
(හේමලතා ඩී හේවගේ)
‘‘ජනාධිපවරයා මගෙන් කතාකරලා ඇහුවා නිශාන්ත ආනවිළුන්දාව සම්බන්ධයෙන් මොකද්ද ඔය සමාජ මාධ්‍ය ජලා වල යන්නේ ඒකට මොකද්ද ඔයාගේ තියෙන සම්බන්ධය කියලා, මම ජනාධිපතිවරයාට කිව්වා මේ කිසිඳු දේකට මගේ සම්බන්ධයක් නෑ, මගේ වචනයකින් හරි සම්බන්ධයක් තියෙනවානම් මම ඕනෑම දඬුවමකට යටත් වෙන්න සූදානම් කියලා. නමුත් මේක මගේ ප්‍රදේශයේ මගේ ඡන්ද දායකයෙක් කරපු කටයුත්තක් කියලා මම ජනාධිපතිවරයාට කිව්වා.‘‘ යැයි ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවසීය.
ඒ මහතා මේබව පැවසුවේ දංකොටුව සිංග්ගක්කුලිය ගොවිසෙවන ක්‍රීඩාපිටියේදී අඩු ආදායම්ලාභී පවුල් සඳහා පානීය ජල ටැංකි බෙදාදීම වෙනුවෙන් පැවති උත්සව අවස්ථාවකට සහභාගි වෙමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.
‘‘හැබැයි මෙතනදී ඉතාමත්ව පැහැදිලිව කියන්න ඕනෑ සමහර සමාජ මාධ්‍ය ජාලාවල මම දැක්කා මෙම රැම්සා තෙත්බිමේ ඉස්සන් පොකුණ හඳන්න පෙර ඉස්සන් පොකුණ හැඳුවට පසු යනුවෙන් නිර්මාණය කරලා හදපු ඡයාරූප වගයක් තියෙනවා.
එහි කිසිඳු සත්‍යතාවයක් නැහැ. මේ සිද්ධවෙලා තියෙන අපරාධය සම්බන්ධව මම ස්ථාන පරීක්ෂාවක් කළා. මම ඇස්දෙකෙන් දැක්කා. මේ ගැන මම තමුන්නාන්සෙලාට පැහැදිලි කරන්න ඕනෑ.
රැම්සා තෙත්බිම් විදිහට මේක නම් වෙන්නේ 2002 අග භාගයේ ඡාත්‍යන්තර රැම්සා ගිවිසුම අත්සන් කළාට පසුවයි. ඒ වාගේම කුරුළු අභය භූමියක් විදිහටත් වනජීවී සහ වන සංරක්ෂණ ප්‍රදේශයක් ලෙසත් නම් වෙනවා.
මේ ප්‍රදේශය අක්කර භාගයක අක්කරයක කුඩා එකක් නෙමෙයි ග්‍රාම නිලධාරී වසම් හයක් පුරාවට විසිරී ඇති මහා දැවැන්ත භූමි භාගයක්. මේ ප්‍රදේශය තුළ 2001 අග භාගයේදී ඉස්සන් කර්මාන්ත ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වූණා. ලංකාවේ ඉස්සන් කර්මාන්තය පටන්ගත්තේ බහු ජාතික සමාගම් මම හිතන්නේ.
අද එක්සත් ජාතික පක්ෂයේ සමහර උදවිය තප්පුලනවා රැම්සා තෙත්බිම කලාපයට හානිකරලා කියලා. මේකේ පරිසරයට කිසිඳු හානිකිරීමක් සිදුවෙලා නැහැ.
මේ භූමිය නිර්මාණය වුණේ 1986 ජේ.ආර් ජයවර්ධන මහත්තයා රටේ ජනාධිපති , කර්මාන්ත සංවර්ධන අමාත්‍යවරයා හැටියට ඉන්න කාලේ එතුමා තමයි රාජ්‍ය නොවන බහුජාතික සමාගම් සඳහා මේ ඉස්සන් කර්මාන්තයට විශාල භූමි ප්‍රමාණයක් වෙන්කළේ.
සමාගම් කිහිපයකට මේ භූමිය වෙන්වෙනවා. මේ ගැටළුවක්වී ඇති කොටස ‘කාසන්‘ කියන සමාගමට එදා ජේ.ආර් ජයවර්ධන මහත්තයා බදුදීලා තිබුණ කොටසක්. මේ ‘කාසන්‘ කියන සමාගමේ බ්ලොක් 01 02 03 කියලා කොටස් තුනකට වෙන්වෙනවා.
අක්කර 600 ක් විතර භූමිභාගයක් තුළ තමයි මේ ඉස්සන් කර්මාන්තය සිදුවෙන්නේ. මේ ප්‍රශ්න ගත කොටස වන්නේ බ්ලොක් 3 කොටසේ. මේ බ්ලොක් 3 කොටස ගත්තහම අක්කර 200 කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා.
තමුන්නාන්සේලාට හිතෙන්නත් පුළුවන් මේ පිළිබඳව විස්තරාත්මකව සනත් නිශාන්ත කියන්නේ කොහොමද කියලා. ඒ ඉතිං මම මේකේ ධීවර ඇමතිවෙලා හිටියනේ. ඒකයි විස්තර හොඳට දන්නේ. බ්ලොක් 3 කොටස ඉස්සන් කොටු හදලා තිබුණ ප්‍රදේශයක්. 1996 අගභාගයේ සුදු පුල්ලි වයිරසය පැමිණීමත් එක්ක මේ කර්මාන්තය පාඩුවෙනවා.
පසුව ඒ සමාගම කර්මාන්තය අතහැරලා දාලා යනවා. ඔවුන් දාලා ගියාට පස්සේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ බලපත්‍රයකින් මේ බ්ලොක් 3 කොටස ප්‍රදේශයේ තරුණ පිරිස් සහ ව්‍යාපාරිකයෝ එකතුවෙලා කොටස් වශයෙන් ලබාගෙන වාර්ෂික බලපත්‍රයකින් ඉස්සන් කර්මාන්තය කිරීමට අවසරය අරගෙන තිබුණා.
මේ අවසරය මත ඉස්සන් කර්මාන්තය කරගෙන ගියා.ග්‍රාම සේවා වසම් 6 ක් ඇති මෙහි ඉස්සන් ගොවිපලවල් ඉස්සන් පොකුණු 350 කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ගොවියන් 25 කට ආසන්න සංබ්‍යාවක් මෙහි කර්මාන්තයේ නියයැලී හිටියා. පසුගිය කාලයේ අති විශේෂ ගැසට් නිවේදනයකින් ගැසට් කරනවා වනජීවී ප්‍රදේශය ආසන්නයේ සහ වන සංරක්ෂණ ප්‍රදේශය ආසන්නයේ පිහිටි ප්‍රාදේශීය ලේකම් සතුව තියෙන කිසිම ඉඩමකට බලපත්‍ර නිකුත් කරන්නේ නැහැ කියලා.
මේ ගොවිපලවල් තුළ සමහර අයට සින්නක්කර ඔප්පු තිබුණා. සමහර අයට ස්වර්ණභූමි ඔප්පු තිබුණා. සමහර අයට වාර්ෂික බලපත්‍ර තිබුණා. වාර්ෂික බලපත්‍ර තිබුණු කිසිම කෙනෙකුට අර නිකුත්කළ ගැසට් නිවේදනයෙන් පස්සේ බලපත්‍ර නිකුත්කළේ නැහැ.
ප්‍රාදේශීය ලේකම් හරහා බලපත්‍ර නිකුත් කළේ නැහැ. කියලා මේ කර්මාන්තකරුවෝ තමුන්ගේ ගොවිතැන් කටයුත නතර කෙරුවේ නැහැ. පෙරසේම ගොවිපලවල්වල ගොවිතැන් කටයුතු කරගෙන ගියා. මේ බිම් කොටස එක්තරා ව්‍යාපාරිකයෙක් තමුන්ගේ කෘෂිකාර්මික කටයුතු සඳහා අර එක් සමාගමක කොටසක් ශුද්ධ කිරීම් කටයුතුකරලා තියෙනවා.
ඩෝසරයක් උපයෝගිකරගෙන මෙන්න මේක තමයි වෙලා තියෙන සිද්ධිය. රැම්සා තෙත්බිමට හානියක් කරලාවත් රැම්සා තෙත්බිම විනාශ කරලා ඉස්සන් ගොවිපලවල් නිර්මාණය කිරීමක්වත් මෙතන සිද්ධවෙලා නැහැ.
ඒ නිසා මෙය ඉතාමත් මුසාවක්. මේ පොකුණු ශුද්ධ කිරීම සම්බන්ධයෙන් මගේ කිසිම සම්බන්ධයකුත් නැහැ. රැම්සා තෙත්බිමට කිසිම හානියක් සිදුවෙලා නැහැ කියලා මම පැහැදිලිව කියනවා‘‘ යැයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවසීය.



COMMENTS
මෙතුමා කියනවා නම් ඉතින් කිසි හානියක් වෙලා නැතුවම ඇති..
හොරාගේ අම්මාගෙන් පේන ඇහුවා කියලා කතාවක් අපේ පිරුලුවල තියෙනවා. දැන් ඉතින් ඩෝසරය අත්අඩංගුවට ගත් නිසා පොලිසියද වැරදි?
අර ඔක්සිජන් කන්නද කියලා අහපු කෙනානේ වෙන්න ඇති. වරෙන්තු දැම්මාම හැඟුනේ, එයාමේ නිශාන්තගේ ඡන්ද දායකයෙක්...
ඔක්සිජන් කියන්නේ මොනවද දන්නේ නැති මිනිස්සුන්ගෙන් පරිසර හානි ගැන වැදි බයිලා අහන්න වෙච්ච කාලයක් මේක අපේ හාමුදුරුවනේ...
ඔක්සිජන් කන්නද?
ඕක ලොකු වරදක්ද අහයි. ස්ථානීය පරීක්ෂණ කරන්න එයා ජීව විද්‍යාඥයෙක්ද?
ගෝඨාත් අනාගන්න තැන... ඉස්සර දුමින්ද.. දැන් නිශාන්ත..
මේ වගේ අයට දොස් කියලා ඵලක් නැහැ. මේ වගේ අය දැන් ඉන්න තැන්වලට ගේන්න පාර කපපු අයටයි තලන්න ඕනෑ.
ඔක්සිජන් කන්නෙයි කොල්ලෝ... ඔන්න ඔය ඉතුරු ටිකත් ඩෝසර් කරලා දාන්න.
පුත්තලමේ බුද්ධිමත් ජනතාව මහාචාර්ය සනත් නිශාන්තගේ පාරිසරික වැදගත්කම ගැන කියන හරබර දේශනයක්.. බුද්ධිමත් සංවාදයක් සාකච්ඡා කරනවා වගේ.
රහස් පරීක්ෂකවරයෙක් ස්ථානීය පරීක්ෂාවක් කරලා.. මෙයා පොලිස් දෙපාර්තමේන්තුවේද වැඩ කරන්නේ?
මාත් හිතුණා ශුවර් එකටම මෙයාගේ මල්ලිව වෙන්න ඇති පොලිසියෙන් හොයන්නේ කියලා...
මුළු රටේම ඉන්නේ පුත්තලම් බුරුවො කියලා වෙන්න ඇති එයා හිතාගෙන ඉන්නේ? බූරුවන් කාන්තාර වලට හරිම ආසයි කියලා මම පොඩි කාලේ කියවපු කතන්දර පොතකත් තිබුණා..
ආනවිළුන්දාව රෑම්සාර් තෙත් භූමියට කිසි හානියක් වෙලා නැහැ කියන්නේ හොරාගේ අම්මගෙන් පේන අහපු නිසානේ. පරණ කතා වැඩක් නැහැ. මෙතැන මේ කවුරු හරි ලියලා දීපු එකක් අරන් ඇවිත් කියන්නේ මේ තෙත් භූමිය මෙච්චර විශාලයි. ඒ හින්දා මේක මොකක්ද කියලා. ආනවිළුන්දාව ජලජ පක්ෂි ජනාවාසය, සංරක්ෂණය කළයුතු රෑම්සාර් ජාත්‍යන්තර තෙත් භූමියක් විදිහට නම් කරන්නේ 2001 දී. නමුත් ආනවිළුන්දාව ආරක්ෂා කළයුතු තෙත් භූමියක් විදිහට හඳුනා ගන්නේ 1983 තරම් ඈත කාලයේ ලංකාවේ ජලජ පක්ෂීන් ගැන කරපු සංගණනයකින්... මේ තෙත් භූමිය ඩෝසර් කරලා කරපු මහා විනාශය මුළු රටම දැක්කා... ඉස්සන් ව්‍යාපෘති මහා පරිමාණයෙන් කරන්න තීරණය කළ ඉහළම පෙලේ රැස්වීමෙන් පස්සේ රෑ තමයි මේ තෙත්බිම ඩෝසර් කලේ. සනත් නිශාන්ත මම දන්නේ මහින්ද පැරදුණාට පස්සේ රට වෙනුවෙන් හඬක් නගපු හොඳ දේශපාලකයෙක් විදිහට. නමුත් අද වෙලා තියෙන්නේ, ගිරව් වෙළෙන්දා ළඟ හිටපු ගිරවුන්ට වෙච්චි දේ. එක ගිරවෙක් බමුණෙක් අරන් ගියා. අනිත් ගිරවා හොරෙක් අරන් ගියා. හොරා අරන් ගිය ගිරවා හොරු විදිහට හැඩ ගැහුණා. බොරු කියන්න, වැරදි වැඩ කරන්න, ඊට පස්සේ හොරා කරපු වැඩ සාධාරණය කරන්න ගිරවාට සිද්ධ වුණා.
ඔය ඇමැතියා ඕවා කියද්දී ඔය කට්ටිය තප්පුලන්න ඇති සුපිරියට... ඒ වගේ අමුතු රටක් මේක..
ගෝඨාභය මහත්තයෝ, බූරුවන්ට බූරුවන්ට මෙන් සලකන ලෙස ඡන්දයට පෙර සිටද ඉල්ලා සිටියෙමි. එය තවමත් ක්‍රියාවට නැංවීමට නොහැකිවීම ගැන දැඩි ලෙස කණගාටු වෙමි. ගියවර මහින්ද සේම මේ වර ඔබද අනාගැනීම ආරම්භකර තිබීම, රට පිළිබඳව තිබූ අවසන් බලාපොරොත්තුවද ඉවත්ව ගොස් අවසන් බවට සාක්ෂි දරනු ඇත.
කොකේන් කාරයෙක්ද මන්දා, මවිතවෙලා ඉන්නේ හැමවෙලේම, ඔක්සි නිශාන්ත.
මීට වඩා හොඳයි කැලේ කපපු ඉස්සන් මුදලාලිගෙන්ම ඇසුවා නම් පරිසර හානියක් වෙලා තියෙනවාද කියලා... ඔක්සිජන් මොකටද කියලා අහපු අයට කැලයක් මොකටද අනේ...!!! මෙහෙම ගොබිලන්නේ ඒ පළාත්වල මිනිස්සු පාර්ලිමේන්තුවට එව්වේ..
හොරාගේ අම්මාගෙන් පේන අහලයි තියෙන්නේ...
කවුද මේ තප්පුලන්නේ? වැඩිය උම්බෑ ගාන්න එපා. මස්කඩයට දක්කන් යාවි.
වැඩිය සද්දෙට තප්පුලන්න එපා. තමුන් කවුද කියලා හැමෝම දැනගනීවි.
පුත්තලමේම ඉන්න ඕනෙ චරිතයක්...
පුරාවිද්‍යා චක්‍රවර්තී කුරුණෑගල නගරාධිපති වගේ දැන් මෙයා පරිසර විද්‍යාඥද?
මේවා තමයි ගෝඨාගේ බාලවැඩ.. පවුලේ වැසියන්ට රට හරි උගස් තියයි. දැන් ඔය අලුත් ව්‍යවස්ථාවක් ගේන්න හදන්නේ පිටරැටියන්ට ඇමැතිකම් ගන්න පුළුවන් වෙන්න කියලයි මට හිතෙන්නේ. අපි බලාගෙන ඉමු...
බොරුකාරයින්ගෙන් ඇහුවාම ඇත්තම කියයි. මේ ඔක්සිජන් මොකටද කියලා අහපු පවුලේ අයනේ.. ලැජ්ජයි, මෙයාගේ සහෝදරයෙක් කියන කෙනෙක් දේශපාලන හයිය අරගෙන තමයි මේ අපරාධය කරලා තියෙන්නේ. එතකොට කියයිද සහෝදරයා මේ වැඩේ කළා කියලා. එයා හැංගිලා. තණකොළයි, පුන්නක්කුයි තමයි දෙන්න වෙන්නේ. මේ අය පරිසරයේ වටිනාකම ගැන දන්නේ නැති හරක් වැඩ කරන කට්ටියක්. මේ අයට ඡන්දෙ දීපු අය මී හරක් තමයි.
තමුන්නැහේ කාගේ ස්ථානයද ගිහින් පරීක්ෂා කළේ? මූණ හෝදගෙන ගිහින් බලන්න.
අම්මෝ සර් කියනවානම් අවුලක් නැහැ.
කෝ මේ සර්, අනේ අපේ සර් හිටියානම් මෙහෙම වෙන්නේ නැත.