(ඩයනා උදයංගනී)
පළාත් කිහිපයකට බල පා ඇති වැසි තත්ත්වයෙහි වැඩිවීමක් අනිද්දා (23) සිට අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව දිවයින පුරා වැසි ඇතිවිය හැකි අතර උතුර, නැගෙනහිර, උතුරු- මැද සහ ඌව පළාත්වල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
මධ්‍යම,සබරගමුව,දකුණ සහ බස්නාහිර පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර වයඹ පළාතේ ද වැසි වාර කිහිපයක් ඇති වන බව එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.
මධ්‍යම,සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 50ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව ද ඔහු ප‍්‍රකාශ කළේය.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප‍්‍රදේශවල තාවකාලිකව තද සුළං සහ අකුණු අනතුරු ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.
හම්බන්තොට සිට පොතුවිල් හරහා මන්නාරම දක්වා සහ මන්නාරම සිට කන්කසන්තුරය දක්වා වන මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50-55 පමණ දක්වා වැඩිවිය හැකි අතර එවිට එම මුහුදු ප‍්‍රදේශ රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ධීවර සහ නාවික ප‍්‍රජාව මේ සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතු බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 04
598
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
508
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
429
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පළාත් කිහිපයකට වැසි වැඩිවීමක්