IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බෝම්බ ගැසූ දෙදෙනෙක්ට වසර 35කට පසු මරණ දඬුවම

(උපාලි ආනන්ද)

බෝම්බයක් පුපුරවා කුරුණෑගල වැල්ලව ගොඩයාය වත්තේ මුරකරු ඝාතනය කර ඔහුගේ බිරිඳගේ එක් ඇසක් අන්ධ කළැයි දෙදෙනකුට මරණ දඬුවම නියම කිරීමට වයඔ පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු සුමුදු පේ‍්‍රමචන්ද්‍ර මහතා අද (26) නියෝග කළේය.

කුරුණෑගල වැල්ලව ගොඩයාය වතු අධිකරිවරයා ඝාතනය කිරීමට රැගෙන පැමිණ තිබූ බවද අධිකරණයේදී කියැවිණි.

මේ සම්බන්ධයෙන් කුරූණෑගල මහාධිකරණය හමුවේ අධි චෝදනා ලබා සිටි විත්තිකරුවන් තිදෙනකුගෙන් දෙදෙනකු එකී චෝදනාවන්ට වරදකරුවන් බවට නිගමනය කෙරිණ.

මුරකරුගේ බිරිඳගේ ඇසක් අන්ද කිරීමේ වරදට මෙම විත්තිකරුවන් දෙදෙනාට වෙන් වෙන්ව වසර හත බැගින්  බරපතල වැඩ සහිත සිර දඩුවම් ද නියම කෙරිණ.

පැමිණිලිකාර පාර්ශවයට රුපියල් ලක්ෂ දෙක බැගින් වෙන්ව වෙන්ව වන්දි ගෙවන ලෙසට වැරදිකරුවන්ට තවදුරටත් නියෝග කෙරිණ.

රුපියල් 1500 බැගින් වෙන් වෙන්ව දඩ මුදල් ද විත්තිකරුවන් දෙදෙනාට නියම කෙරුණු අතර එම දඩ මුදල් ගෙවීම පැහැර හරින්නේ නම් ඔවුනට  තවත්  මාස හය බැගින් වෙන් වෙන්ව සිර දඩුවම් නියම කරන ලෙස විනිසුරුවරයා නියෝග කළේය.

මෙසේ මරණ දඩුවම නියම වූයේ කුරුණෑගල වැල්ලව මරාගම පදිංචිකරුවන් වන ගනුපාල වීරතුංග සහ මයිකල් ඩයස් යන විත්තිකරුවන්ටය .

විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් නගා ඇති සියලූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය සමත්ව ඇති බව මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

වැල්ලව මාරගම පදිංචි  සුමන  චන්ද්‍ර ගමගේ නැමති මෙම නඩුවේ තුන් වැනි විත්තිකරුට එරෙහිව තිබූ සියලූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර මුදා හැරීමටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

1982 වසරේ ජූලි මස 28 වන දින හෝ ඊට ආසන්න දිනයක කුරුණෑගල මහාධිකරණ බල ප‍්‍රදේශයට අයත් වැල්ලව ගොඩයාය වතු යායේදී  විත්තිකරුවන් මෙම අපරාධය සිදු කර තිබිණි.

මෙම අපරාධය සිදු වී වසර තිස් පහකට (35) පසුව නඩුව විභාගය අවසන් කර එහි  තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීම විශේෂත්වයකි.
 



අදහස් (18)

බෝම්බ ගැසූ දෙදෙනෙක්ට වසර 35කට පසු මරණ දඬුවම

kap Thursday, 26 October 2017 11:55 AM

තව අවුරුදු 2-3 කින්ම තීන්දුව දෙන්න හිටියා නම්, මේ දෙන්න කොහොමත් ස්වාභාවික විදිහටමට නාකි වෙලා මැරෙනවා.

:       0       41

අනුර ඉලන්කෝන් Thursday, 26 October 2017 12:35 PM

වසර 35කට පසු මරණ දඬුවම... ඇයි මෙච්චර කල් පරක්කු කලේ !!!

:       1       30

chandana Thursday, 26 October 2017 12:49 PM

යහපාලන නීතියේ ස්වාධීනත්වය, ඔන්න හිටපු ජනධිපති හරි, එයට ගෑවිච්ච කෙනෙක් හරි මොනවා හරි කළානම් පැය 12 න් නඩුත් අහලා දඬුවමුත් දීලා, අනේ මන්දා ඉතින් ඕකත් නීතියේ ස්වාධිපත්‍යයනේ...

:       98       121

buddikaThursday, 26 October 2017 02:30 PM

මොන පිස්සුද? හිටපු ජනාධිපතිගේ සමීපතමයෝ හිරේ තමයි ඉන්න ඕනෑ.. ගෙවල් වල ඉන්නේ රනිල්ගේ ඇප මත කියන දේ... දන්නේ නැද්ද?

:       16       78

janatha anura Friday, 27 October 2017 03:49 AM

අපි කඩේ යමු දෙගොල්ලන්ටම, මම මේ යනවා බන්දුම්කරෙන් වත් කීයක් හරි ඉල්ලගෙන කඩේ යන්න පොල් බෑ බාගයක් හාල් 250 ගෙන්න අනේ මන්ද අපි ණයට ....

:       0       0

KamalFriday, 27 October 2017 03:19 AM

අනේ අවුරුදු 35ක් යහපාලන ආණ්ඩුවද තිබ්බේ. මේක රටේ තියෙන ක්‍රමයේම වැරද්දක්.

:       0       0

Kamal Thursday, 26 October 2017 02:00 PM

නඩු පරක්කු කිරීමෙන් ලෝක වාර්තාවක් ලංකාවට තියනවා. රන්ජන් කියන එක හරි. ප්‍රසන්න රණතුංගගේ නඩුවත් ආයේ කල්ගිහින්...

:       9       126

de silva Thursday, 26 October 2017 02:22 PM

නඩුව වසර 35 ක්? යුරෝපයේ රටවල නම් මිනීමැරුම් නඩු මාස කිහිපයකදී අහල නිමා කරනවා. මේ නඩු ඉක්මනට අහන්න ක්‍රමයක් ඇත්තේම නැද්ද? මට හිතෙනවා අර පහුගියකාලේ ලස්සනට ඉන්න අැමැතිතුමෙකු කියපු කතාව සම්පුර්ණ සත්‍යයක්ද කියලා.

:       20       108

Ruwani Thursday, 26 October 2017 03:06 PM

කවදාවත් ලංකාව අධිකරණ සමානත්වයක් ඇති රටක් වෙන්නේ නැහැ. යුරෝපයේ ජර්මනිය වැනි රටක උපරිම නඩුවක් වාර තුනක්. දිනයක් ඇතුළත තීන්දුව දෙනවා. පවුලේ නඩු උපරිම පැයක්... තීන්දුව දෙනවා. හැමෝම මිනිසුන් වගේම කාලය වේලාව, වටිනවා. ලංකාව වසර දෙසීයක් පිටුපසින් ඉන්නේ.

:       0       111

dias Thursday, 26 October 2017 04:59 PM

අධිකරණයේ සෑම නඩුවක්ම අවුරුදු 2ක් තුළ විසඳීමට ක්‍රමයක් හැදිය යුතුයි. අැයි මේ අවුරුදු 35ක් කාලය මැරුවේ. කාගේද වැරැද්ද?

:       81       6

minipe Thursday, 26 October 2017 06:13 PM

වසර 35 ඉතාම දීර්ඝ කාලයක්. මෙතරම් කලක් ගතවුනේ, අපේ මේ පුංචි රටේ බොහෝ අපරාධ නඩු තිබෙන නිසායි. මගේ වැටහීම නම්, කොහේ හරි වවාගෙන කෑමක් තිබෙනවා වගේ.

:       0       7

de slva berlin Thursday, 26 October 2017 06:34 PM

ලංකාවේ එක උසාවියක ඉන්නේ එක නඩුකාරතුමෙක් පමණි. දිනකට මහේස්ත්‍රාත් අධිකරණයේ අපරාද නඩු , ඉඩම් නඩු , හොර අරක්කු නඩු , රථවාහන නඩු වැනි විවිධ විෂයන්ට අදාල නඩු අඩුමතරමේ 100-150 අහන්න තිබෙනවා. මේක කළහැකි වැඩක් නොවේ. මේ ප්‍රශ්නය විසදන්න නම් රටේ සිටින නඩුකාරවරු ප්‍රමාණය 5 ගුණයකින් පමණ වැඩිකළ යුතුය. ඔවුන්ට මෙම නඩු රථවාහන / අපරාධ / ඉඩම් නඩු වශයෙන් බෙදා දිය යුතුය. එතකොට ඔවුන් එකම විෂයක් පමණක් කරන විට එම විෂය පිළිබඳව ඔවුන්ගේ දැනුම වැඩිවන අතර කාර්යක්ෂමව නඩු විසදීම කලහැක. එම ක්‍රමයේදී නඩුවට දිනයක් සහ වෙලාවක් වෙන්කර දිය හැකි නිසා නඩුකටයුතු වලට සම්බන්ධ සාමාන්‍ය පුරවැසියන්ට , රජයේ නිලධාරීන්ට මුලුදවසේම උසාවියේ රස්තියාදු වීමට අවශ්‍ය නොවේ.

:       0       1

wasanjaya Thursday, 26 October 2017 10:18 PM

අපරාධය සිදුවී වසර 35 පසු තීන්දුව දීම විශේසත්වය කියන්නේ මහලොකු හපන්කමක් වගෙඉනෙ ලැජ්ජෛ හල්ලෝ රන්ජන් රාමනායක දිනේවා ...

:       0       13

sarath Friday, 27 October 2017 12:35 AM

ගරු අදිකරණයට අපහාසකරන්න එපා. වැඩ වරදීවි

:       49       4

දිලාන් Friday, 27 October 2017 03:10 AM

බෝම්බ ගහපු කාටත් මේ වගේ නීතිය ක්‍රියාත්මක වෙනවනම් කොච්චර හොඳද​?

:       0       4

නිමල් සේනානායක Friday, 27 October 2017 03:34 AM

රන්ජන් කියපු එක ඇත්ත තමයි කියල දැන් හිතෙනවා!

:       0       39

mahinda gamage Friday, 27 October 2017 04:54 AM

මේ කරුනු එසේනම් උත්තරීතර යයි සැලකෙන පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීමට යෝජනා කලවුන් සිටිය යුත්තේ කොහේද?

:       0       2

kasun Friday, 27 October 2017 05:07 AM

නීති ක්‍රමයේ වෙනසක් අනිවාර්යෙන් සිදුවිය යුතුය. ලංකාවට ගැලපෙන නීති ක්‍රමයක් නිර්මාණය කලයුතුය. එහෙත් අපේ පාර්ලිමේන්තුවේ ඉන්න සමහරක්ට මෙය කිරීමේ ගැටළුවක් ඇත

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31249 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13426 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10980 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 83 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 918 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 276 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site