(මනෝප්‍රිය ගුණසේකර)
වැලිකඩ බන්ධනාගාරය තුළට හෙරොයින් ග්‍රැම් 03 ක් ගෙන ගොස් ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වු 60 හැවරිදි කාන්තාවකට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (17) නියම කළේය.
මීට වසර 07කට පෙර මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රිමාන්ඞ් බාරයට පත් කළ අවස්ථාවේදී විත්තිකාරිය රහස් ප්‍රදේශයේ සඟවා හෙරොයින් බන්ධනාගාරයට ගෙන ගොස් ඇති බව පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකාරියට ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.
චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ ශ්‍රියානි මාලා සේනානායක නමැති 60 හැවරිදි කාන්තාවකටය.
2013 අගොස්තු මස 30 වැනිදා හෝ ඊට ආසන්න දිනයක බොරැල්ල වැලිකඩ බන්ධනාගාරයේදී හෙරොයින් ග්රූම් 03.06 ක් ලඟ තබා ගැනීම යටතේ විත්තිකාරියට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී වෙනත් වරදක් සම්බන්ධයෙන් සැකපිට විත්තිකාරිය මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රිමාන්ඞ් බාරයට පත් කළ අවස්ථාවේදී ඇගේ රහස් ප්‍රදේශයේ සඟවා හෙරොයින් බන්ධනාගාරයට ගෙන ගොස් ඇති බව හෙළි විය.
බන්ධනාගාරයට ඇතුල් වන අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් ඇය පරීක්‍ෂාවට ලක් කිරීමේදී ඇගේ රහස් ප්‍රදේශයේ යම් පාර්සලයක් සඟවාගෙන සිටින බව නිරීක්‍ෂණය වී ඇති බවත් ඒ අනුව සිදුකළ පරීක්‍ෂාවකදී පොලිතීන් කවරයක අසුරා සඟවාගෙන සිටි කුඩු පැකැට් 217 ක් සොයා ගෙන ඇති බවත් හෙළි වු අතර එහි ශූද්ධ හෙරොයින් ග්‍රෑම් 03.06 ක් තිබී ඇතිබවත් රජයේ රස පරීක්‍ෂවරයා විසින් දැනුම් දෙන ලදී.
ඉදිරිපත් වු සාක්කි අනුව විත්තිකාරියට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇති හෙයින් එම චෝදනාවන්ට ඇය වරදකරු බව විනිසුරුවරයා තීරණය කළේය.
විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය අමතමින් ඇය වයෝවෘද්ධ වයසේ පසුවන හෙයින් ඇයට ලිහිල් දඬුවමක් නියම කරන්නැයි ඉල්ලා සිටි අතර ඒ පිළිබඳ සළකා බැලු විනිසුරුවරයා ඇයට ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් විසින් නියම කළේය.
2025 නොවැම්බර් මස 17
61
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
897
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2523
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
බන්ධනාගාරයට ගෙන ගොස් හෙරොයින් ජාවාරමේ නියැලුණු කාන්තාවක් ජීවීතාන්තය දක්වා හිරේට
sharm warn Wednesday, 17 June 2020 11:10 AM
මීගමුවේ ඉන්න රැඳෙවියන්... එක්කෝ ඕනෑ නැහැ.
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 17 June 2020 01:40 PM
කුඩු ප්‍රශ්ණය මොකක් වුණත්, මේ රටේ කාන්තාවකට සිතන්නවත් පුළුවන් ආකාරයකට මේ ගෙනිහින් තියෙන්නේ... අනේ මන්දා .. මේවා දිගට පුරුදු වුණොත් කාන්තාවක් ගමන් ගිහිල්ලා බොරු. ලැජ්ජාවේ බැරිවෙනවා පරීක්ෂා කිරීම් වලදී.. කාන්තා සංවිධාන මේ ගැන අවධානය යොමු කිරීම වැදගත්.. අනෙක් කරුණ නම් සමහර බන්ධනාගාර නිලධාරීන් මේ අයුරින් යම් යම් දේ ගෙනියනවා වෙන්නත් පුළුවන්. එස්.ටී.එෆ්. එක දමා ඉඳහිටවත්, ඒ අයවත් චෙක් කළොත් නේද හොඳ..? නෑ මං නිකමට කිව්වේ..
Gagana Wednesday, 17 June 2020 03:04 PM
කොහොම කුඩු බීවද මන්දා..?