(රංජන් කස්තුරි)
පෙර පාසල් දරුවන් සඳහා ‘මුල් ළමාවිය සංවර්ධන ජාතික ප්‍රමීතීන්‘ ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමි වී තිබේ.
ළමා ලේකම් කාර්යාලය මගින් එම ප්‍රමිතීන් සකස්කර තිබෙන අතර ඒවා සියලු දිස්ත්‍රික්වල ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ය.
COMMENTS
සා/පෙල වත් සමත් නැති, වෙන කරකියා ගන්න දෙයක්නැති බහුතරයක් අය තමා අද ලංකාවේ නොදරුවන්ට අකුරු කරන්න පටන් ගන්නේ. ඉස්තෝප්පුවල, ගරාජිවල, ගෙදර සාලේ තමයි පෙර පාසැල් කරන්නේ. නමුත් ඉස්සරහ ගහලා තියෙනක බෝඩ්එක දැක්කහම හිතෙන්නේ අන්තර්ජාතික පෙර පාසැලක් පවත්වාගෙන යනවා කියලයි. රටම වැනසෙන්න පටන් ගන්නේ මෙතනින්.... දියුණු රටවල පෙර පාසැල් ආවාට ගියාට පටන්ගන්න බැහැ. පිරිමි අයත් ඒවායේ ඉන්නවා.
මෙය අනිවාර්ය දෙයකි. සමහරු තමන් තමයි හොඳම කෙනා කියලා දෙමව්පියන්ට ඒත්තු ගන්වන්නේ මහා ලොකු මහප්‍රාණ දරුවන්ට පටවනවා. එතනින් ළමා මනස ඉවරයි. ලංකාවේ වසංගතයක් බවට පත්ව ඇත. චින අවන්හල්, රුපලාවන්‍යාගාර සහ පෙර පාසැල් අද නැත්තේ කොහේද?