(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
නඩත්තු නඩුවකට වරෙන්තු වීම නිසා මාතර බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවකු හදීසියේ අසනීප වී මාතර මහ රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු අද (21) උදෑසන මිය ගොස් ඇතැයි මාතර මූලස්ථාන පොලීසිය පවසයි.
එසේ මරුමුවට පත්ව ඇත්තේ මාතර නූපේ පදිංචිව සිටි නාලක තරංග සමරවීර (47) නැමැති දෙදරු පියෙකි.
සිය බිරිද ඔහුට විරුද්ධව වැලිසර උසාවියේ පවරා තිබු නඩත්තු නඩුවට නිසි පරිදි පෙනී නොසිටීම හා නඩත්තු මුදල් නොගෙවීම නිසා එම සැකකරු වරෙන්තු වී තිබුණි.
පසුව මාතර මූලස්ථාන පොලීසිය ඔහු ඉකුත් 15 වැනි දින සැක පිට අත් අඩංගුවට ගෙන මාතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත් කර තිබේ.
අධිකරණ නියෝගය මත එම සැකකරු වැලිසර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියදී හදීසියේ අසනීප වු බව මාතර බන්ධනාගාරයේ උසස් නිලධාරියෙකු පැවසීය.
බඩ රිදෙන බව පැවසීම නිසා ඔහු ඊයේ (20) බන්ධනාගාර නිලධාරීන් විසින් මාතර මහ රෝහල වෙත ඇතුලත් කර තිබුණි.
එහි ප්‍රතිකාර ලබමින් සිටියදී හදීසියේ මිය ගිය එම සැකකරුගේ සාම්පල් පී.සී.ආර්.පරීක්ෂණය සදහා ද යොමු කර ඇත.
එම පරීක්ෂණ වාර්තාව ලැබීමෙන් පසු මරණය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (22) දින සිදු කිරීමට නියමිතව තිබේ.
මාතර ජේෂ්ඨ පොලිස් අධිකාරී අනිල් ප්‍රියන්ත මහතාගේ උපදෙස් මත මාතර පොලිස් අධිකාරී 1 සුසිල් විජයගුණවර්ධන මහතාගේ මෙහෙයවීම යටතේ මාතර මූලස්ථාන පොලිස් පරික්ෂක ධම්මික අමරසේන මහතා ඇතුළු කණ්ඩායමක් වැඩි දුර පරීක්ෂණ මෙහෙයවති.
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මාතර බන්ධනාගාරයේ සැකකරුවෙක් හදිසියේ මිය යයි