(සිරාජ් හසීම්)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගපෙන්වීමේ කමිටුව විසින් සකස් කළ වාර්තා අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට පක්ෂ නායකයින්ගේ එකඟතාවය මත තීරණය කළ බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පවසයි.
පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති යෝජිත ව්‍යවස්ථා සංශෝධනය පිළිබද පක්ෂ නායක සාකච්ඡාවේදී මෙම තීරණය ගත් බව ඒ මහතා කියයි.
ජනතා විමුක්ති පෙරමුණ හා ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් හැර අනෙක් සියළු පක්ෂවල ප්‍රධානීන් මේ සදහා සහභාගී වූ බවත් සුමන්තිරන් මහතා ප්‍රකාශ කරයි.
දේශපාලන විසඳුම් ගෙන ඒම හා බලතල බෙදීම, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, නව මැතිවරණ ක්‍රමයක් ගෙන ඒම, රටේ පැවැත්ම ආදි පැතිකඩ සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වූ බව ද ඒ මහතා කියයි.
එම කමිටුව ලබන 04 සහ 05 දිනවලදී රැස්වීමට තීරණය කළ බවත් ඒ මහතා පවසයි.
2025 දෙසැම්බර් මස 18
567
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
281
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1083
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මගපෙන්වීමේ කමිටු වාර්තාව ලබන මාසයේදී පාර්ලිමේන්තුවට