ඩයනා උදයංගනී
මහනුවර නගරයේ පසුගියදා ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයෙන් හානි වූ ව්‍යාපාර ස්ථාන පිළිසකර කරගැනීම සඳහා ලබාදෙන ණය මුදලේ සීමාව රුපියල් ලක්ෂ 5 සිට රුපියල් ලක්ෂ 10 දක්වා ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
‘අත්වැල ණය යෝජනා ක්‍රමය‘ යටතේ අදාළ කොන්දේසි හා නියමයන්ට යටත්ව සියයට දෙකක සහනදායී පොලී අනුපාතයක් යටතේ රුපියල් ලක්ෂ පහක උපරිම ණය මුදලක් ලබාදීමට ඉකුත් මාර්තු 20 වැනිදා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබිණි.
නමුත් ව්‍යාපාරික ස්ථාන සඳහා සිදු වී ඇති හානි සැලකිල්ලට ගැනීමේදී එම උපරිම ණය මුදල ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් ඇති බැවින් මෙම තීරණය ගත් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉදිරිපත් කළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් මෙසේ අනුමත කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
COMMENTS
ඔක්කෝම ඒ අයට දෙන්න සාලාව මීරියබැද්දේ මිනිස්සු තව කූඩාරම්වල.
අනේ මහා ජාතිය වන අපිටනම් කාගේ පිහිට ද ??
ණය එපා සම්පූර්ණ වන්දිය ඉක්මනට ගෙවන්න. ඒ ඇති
මෙහෙම පාලනයක් ඉතිහාසයේ තිබිලා නැහැ. සුළු ජාතීන් සනසන්න හදන්නේ. අර දැක්කනේ කැබිනට් ප්‍රකාශක කිව්වා කතාව ප්‍රබාකරන් මහතා, හමුදාව මැරුවේ අහිංසක ලාංකිකයන් කියලා. ඔහොම රගන්නකෝ තව සුළු කාලයයි තියෙන්නේ. ඊලග ඡන්දෙන් සලකන්න අපි මග බලන් ඉන්නේ.
සියලු දෙයින් ස්වයන්පෝෂිත ජනතාවක් සිටින රටක, රටේ සියලුම ගෙවල් ගිනි තබා, අලුතින් නිවාස තැනීමේ ව්‍යාපෘතියක් කළා නම් කොච්චර හොඳද?ඒ ව්‍යාපෘතියේ මුල් පියවර පටන් ගැනීමෙන්ම අපි ලෝකෙටම ආදර්ශයක් දීලා තියනවා, අපි කවුරුන්ද කියන බව?
එතකොට සාලාවෙ මිනිස්සුන්ට, කුණු කන්ද කඩාගෙන ගිහින් අවතැන් වෙච්ච මිනිස්සුන්ට වන්දි දෙන්නෙ කවද්ද.