තරිඳු ජයවර්ධන සහ ඉන්දිකා රාමනායක
මහනුවර ප්‍රදේශයේ ඇතිවූ කලබලකාරී තත්ත්වයෙන් පසු මේ වන විට ප්‍රදේශයේ ආරක්ෂාවට පොලිසියේ පොලිස් විශේෂ කාර්ය බළකායේ හා ත්‍රිවිධ හමුදාවේ 6880ක් යොදවා ඇතැයි පොලිසිය සහ යුද හමුදාව කියයි.
අද පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මහනුවර ආරක්ෂාවට පොලිසියේ 3000ක් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ 750ක් යොමු කර ඇති බවයි.
හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා ප්‍රකාශ කළේ මහනුවර ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාවේ 3130ක් යොදවා ඇති බවයි. ඒ යුද හමුදාවේ 2500ක්, නාවික හමුදාවේ 600ක් සහ ගුවන් හමුතාවේ 30 දෙනකු වශයෙනි.
හදිසි නීතිය බලාත්මක කර ඇති නිසා නීතිය හා සාමය කඩකරන්නන් අත්අඩංගුවට ගැනීමේ බලය පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදාවට ද පවරා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd