IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


බෙලිඅත්ත නව දුම්රිය මාර්ගය මහින්දත් විවෘත කරයි

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
චීන රජයේ ණය ආධාර යටතේ අලුතින් ඉදි කළ මාතර බෙලිඅත්ත නව දුම්රිය මාර්ගය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (10) දෙවැනි වරට විවෘත කෙරිණි.

ඒ වෙනුවෙන් මාතර ප්‍රධාන දුම්රිය ස්ථානයේ උත්සවයක් ද සංවිධානය කර තිබුණේය.එය ඉදිරිපස මාර්ගයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොඩි ඔසවා සරසා තිබුණි.

මෙම දුම්රිය මාර්ගය ඉකුත් 08 වැනි දින ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඇතුළු යහපාලන රජයේ ඇමතිවරුන්ගේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් නිල වශයෙන් විවෘත කරන ලදි.

එම අවස්ථාවට සහභාගී වු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා අද (10) විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෑවැත්වු උත්සවයට ද සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.

සවස 5.30 ට පමණ මාතර ප්‍රධාන දුම්රිය ස්ථානය වෙත පැමිණී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මාතර පුරපති රංජිත් යසරත්න මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් පිලි ගත්තේය.මගුල් බෙර වාදන මධ්‍යයේ ඔහු දුම්රිය ස්ථානය වෙත කැදවා ගෙන ආවේය.

ඉන් අනතුරුව නව දුම්රිය මාර්ගයේ මුල් ගල් තැබීමට අදාල සමරු ඵලකය නිරීක්ෂණය කල මහින්ද රාජපක්ෂ මහතා පසුව ප්‍රවේශ පත්‍ර කවුලුව වෙත ගොස් මුදල් දී ටිකට් පතක් මිලදී ගන්නා ලදි.

පසුව මාතර දුම්රිය ස්ථානයේ පැවති ආගමික වතාවත් වලට සහභාගී වී ඒ මහතා මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගත්තේය.

පසුව ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති කාර්යාලයට ගොස් සමරු පොතේ සටහනක් තැබූ රාජපක්ෂ මහතා බෙලිඅත්ත බලා යන දුම්රිය පැමිණෙන තෙක් එම කාර්යාලය තුල සතුටු සාමිචියක යෙදී සිටියේය.

සවස 6.10 පමණ බෙලිඅත්ත බලා යන දුම්රිය මාතර ප්‍රධාන දුම්රිය ස්ථානයට පැමිණී පසු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලනඥයින් පිරිස එම දුම්රියට ගොඩ විය.

එම දුම්රියේ 02 වන පංතියේ මැදිරියක අසුන් ගත මහින්ද රාජපක්ෂ මහතා මග දෙපස රෑස්ව සිටි ජනතාවට ආචාර කරමින් බෙලිඅත්ත දක්වා ගමන් කළේය.

පිලදුව,වෙහරහේන,කැකණදුර,බඹරැන්ද,වැව්රුකන්නල යන ප්‍රධාන හා උප ප්‍රධාන දුම්රිය ස්ථාන වලදී ද ඒ මහතාට රැස්ව සිටි ජනතාවගෙන් උණුසුම් පිලිගැනීමක් හිමි විය.
 
 අතරමග දී ජනතාව ද දෑත් ඔසවමින් ඔහු වෙත ආචාර කල අතර දුම්රිය මග දෙපස රතිඥ්ඥා දල්වමින් ජනතාව ප්‍රීති ඝෝෂා පවත්වන අයුරුද දැක ගන්නට ලැබුණි.
 
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, නාමල් රාජපක්ෂ,කාංචන විජේසේකර,මහින්ද යාපා අබේවර්ධන,ලක්ෂ්මන් යාපා අබේවර්ධන, පියල් නිශාන්ත, නිරෝෂන් ප්‍රේමරත්න ,ජෝන්ස්ටන් ප්‍රනාන්දු  ,බස්නාහිර පලාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර,දකුණු පලාත් සභා හිටපු මන්ත්‍රීවරුන් වන වීරසුමන වීරසිංහ, බිංදු වීරසිංහ, අරුණ ගුණරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් ද සහභාගි වූහ. 

 



අදහස් (78)

බෙලිඅත්ත නව දුම්රිය මාර්ගය මහින්දත් විවෘත කරයි

sirimal Wednesday, 10 April 2019 02:44 PM

"ලැජ්ජා නැතිකම විපක්ෂ නායකකමටත් වැඩිය ලොකුයි" කියලා අලුතෙන් ප්‍රස්තා පිරුලක් නිර්මාණය වුනේ නැත්නම් තමයි පුදුමේ. අර නාලිකාවල ඒ ගොල්ලන්ට අවශ්‍ය මහජන ප්‍රතිචාර එහෙම ඇතුළුව මේවා නම් පෙන්වයි මහා ඉහළින්...

:       33036       32762

මුදිත Wednesday, 10 April 2019 02:48 PM

උන්නැහේම දවසක් කිව්වනේ දකුණේ අයව අන්දන්න ඕනේ නැහැ... රෙද්ද පෙන්නුවම ඇති උන් කපලා මහලම ඇඳගන්නවා කියලා. ආයේ දෙකක් නැහැ මේ රෙද්ද පෙන්නනවා වෙන්න ඇති....

:       12152       10722

dilanThursday, 11 April 2019 07:54 AM

බොරු කියන්න ලජ්ජා නැද්ද මනුස්සයෝ, අපිත් ඔය කාගේත් දේශපාන කතා අහනවා, එත් කවදාවත් ඔහොම කතාවක් කිව්වා කියල අහලා නැහැ, රටම දැනගන්නත් එක්ක කියමුකෝ බලන්න ඔය කතාවේ වෙබ් ලින්ක් එකවත්,,

:       240       92

BamunuarachchiSaturday, 13 April 2019 12:44 PM

දිලාන් ඒගොල්ලන්ට මොන වෙබ් ලින්ක් ද? කැළෑ පත්තරේ කාගේද කියලා අහන්න. ඔච්චර ඇඩ්වාන්ස් වෙන්න එපා.

:       0       0

rasika Wednesday, 10 April 2019 02:50 PM

කවුරු විවෘත කළත් අපිට නම් කමක් නැහැ.. මේ ණය අන්තිමට ගෙවන්නේ බදුගෙවන ජනතාව.. එ්ක ඔය හැම දේශපාලකයෙක්ම දැනගන්න ඕනේ.. මහින්ද රාජපක්ෂ මේක විවෘතකළාට කමක් නැහැ.. මොකද ණය ගත්තේ එය කියලා බනිනවා නම් ඒ ණය වලින් කරපු වැඩවල වගකීමත් එයටම දෙන්න ඕනේ.. හොඳ දෙයක් මොන දේශපාලකයා කළත් අගයන්න ඕනේ.. රටේ නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි කරන්න ඕනේ.. පිටරටින් ගෙන්වන බදුවලට ආදේශක දේශීයව නිපදවන්න ඕනේ.. කාර්ගේන්න ලංකාවේ ලොකු මුදලක් එළියට යනවා කියලා ඒවාට බදු ගහනකම් සාමාන්‍ය ජනයාට ගන්න පුළුවන් අඩු මිලට කාර් එකක් ලංකාවේ හැදුවානම් හරි .. ඉන්දියානු මෝටර් බයිසිකලයට ආදේශකයක් ලංකාවේ දේශීයව හදන්න, කිරිපිටි වලට ආදේශකයක් දැනටමත් ලංකාවේ තියෙනවා.. අපි අාහාර ගන්න දේවල් වලින් සියයට 80ක් අපිට දේශීයව නිපදවන්න පුළුවන්.. මේ ටික කළොත් ණයත් ගෙවලා... රටත් හදලා...

:       580       687

DammikaThursday, 11 April 2019 06:43 AM

අනේ දවල් හින දකින්න එපා , මැතිනියගේ කාලේ ලංකාවේ හදපු උපාලි ෆියට් කාර් වලට කල දේ දැක්කනේ . පිටරටින් වාහන ගෙන්වද්දී ලැබෙන 200% ක ලාභාංශයට වහ වැටිලා ඒවා නැතිකරලම දැම්ම ලත් තැනම ලොප් , අද වෙනකොට අඩුගානේ දම්වැල් පනින්නති බයිසිකලයක්වත් හදාගන්නවද අපීම අමුද්‍රව්‍යවලින් නැහැනේ .. නිකන් දවල් හින , මේ රට වෙනස් වෙන්නේ නැහැ , වෙනස් වුන රටකට යන්න

:       8       44

ලකිත් ශ්‍යාමන් Wednesday, 10 April 2019 02:53 PM

මේ මනුස්සයාව විහින් නෝන්ඩි කරවනවා.

:       7097       8677

liyanageWednesday, 10 April 2019 04:29 PM

මේවගේ බොළඳ වැඩ කරන්න තරම් මානසිකත්වයකින් තමයි ඉන්නේ... එ්කනේ මේ මනුස්සයා විපක්ෂයේ සිටියත් තවම ඉන්නේ මම ජනාධිපති මානසිකත්වයෙන්... ඉතින් මේවගේ දේවලට අපි එතුමාට අනුකම්පා කරමු. මෙතුමාව මේ තත්වයට පත්කරන්නේ දූෂිත කණ්ඩායම මිස වෙන කව්රුද?

:       1       7

amith Wednesday, 10 April 2019 03:15 PM

බලයට මොකද මිනිසුන් මෙතරම්ම කෑදර?

:       6052       1271

Sakuma Wednesday, 10 April 2019 03:17 PM

ඔය කිසිම දෙයක් දේශපාලකයන්ගේ සල්ලි වලින් හදලා නෑ. හැබැයි අපේ රටේ මෝඩ ඡන්ද දායකයෝ කවදාවත් ඕක තේරුම් නොගෙන වහල්ලු වෙලා කඩේ යනවා.

:       4698       1412

BamunuarachchiSunday, 14 April 2019 11:26 PM

ලෝකේ කොයි රටේද දේශපාලුවෝ තමන්ගේ ධනයෙන් සමාජ කටයුතු කලේ? ප්‍රශ්නය මේ අය මේ අවුරුදු 4 ට ජනතා මුදලින්වත් රටට දෙයක් නොකර තමන්ගේ වැටුප් දීමනා පමණක් වැඩිකර ගැනීමයි

:       0       0

Rohitha Wednesday, 10 April 2019 03:24 PM

අැයි මේ ලැජ්ජා නැති වැඩ... දැන්වත් පිනක් දහමක් කරගන්නේ නැතිව නටන නාඩගම්... අපි ඔක්කොම කවදා හරි මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්න කට්ටියනේ...

:       3434       1554

Amila Wednesday, 10 April 2019 05:10 PM

දැන් මිනිහගේ මොලේ අවුල්... සිරිතුමා ආශ්‍රය කළාට පස්සේ.... 70ත් පැනපු වලපයයි, ගොඩපයයි මනුස්සයෙක්නේ... !

:       2       1

Chanak Los angelesThursday, 11 April 2019 12:46 AM

මොවුන්ට ජීවත් වෙන්න වෙලා තිබෙන්නේ මැරිලා වගේ තමයි කොහොමත් .

:       2       23

BamunuarachchiThursday, 11 April 2019 01:58 AM

සමහරුන්ගේ කතා බුදු වදන් වලින්මයි ඒත් බුද්ධාගමේ නැකත් කියා දෙයක් නැති බව දන්නේ නැහැ

:       3       53

BamunuarachchiThursday, 11 April 2019 02:19 AM

ඉතින් ඕක මහින්ද මහතා විතරද කොරන්න ඕනේ. කරගන්න පුළුවන් ලොකුම පිංකම දුටුගැමුණු රජතුමාගෙන් පසුව කරගත්තේ මෙතුමා.

:       67       8

Chanak Los angelesThursday, 11 April 2019 07:34 PM

ඔය කියනවා ඇත්තේ සිල්රෙදි බෙදලා කරගත්ත පින වෙන්න ඇති ?නැතිනම් ලංකාව චීනට සින්නක්කර ලියලා කරගත් පින වෙන්න ඇති ? අනේද කියන්නේ ?

:       75       118

BamunuarachchiFriday, 12 April 2019 09:52 AM

දුටුගැමුණු රජු සිල්රෙදි බෙදුවේ නැහැ ඔයි.

:       0       41

සුරංග Wednesday, 10 April 2019 03:30 PM

ලැජ්ජාවක් ගෑවිලාවත් නෑ. මොකා විවෘත කළත් ගෙවන්න වෙන්නේ පොඩි මිනිහට ගහන බද්දෙන් කියලා ලංකාවේ මීහරක් තේරුම් නොගන්න තාක්කල් දේශපාලකයන්ට මගුල්...

:       2265       2374

බද්රානි Wednesday, 10 April 2019 04:13 PM

"අනේ මෙහෙම තණ්හාවක්.. අනේ මෙහෙම ආශාවක්... මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්..." නුගත් මෝඩ ජාතියක් සතු සර්ව පිත්තල ආශ්චර්යයකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වන්න බැහැ එක අතකට? මොනා උනත් කමක් නැහැ, නැකත් වෙලාවට කෝච්චිය පිටත් උනා නම් ඒ හොඳටම ඇති?

:       1276       1417

Demuni de silva Wednesday, 10 April 2019 04:36 PM

ලෝකෙට නම් පෙන්නන්න යන්න එපා.

:       0       1

පිටිගල මිලානෝ Wednesday, 10 April 2019 04:49 PM

ලෝක සිතියමෙන් අයින් කරලා..., ලෝකෙම එකතුවෙලා ලංකාවේ අයව වෙන මන්දාකිණියකට ගිහින් දාන සීන් එකක් තියෙන්නේ...

:       0       0

Nandalal DE SILVA - France Wednesday, 10 April 2019 04:51 PM

අනේ ලැජ්ජාවක් නැහැ. දෙවරක් ජනාධිපති වෙලා හිටියත්, කාමර ඉස්සරහ රැවුල පෙන්නලා විරිත්තන්න තියෙන්නේ පුදුම ආසාවක්. මැදමුලන බූදලේ සල්ලිවලින් මේ දුම්රිය මග හැදුවා කියලා රටටම කියන්නද හදන්නේ?

:       0       1

shan saudi Wednesday, 10 April 2019 04:51 PM

"මහින්ද තැටිය රත් වුණු වෙලාවේ රොටියක් පුච්ච‍ගෙන වගේ", බල්ලෝ රැලේ යන කාලෙටත් මේවගේ වැඩ දකිනවා මහ පාරේ...

:       0       0

Amila Wednesday, 10 April 2019 05:07 PM

ආණ්ඩුවේ නෝන්ජල්කම තමයි ඉතින්. එ්කෙන් උපරිම ප්‍රයෝජනය මහින්ද ගන්නවා. හැබැයි එදා ආණ්ඩුව පීචන් වුණා. අමරවීරලා, චමල්ලත් ගෙන්නගෙන. අද මෙයා පීචන් වෙනවා මහජන මුදලින් හදපු එකක්... එයා ගෙදරින් ගෙනාපු සල්ලි වලින් හැදුවා වගේ දෙවෙනි පාරටත් විවෘත කරලා....

:       0       0

Hafeel Wednesday, 10 April 2019 05:15 PM

වීරකෙටිය සමූපකාර ඡන්දයට ඉදිරිපත් වනතුරු නෝන්ඩි වෙනවාමයි. තවත් සහෝදරයෙක් ඇමෙරිකාවේ නෝන්ඩි වෙලා. මෙහෙම තමයි 2015 ජනාධිපතිවරණයේත් සෙනඟ පිරිලයි. අවසානයේ මැදමූලන ජනේලයේ එල්ලන්න වුණා.

:       0       0

විජිත් Wednesday, 10 April 2019 05:32 PM

මේ වැඩේට කියක් විතර යන්න ඇතිද...ඒ සල්ලි වලින් තව කොච්චි පෙට්ටියක් ගත්තානම් ..

:       1024       1180

ramithaWednesday, 10 April 2019 08:19 PM

ඔය විදිහට හිතන අය නැතිකම තමයි විජිත් මහත්තයෝ අපේ රටේ ප්‍රශ්නය වෙලා තියෙන්නේ.

:       1       37

amila Wednesday, 10 April 2019 06:17 PM

නොමිලේ වයිෆයි වලටයි පොඩි කාර් වලටයි රැවටිලා රටේ සංවර්ධනය රිවස් එකට හරෝපු හැට දෙලක්ශේ අද දුක් වෙනවා. අන්තිමට පැය 24 ම ලැබුන විදුලිය ජලයත් නැති වුනා. ඔබතුමාගේ ධූර කාලේ තවත් එක ව්‍යාපෘතියක් පමණයි මේක. ගොඩක් ස්තුති ඔබට මහත්මයා යුද්දෙත් ඉවර කරලා සංවර්ධනෙත් කරලා දුන්නට. කොහොමත් ලංකාව ජාතික වීරයෝ අගය කරන්නේ එයාල මැරුණම විතරයි. ඔබතුමාගේ වටිනාකම මේ මිනිස්සු දන්නේ නෑ ඔබතුම නොහිටින්න අද ප්‍රභාකරන් තමයි උතුරු නැගෙනහිර ජනාධිපති. ඔබට ජය.

:       2903       3717

කල්පනාThursday, 11 April 2019 12:41 AM

මෙම මාර්ගය සකස්කිරීමට 1991 දී මුල්ගල් තැබුවේ හිටපු ජනාධිපති ප්‍රේමදාස මැතිතුමා. 1993 මැයි මස පළමුවැනි දින එතුමා මියයාම නිසා එය සකස් කරන්න බැරිවුනා. 1945 දී මහින්ද මැතිතුමාගේ නෑයෙක් මේ දුම්රිය මාර්ගය සකස් කරන්න අදහස් කලා කියල එතුමා ඊයේ කිව්වා. අපි කියනවා මෙතුමා පළමුවරට පාර්ලිමේන්තුවට තේරුනු 1970 ත් 1977 ත් අතර කාලයේ කැළණිවැලි දුම්රිය මාර්ගය වසා දැම්මා කියල

:       1       14

naambaThursday, 11 April 2019 04:43 AM

බත් කන මී හරක් ඉන්නකන් රට ගොඩ යන්නේ නැහැ.... සංවර්ධනේ කියලා හිතන්නේ මීහරක් ණයට අරන් පාරවල් හදන එකට ගෙවන්නේ මහජනයා පොලිත් එක්ක පහුගිය දවස වල පවුල් පිටින් ගගේ පැනලා මැරුණේ සංවර්ධනේ ආදීනව නිසා තමයි

:       203       469

DhammikaThursday, 11 April 2019 06:50 AM

මහත්මයා කියලා වැඩක් නැහැ , මගේ දරුවන්ට ඕස්ට්‍රේලියාව යන්න අවශ්‍ය සුදුසුකම් හදාගන්න කියල මම උගන්නන්නේ ........ ඔවුන් අනිවාර්යෙන් තව වසර 2කින් යයි .. මගේ එකම පැතුමත් එයයි , මේ වගේ හිතන වහල් මිනිස්සු අතර අපි ඉපදුනාට අපේ දරුවන්වත් මේ වහල් භාවයෙන් මුදා ගන්න ඕන චීනය හෙවත් නව ලෝකයේ ආර්ථික ආක්‍රමණික බූවල්ලාගෙන් ණය අරන් හොද කුට්ටියක් සාක්කුවට දාගෙන රටට දරාගත නොහැකි දිගුකාලින සැලසුම් නැති මැජික් සංවර්ධන ව්‍යාපෘති අටවල , ඉපදෙන්න ඉන්න එකත් ලක්ෂ 5ක ණය කාරයෙක් කරලා , ලංකාවට වසර 100කට යන එන මන් නැතිකරලා...එත් ඒවා පෙන්නේ නැහැ , වහල් භාවයෙන් ඇස්වැසිලා, දැන් බඳුම්කරේ ගැන කියන්න එන්න එපා එකත් වැරදි ඒවත් ඒ වගේම තමයි

:       44       251

amilaThursday, 11 April 2019 07:38 AM

පොඩ්ඩක් අන්තර්ජාලයේ හොයල බලන්න ඒ කාලේ ණය කොච්චරද වැඩ කොහොමද? මේ කාලේ ණය කොච්චරද කෝ වැඩ. කෝ සල්ලි මහ බැංකුවට මොකක්ද උනේ කියල. එතකොට තමන්ගේ ඔලුවේ මෝදු වෙලා තියන අන් තට්ටුව අතට අහුවෙයි.

:       255       181

sunilThursday, 11 April 2019 11:01 AM

ධම්මික, ඔබ නිවැරදියි. මේ රට කිසි දිනක යහ මගට ගත හැකි රටක් නොවේ. ඔබේ දරුවන් පමණක් නොව, හැකිනම් ඔබත් මේ රටින් යන්න. ලංකාවේ මෙන් නොව, බොහෝ බටහිට රටවල මහන්සියෙන් වැඩ කලොත් ඔබට සාධාරණ දිවි පෙවෙතක් ගත කල හැකියි.

:       2       156

tommy Wednesday, 10 April 2019 06:42 PM

මේ වගේ විවෘත කිරීමේ ආසාවක් තියෙන ලෝකයේ එකම රට ලංකාව විය යුතුයි.

:       1077       1153

bishan Wednesday, 10 April 2019 06:54 PM

මෙහෙමත් බලයට තණ්හාවක්.

:       1584       1657

banda Wednesday, 10 April 2019 09:14 PM

ලැජ්ජයි

:       73       117

Jerami Wednesday, 10 April 2019 10:07 PM

අනේ පුලුවන්නම් දවස ගානෙම විවුර්ත කරන්න.

:       0       18

chathuri Thursday, 11 April 2019 01:59 AM

අනේ මෙහෙම ආශාවක් අනේ මෙහෙම තණ්හාවක් මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්. කොයිතරම් නම් බණ පද අහල ඇත්ද ආශාව, තණ්හාව, බලය ගැන. නමුත් හිතන්නෙම ඒ ගැන හරිම පව්

:       0       117

Sapumal. Thursday, 11 April 2019 03:29 AM

මහින්ද මහතාටත් මේ දුම්රිය කටයුත්ත සම්බන්ධයෙන් ස්තුතිවන්ත විය යුතුමයි. ඒත් එතුමා එදා විවුර්ත කිරීමට පැමිණියා නම් මොන තරම් වටිනවාද ?

:       0       21

BamunuarachchiSunday, 14 April 2019 05:53 AM

2006 අගෝස්තු මස මෙම ව්‍යාපෘතියට මුල්ගල තිබ්බේ මෙතුමා. මෙය විවෘත කිරීමේ අයිතිය මෙතුමාට තිබෙනවා. අවුරුදු 9 ක් මෙම ව්‍යාපෘතිය කෙරුනේ මෙතුමා යටතේ නමුත් මෙතුමා කීවේ නැහැ ව්‍යාපෘතිය පටන්ගත්තේ ඔහු බව. මෙතන කුණු කුණු ගාන එජාප අය හිතාගෙන ඉන්නේ මේක රනිල්ගේ ව්‍යාපෘතියක් කියලා. ඒකයි මේක විවෘත කරන්න එජාපයෝ බෙලිඅත්තට නාවේ.

:       0       1

BamunuarachchiMonday, 15 April 2019 10:56 AM

කරුණාකර "ශ්‍රී ලංකා දුම්රිය සේවය" වෙබ් අඩවියට ගිහිල්ලා ඇත්ත දැනගන්න.

:       0       0

maraya Thursday, 11 April 2019 03:37 AM

රටේ කිසිම විවෘත කිරීමකට දේශපාලකයින් සහභාගි නොවිය යුතයි.

:       0       118

nimal Thursday, 11 April 2019 03:38 AM

මේ විදිහට බලපුවාම දුම්රියේ යන හැම මගියම මේක විවෘත කරනවා වාගෙයි. අව්වට වැස්සට හුරු මිනිසුන්ගේ දෑතේ විරියෙනි මන්දිර තැනුනේ...............

:       0       116

sas Thursday, 11 April 2019 04:02 AM

ඕක හැදුවේ මහින්දගේ පුද්ගලික මුදලින්ද ?

:       0       121

HRFriday, 12 April 2019 09:11 AM

මොන දේශපාලකයාවත් තමන්ගේ මුදලින් රටට වැඩක් කරලා තියෙද..?ඒත් මේ මනුස්සයගෙ කාලෙ විතරයි කොහොම හරි රටට වැඩක් ඇති දෙයක් කරා නම් කරේ..

:       0       0

BamunuarachchiSaturday, 13 April 2019 01:49 PM

මාතර කතරගම දුම්රිය මාර්ගය ඉඳිකිරීමට 2006 අගෝස්තු මස මුල්ගල තිබ්බේ මහින්ද රාජපක්ෂ මහතායි. බෙලිඅත්ත දක්වා දික්කිරීම ඒ සැලැස්මේ එක කොටසක්. ඒකයි එජාප මෙය විවෘත කරන්න නාවේත් සිරි ලංකාකාරයෝ ගෙන්නුවෙත්.

:       0       0

gayan Thursday, 11 April 2019 04:35 AM

එයගේ වත්තේ පොල් කඩපු සල්ලි වලින් තේ හදල තියන්නේ

:       200       314

SAMANTHA Thursday, 11 April 2019 04:55 AM

කාටද පිස්සු කියල හිතාගන්න බැහැ..තණ්හාව ශරීරයට ජීර්ණ වුණාම ඔහොම තමයි ….

:       18       140

ajith Thursday, 11 April 2019 05:04 AM

මේක මුලින් විවෘත කලේ අර්ජුන ඇමතිතුමා. ඊට පස්සේ කිසිකෙනෙක් මේක වැහුවේ නැහැනේ, එතකොට මහින්ද ලොක්ක විවෘත කළා කියන්නේ මොකක්ද?

:       584       619

ranjith Thursday, 11 April 2019 05:18 AM

දෙසපලුවෝ නොකළ උතු දෙකේ කොලේ වේද නේද මේවා

:       3       61

[email protected] Thursday, 11 April 2019 05:20 AM

කෝ මේ බමුණා.....

:       0       486

BamunuarachchiSaturday, 13 April 2019 04:03 PM

ඔයාගේ ගෙදර

:       0       0

isurandi Thursday, 11 April 2019 05:53 AM

ඔන්න ඔහොමයි වැඩකරන ජනතාව අපේ රටේ

:       0       57

upul Thursday, 11 April 2019 05:56 AM

උමා ඔය ව්‍යාපෘතිය නිසා අවතැන් වුණු මිනිස්සුන්ගෙන් සමාව ගන්න යන්නෙ කවද්ද ?

:       3       63

nimal perera Thursday, 11 April 2019 06:38 AM

පළමුව උණුසුම් සුබපැතුම් මහින්ද මැතිතුමාට ට ජයවේවා. අන් සියලු නායකින් සැසදීමේදී ඔහු රටට ගොඩක් දේ කරපු නායකයෙක් . ඒ සියලු දේ අද අපි බුක්ති විදිනවා. සිතන්න සිරිමා බණඩාරනායක , R ප්‍රේමදාස වැනි නයකින්ගේ උදාර මෙහෙවර ගැන. රටට ආදරේ කියාගත් අය ඔවුනගේ ගමනට බදා කලා අද ඒ අපට තේරෙනවා, රටේ ඉදිරි දියුණුව පස්සට ගියා. තේරෙනවානේ ඇස පනාපිට දකින රටේ පසුබෑම.

:       342       235

nandanaThursday, 11 April 2019 09:40 AM

2009 න් පසු මහින්ද මහතාගේ කාලයේ සිදුවූ අධිවේගී මාර්ග, වරාය, ගුවන් තොටුපොල වැනි විශාල ව්‍යපෘති සියල්ල සිදු කරේ පිට රටින් ගත් ණයට. මේ බොහෝ ණය අවුරුදු 5 ක සහන කාලයක් සහිත බැවින්, ණය ගත් සමයේ ඒවා නැවත ගෙව්වේ නැහැ. ගත් ණය ආපසු ගෙවීම වර්තමානයේ ආරම්භ වී ඇත. මේ ව්‍යපෘති මගින් විශාල අදායමක් උත්පාදනය නොවීම හේතුවෙන්, අද ණය ගෙවීම සඳහා නැවත ණය ගැනීමට සිදුවී අතර, ඊට අමතරව බදු බර වැඩි කිරීමටද සිදු වී ඇත. එබැවින්, රටට දැරිය නොහැකි ණය වලින් කල දේ ගැන නිකම්ම උදම් අනන්නේ නැතිව, මේවා දෙස යථාර්ථවාදීව බලන්නට පුරුදු වන්න.

:       10       203

රොෂාන්Thursday, 11 April 2019 08:44 PM

ඕක තමයි ඇත්ත තත්වේ. ණය අරන් හැදුවට ඒවා ගෙවන්න ඕවා වලින් හිතපු තරන් ආදායමක් නැති වුණා. මොළෙන් හිතන මිනිස්සු අද හරි අඩුයි හදවතින් හිතන මිනිස්සු වැඩි. ඒකයි මේ ඔක්කොම

:       6       33

nimal pereraFriday, 12 April 2019 08:04 AM

ලංකාවට ණය නොගෙන ලොකු වැඩ කරන්ඩ බැහැ. ණය අරගෙන කරන්ඩ ඕන. ඒ දේ මහින්ද මහත්තය කරපු හන්දා ලංකාවේ දියුනුවක් පෙන්නුවා. පරණ කැඩිච්ච පාරවල් නැතිව ගියා. ණය ගන්න කෙනා දන්නවා ගෙවන විදිහ. බොරු කියල බලයට ආවට සැලසුම් නැහැ එහෙම හදන පාටකුත් නැහැ

:       14       6

nandanaFriday, 12 April 2019 09:30 AM

නිමල් පෙරේරා, ණය ගත යුත්තේ රටට දැරිය හැකි පමණින්ය. නැව් නොඑන වරායකින්, ගුවන් යානා නොඑන ගුවන් තොටුපලකින්, රැස්වීම් නොපවත්වන සම්මන්ත්‍රණ ශාලා වලින් ලැබෙන ආදයම කුමක්ද? සිහින ලෝකයේ ජිවත් නොවී, ඇත්ත ඇති හැටියට දකින්ට පුරුදු වෙන්න.

:       0       10

BamunuarachchiFriday, 12 April 2019 10:21 AM

ණයක් අරගෙන මුදල් ප්‍රයෝජනවත් වැඩවල යෙදෙව්වා නම් ඒ ණයවීමේ වටිනාකමක් තිබෙනවා. 2000 වර්ෂයේ අඩු පොලියට ණයට ගත් සල්ලිවලට ණයවාරික හා පොලිය තීන්දු වුනේ ඒ කාලේ හැටියට අද වැටුප් තත්ව අනුව ඒ ණය ලෙහෙසියෙන් ගෙවාදමන්න පුළුවන්... ලොකු මුදලක් අරගෙන ලොකු ගෙයක් හැදුවා නම් අද ඒ ගේ කුලියට දීලා ණය වාරිකයත් ගෙවලා තමන්ට කුලීගෙයක ඉන්න මුදලකුත් ලැබෙනවා.

:       0       0

BamunuarachchiFriday, 12 April 2019 10:27 AM

මහින්ද මහතා යුද්ධය කලේ කොහෙන් සොයා ගත්ත සල්ලිවලින්ද? ඒ ගැන කව්රුත් කතා කරන්නේ නැත. ණය වුනා කියලා පමණක් කතා කරනවා. ඊට කලින් සිටි ආණ්ඩු යුද්දකලේ රටේ සල්ලි වලින්ද? ඒ ගොල්ලොත් යුද්ද කලේ ණයට සල්ලි අරගෙන නම් පරාද වෙලා ගියේ ණය බේරලාද?

:       0       0

casmir Thursday, 11 April 2019 06:42 AM

දෙපාරක් විවෘත කරනවා ... කොච්චි පාරට ණය ගත්තේ වෙන රටකින් සිල්පර සහ අනකුත් සියලුම බඩු වෙනත් රටකින් ඉම්පෝර්ට් කරලා , ඉම්පෝර්ට් කරපු කෝච්චියයක් දුවවන්ද පොරකනව ...

:       0       62

Don perera Thursday, 11 April 2019 06:43 AM

දකුනේ බත්කන මී හරක්

:       302       561

nimal pereraThursday, 11 April 2019 11:14 AM

දොන් පෙරේරා කොයි පළාතේද???????????????

:       5       5

BamunuarachchiFriday, 12 April 2019 10:08 AM

තුම්පනේලු...

:       0       0

Rata Perata Thursday, 11 April 2019 07:25 AM

නොදකින් ලැජ්ජකමක් නැති හැටි....

:       0       111

nalin Thursday, 11 April 2019 07:45 AM

මහින්දගේ සල්ලි වලින්ද දන්නේ නෑ මේක හැදුවේ. මේවට හුරේ කියන්න වහල්ලු ඉන්න කල් දේශපාලකයෝ ඔය වැඩ කරන එක නවත්තන්න බෑ දේශපාලයකට බනින්න කලින් මිනිස්සුන්ට බනින්න ඕනේ. ඔය වගේ මෝඩ මිනිස්සු හින්ද තමයි ඔය වගේ දේශපාලකයෝ ඕනේ වැඩක් කරන්නෙ මොකද උන් දන්නවා උන් මොන කලත් ඒ මිනිස්සු උන්ට ඡන්දය දෙනවා කියල.

:       45       116

nimal pereraThursday, 11 April 2019 11:07 AM

මුළු ලංකාවම දන්නා දේ ඔයා නොදැන ඉන්නේ කොහොමද? එයාගේ උනානම් ඔයා ගමන් යන්නැද්ද?

:       58       8

Nishan Thursday, 11 April 2019 09:49 AM

ලැජ්ජාව කිය දේ තියෙන්නේ වැදගත් විදියට හැදිච්ච මිනිස්සුන්ටයි.

:       13       62

රොෂාන් Thursday, 11 April 2019 11:25 AM

කමක් නෑ වහල්ලු ටිකට දැන්වත් නින්ද යයි

:       12       59

rohana kumara mendis Thursday, 11 April 2019 12:03 PM

අනේ මෙහෙම ආසාවක් අනේ මෙහෙම තණ්හාවක් මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්

:       0       57

BamunuarachchiFriday, 12 April 2019 09:59 AM

ඇයි හලෝ මහින්ද මහතා පලවෙනි වතාවට පැරදුනේ ඔහෙලගෙ මහා එකා 30 වතාවක් පැරදිලා තාමත් එන්න හදන්නේ ධානපති කම පෙන්වන්නද?

:       1       0

arjuna ranawana Thursday, 11 April 2019 04:07 PM

දැන් සනීපද

:       4       46

upul mahesh Friday, 12 April 2019 03:07 AM

පාට පාට කන්නාඩි දාගෙන කතා නොකර එදා සහ අද රට දිහා බලන්න. එතකොට නිවැරිදිව ඔබ ට පෙනේවි ......

:       0       4

ravi Friday, 12 April 2019 01:38 PM

දුම්රියට නැග්ගා විතරයි.. එකත් ගිලා..ගිලාබහින්න පටන්ගත්තනේ... මෙහෙමත් නරක කාලයක්..

:       0       0

Bamunuarachchi Saturday, 13 April 2019 01:01 PM

casmir ඇමරිකානු රොකට්වල තිබෙන්නේත් රුසියානු රොකට් එන්ජින් නම් , ඇමරිකානුවන් අඳින්නේ ලංකාවේ මහන ඇඳුම් නම් අපි අනුන්ගේ කෝච්චි වල ගියාම මොකෝ.

:       0       0

Bamunuarachchi Tuesday, 16 April 2019 12:45 AM

රොෂාන් යුද්දය ඉවර උනාම ආදායමක් නැති නිසා යුද්ද නොකර ඉන්නයි තිබුනේ, අධිවේග මාර්ග නොහදා ඉන්නයි තිබුණේ, ලක්විජය බලාගාරය නොහදා ඉන්නයි තිබුණේ නේද? රොෂාන් ඔයාගේ මොලේ මහින්දට නොතිබීම ගැන මම සතුටුවෙනවා. ඔබ හිතන විදිහට මේ ආණ්ඩුව හිතපු නිසා ඒකකය රු 12 කට ගන්නපුළුවන් විදුලි බලාගාරයක් හම්බන්තොටින් නැති උන බව ගිය ඉරිදා පුවත් පතක පලවූ ලිපියක තිබුනා කාටද ආඩම්බර රොෂාන් වගේ මිනිසුන්ට මිසක් නේද රොෂාන්. පුංචි අම්මා පල්ල!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිස්පති අවුලට ව්‍යවස්ථා සභාවත් උණුසුම්
2024 ජුලි මස 27 903 0

පොලිස්පතිවරයා පත් කළ ආකාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී අද (26) සිය විරෝධය පළ කර ඇතැයි වාර්තාවේ.


ආර්ථිකය හදන ගමන නොකැඩී ගෙන යමු
2024 ජුලි මස 26 570 0

මෙරට ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනිමට සහාය වූ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත සිය ස්තුතිය පළ කරන බ


සුමන්තිරන්ලා වෙනත් පක්ෂයක එල්ලෙති
2024 ජුලි මස 26 2360 2

දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම් .ඒ සුමන්තිරන් මහතා පැවසීය.


‘‘අගමැතිට නඩු අහන්න කියන්න‘‘
2024 ජුලි මස 26 2329 1

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දෙන නියෝග ක්‍රියාත්මක කිරීමට රටේ ජනාධිපතිවරයා හා ව්‍යවස්ථායකය බැඳී සිටිනවා , පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී එම අධිකරණ


විහාරහල්මිල්ලෑවේ ගොවීහු කුඹුරට යන්න පාරක් නැතිව හූල්ලති
2024 ජුලි මස 26 245 0

කැබිතිගොල්ලෑව විහාර හල්මිල්ලෑව ගමේ ’’මහ කාඩිගල’’ වැව යටතේ ඇති කුඹුරු යායට පාරක් නොමැති නිසා ගොවීන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බව මහා කාඩිගල කුඹුර


‘තරුණ පරපුර ඉල්ලූ වෙනස දෙන්න මම එනවා’
2024 ජුලි මස 26 2748 3

රටේ තරුණ පරපුර වෙනසක් ඉල්ලා ගාලුමුවදොර අරගලයක් කළ බවත් ඔවුන් ඉල්ලා සිටින වෙනස ලබාදීමට තමන් ඉදිරිපත්ව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1157 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site