(කාංචන කුමාර ආරියදාස)
නිෂ්පාදන වියදම වැඩි බව පවසමින් බුලත් විටක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට අලෙවිකරුවෝ තීරණය කර තිබේ.
ඒ අනුව දිවයින පුරා රුපියල් 30 කට අලෙවි වූ බුලත්විටක් රුපියල් 40 කට අලෙවි කරන බව ජනතාව පවසති.
පුවක් ගෙඩියක් රුපියල් හතරක තොග මිලකට අලෙවි වන බවත් බුලත් කොළයක තොග මිල රුපියල් තුනක් වන බවත් නිෂ්පාදකයෝ පවසති. දිනෙන් දින සියලුම පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ ගිය ද බුලත් විටක මිල වසර ගණනාවක සිට රුපියල් තිහකට අලෙවිකළ බවත් ඔවුන් පවසති.
නිෂ්පාදන වියදම අධික වීම හේතුවෙන් බුලත්විට අලෙවි කිරීම තුලින් පාඩු සිදුවන බවත් එම නිසා රුපියල් 10 කින් ඉහළ දැමීමට සිදු වූ බව ඔහු වැඩි දුරටත් සඳහන් කර සිටිති.
දිවයිනේ බුලත්විට අලෙවි කිරීම රැකියාවක් කර ගත් අතිවිශාල පිරිසක් සිටිති. එමෙන්ම අමතර රැකියාවක් ලෙස බුලත්විට අලෙවි කිරීම් කටයුතු කරන පිරිස් ද විශාල වශයෙන් දිවයින පුරා විසිරී සිටිති.
බුලත්විට සැපීම අතීතයේ සිට පැවතුණු එකක් බවත් එහෙත් මේ දිනවල තරුණ කණ්ඩායම් වැඩි වශයෙන් බුලත් විට සැපීම හේතුවෙන් ඒ ඉල්ලුම වැඩිවී ඇතැයි ව්‍යාපාරිකයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් පොඩි කාලේදී ආසාවට විවිධ වර්ණයේ "සාරවිටි" හපා තිබෙනවා, පෙරහැර ආදිය බැලීමට ගොස් පාර අයිනේ සිටින අතරේ. ඒ කාලේදී අපි බුලත් විටෙන් "පිළිකා" වැනි රෝග බෝවෙන බව අසාවත් තිබුනේ නැහැ. දැන් තිබෙන තත්වයේ හැටියට බුලත් විටේ මිල තවත් ඉහල ගියත් අපට කමක් නැත. ගම් පළාතේ නවතා තිබෙන බසයක් ලඟින් ගියොත් ඇඳුම් වර්ණවත් නොකරගෙන යාම දුෂ්කර කාරියකි. සමහරවිට එය ගමේ "ඇඳුම් පිරිසිදු කරන " ලෝන්ඩරියේ මාටින් අයියාට නම් ආර්ථික පාඩුවක් වෙන්න පුළුවන්. රජයට නම් විශාල මුදලක් ඉතිරිකරගැනීම සඳහා මේ පියවර ගැනීම හොඳ පිම්මකි.
හරි නන්දලාල් ඔයා ප්‍රංශේ ඉන්නේ.
බුලත්විට කියන්නේ දේශීය සංස්කෘතියේ අංගයක්. එය විනාශ කරන්න එපා බුලත්විට නිසා පිළිකා හැදෙනවා කියන එක පිලිගන්නා අය මම කියන පරීක්ෂණය කරන්න බුලත් විටට හුණු ගන්නවානේ. එම හුණුවලට සීනි කලවම් වුනාම ගල්වෙනවා. එයින් මුඛයේ තුවාල ඇතිවෙනවා. කල්යාමෙන් ඒවා පිළිකා වෙනවා. (සාමාන්‍යයෙන් සමහර දුප්පත් මිනිස්සු කහට බොන්නෙ සීනි කමින්.කහට බිව් විගසම විට කනවා.එහෙම නැත්තම් විට කටේම තිබියදී සීනි සමග කහට බොනවා. එවිට සීනිවලට හුණු මිශ්‍රවෙනවා මෙසේ කරන අයට පිළිකා හැදීම වෙන්න පුලුවන්......