(තරිඳු ජයවර්ධන)
මීතොටමුල්ල කුණුකන්දේ කොටසක් කඩා වැටිමෙන් සිදුවූ සිදුවූ මරණ සංඛ්‍යාව අද දහවල් 12.00 වන විට 15 ක් දක්වා ඉහළ ගොස් තිබිණ. තවත් විශාල පිරිසක් අතුරුදන් යයි වාර්තා වන හෙයින් ඒ පිළිබඳ සෝදිසි මෙහෙයුම් දිගටම කෙරේ. සිද්ධියෙන් තුවාල ලැබූ 11 දෙනෙක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබති.
හානිය පිළිබඳ සොයා බැලීම සඳහා නීතිය හා සාමය ඇමති සාගල රත්නායක මහතා පැමිණි අවස්ථාවේදී ප්‍රදේශවාසීහු ඇමතිවරයාට විරෝධය දැක්වූහ. ඇමතිවරයා සමගින් පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාටද “හූ“ කියමින් විරෝධතා දැක්වූහ.
"මැරුණට පස්සේ මොනව බලන්න එනවද" යයි කියමින් ප්‍රදේශවාසීහු ඇමතිවරයාට විරෝධය දැක්වූහ.
මේ අතර මීතොටමුල්ල කුණු කන්දට විරෝධය දැක්වීමේ සංවිධානය පුවත් පත් සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ මෙය ස්වභාවික විපතක් නොව මිනී මැරුමක් බවයි.
“2011 සිට මේ කුණු කන්දට විරෝධය පැවැත්වෙනවා. කිසිම පිළිතුරක් නෑ“
“කුණු කන්ද නාය යාමට පැවැති ආණ්ඩුව මෙන්ම වත්මන් ආණ්ඩුවත් වගකිව යුතුයි. මිනී මැරීමේ චෝදනාව යටතේ ආණ්ඩු දෙකේම පාලකයන්ට මරණීය දණ්ඩනය නියම කළ යුතු වෙනවා“ යයි කුණු කන්ද ඉවත් කරගැනීම සම්බන්ධයෙන් අධිකරණයට ගිය නීතිඥ නුවන් බෝපගේ මහතා පැවසීය.
ප්‍රදේශවාසියකු වන ඩඩ්ලි දන්තනාරායන මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා සිටියේ මෙම කුණු කන්ද මෙතැනින් ඉවත් කරගැනීම සඳහා සාකච්ඡා කිරීමට මීට දින කිහිපයකට පෙර තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා හමුවීමට ගිය බවයි. එහෙත් එයින් කිසිදු ප්‍රයෝජනයක් අත්නොවූ බවද දන්තනාරායන මහතා පැවසීය.
“මේ දවස් වල පාර්ලිමේන්තුව නිවාඩු. අවුරුද්දෙන් පස්සේ පාර්ලිමේන්තුව පටන් ගත්තාම මේකට විසඳුමක් දෙන්නම් කියලා තමයි එයා කිව්වේ“ යයි දන්තනාරායන මහතා ප්‍රකාශ කළේය.
(ඡායාරූප-තරිඳු ජයවර්ධන)













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනයටවත් අඩුතරමේ මේ පැත්තවත් පාලනය කරගන්න බැරි වුණානේ....
හිටපු රජය සහ දැනට සිටිනා 225 මැති ඇමතිවරු සහ ජනාධිපති යන සියල්ලෝම මෙම කුණු කන්ද ඉවත් නොකිරීමට වගකිව යුතුය...
වැඩ බැරි ආණ්ඩුව
ඔය ප්‍රශ්න විසඳීමට යන්න එයාලට වාහන කෝ...
බුදුන්ගේ ඒ උතුම් දර්ශනයත් අභියෝගයට ලක් කරමින් නැකත් බලා, ශුභ වෙලාවට වැඩ අරඹා අපේ යයි කියා ගන්නට අපේ නමත් එක්කර ගනිමින් සිංහල හා හින්දු අවුරුදු උත්සවය ජයටම සමරු අපිට, අද අවුරුදු දිනම මෙවන් විපතක් අසන්නට ලැබීම ගැන ඉතාම කණගාටුයි. ඒ වගේම අවුරුදු සිරියෙන් අමන්දානන්දයට පත්වී සිටි ශ්‍රී ලංකා මාධ්‍යයට, කතෝලික බැතිමතුන් සමරන මහා සිකුරාදා දිනය අමතකව ගොස් තිබු වගක් පෙනෙන්නට තිබුණා. අනේ, අපොයි!! සුළු මොහොතකින් අපේ රටේ මාධ්‍ය කරුවන්ගේ ඒ ප්‍රීතිය ගිලිහී ගිය සැටි? ලොව වෙසෙන ප්‍රඥාවන්ත ජනතාව ආගම් බේදයකින් තොරව මේ මහා සිකුරාදා දිනයට ගරු කරන්නේ වෙන කිසිවක් නිසා නොව,"මොවුන් නොදැන කල නිසා මොවුන්ට සමාවුව මැනව" යයි එදා තමන්ව කුරුසයේ එල්ලූ මිනිසුන් හට ක්‍රිස්තුස් වහන්සේ වදාළ ඒ පණිවිඩය නිසා බව සියලුම ශ්‍රී ලංකා මාධ්‍ය සැවොම අවබෝධ කර ගත යුතුයි.
මම හිතනවා සියල්ලට පළමුව මෙය විමර්ශනය කිරීමට මැති ඇමති වරුන්ට කුණු කන්ද උඩට යාමට හැකි විශේෂ රථවාහන කීපයක් ආනයනය කල යුතුය.
දේශපාලකයින් මේ කුණු කන්දෙන් ඡන්ද කාලෙට ප්‍රයෝජන ගත්තා. එත් බලයට පත්වුවාට පසු ඒ ගැන තැකීමක් කරන්නේ නැහැ. එළඹෙන ඡන්දයකදීත් මෙයාල මේකේ තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කර ගැනීමට පසුබට වෙන්නේ නැහැ කියන එක ඉරහඳ වගේ විශ්වාසයි. මේ කුණු කන්ද රටට ආයෝජනයක් කර ගන්න මේ දේශපාලකයින්ට හැකියාවක් නැහැ. තමුන්ගේ සාක්කුවට හෝ හෙන්චයියගේ සාක්කුවක් පිරුනොත් එදාට මේ කුණු කන්ද ජනතාවට ප්‍රශ්නයක් නැතිව යයි.
අපේ කට්ටිය අනුන්ගේ කුණු හොයමින් ඉන්න දක්ෂ උනාට තියන කුණු කඳු ඉවත් කරන්න නම් දක්ෂ නැහැ. යමක් සිදු වෙන්න කලින් ඒක විසඳනවාට වඩා, විනාශයකින් පසුව, එම විනාශයෙන් ගොඩ යාමට මාන බලමින් සිටින දේශපාලකයින් හා නිලධාරීන් සිටින රටක සිදුවෙන ඛේදනීය තත්වයක් තමයි මේ. මිය ගිය ඇත්තන්ට නිවන් සුව අත්වේවා!!!!
මේ දෙශපාලනඥයින්ට කොයිකත් එකයි. සිදුවූ විපතට බලවත් ශෝකය...
16, 17 ජාතික සෝක දිනයක් හැටියට ප්‍රකාශ කරන්න...
රටකට ගිය කලක්.... දැන් මේ කුණු වලින් ජා-ඇළ ප්‍රදේශයේ සුන්දර පාරිසරික කලාපයක් විනාශ කරන්න හදනවා. මෙහෙම ඔලමොට්ටල තීන්දු තීරණ ගන්න ආණ්ඩු පිහිටුවල වැඩක් තියෙනවද?
ආණ්ඩුවට ඉතා හොඳ අවස්ථාවක් මේ කුණු කන්ද වගේම ප්‍රමිතියෙන් තොර සියලු නිවාස ඉවත්කර මේ ප්‍රදේශය සංවර්ධනයකර නැවත ජනතාව පදිංචි කරවීමට. ඒත් මේ දේශපාලන සංස්කෘතිය මේවට ඉඩ දේවිද දන්නේ නැහැ.
හරිම කණගාටුයි. මෙතෙක් බිහිවුණු සියලු පාලකයන් ගැන ලැජ්ජයි. මිනිසුන් මියයන කුණුගොඩවල්, කටුමැටි ගෙවල්, පොල්අතු සෙවිලිකළ පාසල්, පාරක් නැති ගම්මාන දකිද්දී හිතෙනවා අපිට නිදහස ලැබුණේ අපේම කරුමෙට කියලා...
මහජන හඬට කන්දීල දැන්වත් කුණු දැමීම නතර කරන්න.
ලංකාවේ අතිරික්ත ජනගහනයක් ඇත...
ආශ්චර්යමත් රටක හැටි... යහපාලන ආණ්ඩුවේ තරම... මැති ඇමැතිවරු 225 ක් විතර රට කරන හැටිතමයි... දැන්වත් ඇස්ගෙඩි ඇරල බලනවා නම් හොඳයි.
ඕවා දේශපාලකයින් විසින්ම අහගන්නා දේවල්...
මේ කුණු ප්‍රශ්නයකට ජනතාව මැතිඇමතිතුමන්ලට විරෝධය දැක්වීම අප තරයේ හෙලාදකිනවා. මැති ඇමතිතුමන්ලාට අවශ්‍ය කරන කෝටි හත අටක් වටිනා වාහන සහ වරප්‍රසාද ලබා නොදිමෙන් කාර්යක්ශමව තම සේවය ජනතාවට ලබාදීමට නොහැකි වී තිබෙන බව මේ කුණු කන්ද නිසා බැටකන ජනතාව තේරුම් නොගැනීම ජාතියේම අභාග්‍යයක්....
ආණ්ඩුවේ සහ පළාත් සභා අතර කඹ ඇදිල්ලක් හේතුවෙන් මහින්ද මහතාගේ කාලයේ දී මීතොටමුල්ල කුණු කන්දේ ගැටළුව විසඳීමට නොහැකි වූ බව එතුමා පවසා ඇත. ඔහුගේ ප්‍රකාශය අනුව සොයා බැලිය යුත්තේ එකල ලංකාවේ ජනාධිපතිකම් කෙළේ බරණැස් නුවර බ්‍රහ්මදත්තද කියා ය.
පේනවා නේද? දේශපාලකයෝ එක එකාට බෝලය පාස් කර ඇඟ බේරගන්නා ආකාරය. අරයගෙ සංකල්පයක්, මෙයාගෙ සංකල්පයක් කිය කියා ලකුණු දමාගෙන පිම්බෙන දේශපාලකයෝ ජනතාවට මේ කළ අපරාධ සංකල්පයට අයිතිකාර දේශපාලකයකු හොයා ගන්නත් නැහැ.. ජනතාවට දේශපාලකයා යනු කවරෙකුද? කියා අවබෝධ වීමට මේ සිද්ධියම ප්‍රමාණවත්....
මෙය ස්වාභාවික විපතක් නොවේ.
මේ සිද්ධිය ගැන බොහෝම කණගාටුයි. තමා ජිවත්වන ප්‍රදේශයේ ඇති අඩුපාඩු, අවදානම්, නැතිබැරිකම් පිළිබඳව දන්නේ තමන් විතරයි. පුටුවේ වාඩිවීගෙන , [හරි බලන්නම් ] කියන අයට මේවා නොතේරීම අද ඊයෙ පටන් ගත් දෙයක් නොවෙයි. අපේ බලවත් උදවිය පිටරට වල සංචාරය කරලා ආවත් ඒ ඒ රටවල සිදුකරන ආපදා කලමනාකරණ කටයුතු පිළිබඳව කතා බහට ලක්වෙන්නේ නැද්ද මන්ද?. මේ දක්වා සිදුවූ සිද්ධීන් වල අවසාන එක මෙයවේ. දැන්වත් ඇස, කන්, නාසය (කුණු නිසා ), ඇරේවායි බලාපොරොත්තු වෙමි. තුවාල ලත් අයහට ඉක්මන් සුවය ලැබේවා. මියගිය අයහට නිවන් සුව අත්වේවා යි පතමි.
මහජන සේවකයන්ට කොහෙද? මරික්කාර් මහත්තයො නිවාඩු. පරිසර ඇමැති මේ වෙනකම් දැක්කෙත් නෑ. අවුරුදු කාලා අමාරු ඇති....
තිබුණ රජයට, අද පාලනයේ සිටින රජයට පමණක් නොව පාර්ලිමේන්තුවේ සිටි සහ අද සිටින හැම කෙනෙක්ම මීට වගකිව යුතුය. හේතුව ඔවුන් සිය යුතුකම සහ වගකීම ඉටු නොකිරීමයි....
කුණු සහ කුඩු යනු දේශපාලනඥයින් සමගම ගැවසෙන මාතෘකාවක්. මේ කුණු ප්‍රශ්නයද සාම්ප්‍රදායික දේශපාලන වාසි ගැනීමේ ක්‍රියාන්විතයක් ආරම්භ කර ඇත. කොළඹ නගර සභාව එදා පටන් එ.ජා.ප. කිව්වම ශ්‍රී.ල.නි.ප.ය සම්පූර්ණයෙන්ම අහිංසකය. චන්ද්‍රිකා මැතිණිය, මහින්ද මැතිතුමා එකල රට පාලනය කලද මේ කියන විදියට කොළඹ නගර සභාවේ පාලනය ඒ දෙදෙනාගේම පාලනයෙන් තොරව සිදුවී ඇත. ගෝඨාභය මැතිතුමා මෙය විසඳීමට උත්සාහ ගන්නකොටම ආණ්ඩුව පෙරළුණ නිසා ආණ්ඩුව පෙරළුෑ ජනතාව වැරදිය.
ඇත්තටම මෙයට දේශපාලකයෝ වගකියන්න ඕන. මිනිස්සු මැරුණට ඒ අයට ප්‍රස්නයක් නැහැ. වාසියට විතරයි මිනිස්සු අවශ්‍ය. මේක ස්වභාවික විපතක් නෙමෙයි....