(ජේ.කේ.එල් චාමින්ද)
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය සඳහා මේ වනවිට ශ්‍රී ලංගම රුහුණු ප්‍රදේශයට අයත් ඩිපෝ 11ම සේවකයින් එක්ව සිටින බවත් මේ සඳහා පාලනාධිකාරිය විසින් කඩිනමින් විසඳුමක් ලබා නුදුනහොත් අනිකුත් ප්‍රදේශවලට ද වර්ජනය පැතිරියා හැකි බව ශ්‍රී ලංකා නිදහස් ජාතික ප්‍රවාහන සේවක සමිතියේ ප්‍රධාන ලේකම් බන්දුල රත්නායක මහතා පවසයි.
වැඩවර්ජනයට එක්ව සිටින ශ්‍රී ලංගම සේවකයින්ගේ සුරක්ෂිතභාවය හා ආරක්ෂාව වෙනුවෙන් තම සංගමය පෙනී සිටින බවද හෙතෙම පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා සහ වෘත්තිය සමිත නියෝජිතයින් අතර අද (3) පස්වරු 2.00ට ශ්‍රී ලංගම ගාල්ල රුහුණු ප්‍රාදේශීය කාර්යාලය තුළ මේ පිළිබද සාකච්ඡාවක් පැවැත්වෙන බවද බන්දුල රත්නායක මහතා සඳහන් කළේය.
COMMENTS
මුළු රටම ආවරණය වන පරිදි ජාතික වැටුප් පද්ධතියක් යෝජනාකර සකස් කරන තුරු, මෙවැනි වල්බූරු වැඩ වර්ජන තුලින් අසරණ මහජනයා තැලී, මිරිකී යාම වලක්වාලීම නතර කරගත නොහැකිය...!
ලංකා ගමනාගමන මණ්ඩලය යනු පාඩුලබන හා ඉතාමත් අකාර්යක්ෂම ආයතනයකි. එයට හේතූන් වන්නේ රටේ පවතින දේශපාලන වතාවරණයයි, බලයට පත්වන දේශපාලන කණ්ඩායම් තම දේශපාලන හෙන්චයියන්ට රැකියා ලබාදීමට ලංගමය උපයෝගි කර ගැනීමයි. ඒ වගේම බලයේ සිටින ආණ්ඩුවට අදාල වෘත්තිය සමිති ලංගම ඩිපෝවල බලය අල්ලාගෙන දේශපාලන පක්ෂපාතීත්වය පමණක් සුදුසුකම සේ සලකා තනතුර බෙදාගනිති. ඉන්පසු නොයෙක් හොරමැරකම් හා දූෂණ සිදුකරමින් ලංගම විනාශ මුඛයට ඇද දමයි. එවැනි කණ්ඩායම්වලින් සමන්විත ලංගමය පිරිසිදුකර අනවශ්‍ය සේවකයන් සාධාරණ වන්දි මුදලක් ලබාදී ඉවත්කර පිරිසිදු පාලයක් සහිතව නව ආයතනයක් ලෙස මෙය ගොඩනැගීම අද ජාතික අවශ්‍යතාවයකි.