වෙන්න බෑ. ඔවුන් කුලී හේවායන්...

:       1       350

hewawitharana Sunday, 17 June 2018 05:29 PM

මේ ලැයිස්තුවට සිංහලයන්ගේ එකම එක නමක්වත් නැතුව ඇති.

:       0       0

රවින් Monday, 18 June 2018 03:36 AM

ඔයි කියන සංවිදානයට බැරිද අතුරුදහන් වූ අයගේ කිට්ටුම ඥාතීන්ගෙන් ඩී.එන්.ඒ සාම්පලගන්න . ඊට පස්සේ සාමාජික රටවල ඉන්න වර්ෂ 1980 න් පස්සේ සරනාගත බාවය ලබාදුන් අයගේ ඩී .එන්. ඒ සාම්පල එක්ක සසදල බලන්න. වැඩි කතා ඊට පස්සේ.

:       0       3

ලුම්බිණි Monday, 18 June 2018 05:19 AM

මෙතන අමුතු දෙයක් නැහැ. වග කීමක් ඇති රජයක් කල යුතු දෙයක් පෙන්වා දීල විතරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 690 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site