චමිල් රුපසිංහ
පියාගේ දේහයේ අවසන් කටයුතු දක්වා විහාරස්ථානයේ තැන්පත් කර තබා ගැනීමේ සිද්ධියක් පිළිමතලාවෙන් වාර්තා වේ.
මෙසේ පියාගේ දේහය විහාරයේ තබාගනිමින් බුහුමන් දක්වන්නේ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ කථිකාචාර්‍ය රූපවාහිනි ගුවන් විදුලි විචිත්‍ර ධර්ම කථික කඩුගන්නාව ශ්‍රී නිවාස පිරිවෙන් නියෝජ්‍ය පරිවේනාධිපති පිළිමතලාව හලාදිවල ශ්‍රී නිඛේතරාමාධිපති රාජකීය පණ්ඩිත රාජසිංහගම තිලකධම්ම හිමියෝය.
එක් සහෝදරියක් හා සහෝදරයෙකු තම පවුලේ සිටින බැවින් ඔවුන් සැමට පියා එකලෙස සැලකූ බවත් වෘත්තියෙන් ප්‍රවාහන අධිකාරියේ කාර්මිකයෙකු ලෙස රැකියාව කළ තම පියා සැම විටම තමන් ගැන සොයා බල රටට වැඩදායි නෙනෙකු කරන්නට ගත් දැඩි වෙහෙසට කල ගුණ දැක්විම සදහා තම පියාගේ දේහය තම විහාරස්ථානයේ තබාගෙන හෝ ගෞරව කිරීමට ලැබීම තමාට ලැබුණු භාග්‍යක් බව හිමියන් පැවැසීය.
සාමාන්‍යෙයන් ගිහි යකුගේ දේහයක් විහාරස්ථානයක තබා ගන්නේ නැතැත් පියා සිය පවුලට කළ සේවයට උපාහාර දැක්වීම තමන් මේ පියවර ගත් බවත් පැවැසූහ.
තම පියාගේ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා 02 දා පිළිමතලාව අරඹේගම සුසාන භුමියේදි සිදුකරනු ලබන බවද හිමියෝ කීහ.



COMMENTS
අප දන්නා තරමින් ඉතිහාසයේ පළමු වරට කෙරුණු මේ සිද්ධිය ඉදිරියේදී අයහපත් පූර්වාදර්ශයක් වීමට හොඳටම ඉඩ ඇත! මහනායක හාමුරුවන්ගේ අදහස කුමක්ද මේ ගැන?
තමුන්ගේ පියාගේ දේහය පන්සලේ තබා බුහුමන් දක්වන එක කොහොමද නරක දෙයක් වෙන්නේ?
භික්ෂු විනය අනුව අසරණ වූ තම මව්පියන් පිණ්ඩපාතය කර හෝ පෝෂණය කිරීම බුදුරජාණන්වහන්සේ අනු දැන වදාලා. මව්පියන් මියගිය පසුව දේහයට ගරුකිරීම් සහ පසු ගමන් කිරීම උන්වහන්සේ ආදර්ශයෙන් පෙන්නුවා. නොදන්නා අය ත්‍රිපිටකය කියවන්න. අපේ ස්වාමීන් වහන්සේගේ ආදර්ශය අගය කරනවා.
බුදු හිමියන් අත් හැරීම දේශනා කළත් මේ හාමුදුරුවරු එය කුමක්දැයි නොදනිති.
සියල්ල අනිත්‍ය බව අපේ හාමුදුරුවන්ටත් අමතක වුණාද මන්දා..?
සමහරු මෙතන කෙළෙහිගුණ දැක්වීම සහ අත්හැරීම පටලවාගෙන...
තම ලෙයින් බිහිකල කුල දරුවෙකු බුදු සසුනට පුදකළ පියෙකුට මෙවන් අවසන් ගෞරවයක් පුද කිරීමම කොතරම් විශිෂ්ට ආදර්ශයක්ද?
ශ්‍රී සම්බුද්ධ දර්ශනය හා දේශනාව හොඳින් වටහාගෙන මෙවැනි දේ පිළිබඳව අදහස් ප්‍රකාශ කරන්න පුරුදුවෙන්න. අසරණ වූ තම මව්පියන් පන්සලේ තබාගෙන උවැටන් කිරීමත් පිණ්ඩපාතය කර හෝ පෝෂණය කිරීමත් සම්බුදුරදුන් අනුදැන වදාළ.
අනේ මන්දා...
මා දන්නා සත්‍ය සිද්ධියක් මෙසේය. මහනුවරට සමීප එක්තරා ගමක නින්දගම් හිමි පවුලක දරුවන් තුන් දෙනා ගෙන්වැඩිමල් දෙදෙනා විදේශයක පදිංචි වෛද්‍යවරයෙක් හා ඉංජිනේරුවරයෙක්. බාලපුතා වෛද්‍ය විද්‍යාලයට තේරිලා හිටියේ ඒ වනවිට සියලු දේපලවල හිමිකාරාත්වය පවුලේ බාලයාට හිමිවෙලා තිබුනත් ඒ සියල්ල අතහැර දාමා පැවිදි වුනා, පියා විසින් අතීතයේ එම පවුලට සේවය කරපු අයට වටිනා ඉඩම් කීපයක්ම නොමිලේ බෙදා දුන්නා.මෙයට වසර කීපයකට පෙර පියා මියගිය අවස්ථාවේ ආදාහන දවසේ ස්වාමින් වහන්සේ ගමට වැඩියා මහණ උනාට පස්සේ ගමට වැඩිය පළමු වාරයත් එයයි. පාංශුකුලය දෙන වෙලාවේ උන් වහන්සේ ගේ අනුශාසනාවේදී තම පියාව හැඳින්වූයේ මිය ගිය පුද්ගලයා කියාය. උන්වහන්සේ පසුදින ගමේ ගෙවල් වලින් පිණ්ඩපාතය ගෙන ගමේ පන්සලේ වැඩසිට තුන්වන දිනයේ නැවත ආරණ්‍ය බලා වැඩිසේක. මේ වන විට වලව්ව පාලුවට ගොස් ඇත සියලු ඉඩකඩම් හා වතුපිටි වල ආදායම් ගම්මුන් විසින් රිසිසේ බුක්ති විඳිමින් සිටිති.
මම පළමු වරට මෙහෙම දෙයක් දැක්කේ 1987දි මාතලේ කලල්පිටිය (උකුවෙල පාර) පන්සලක. පන්සලේ හිටි යන එන මගක් නැති අසරණ මිනිසෙකු (නම මතක ඩිංගිරි වගේ) මිය ගියාම රෝහලේ අත හැර නොදා හාමුදුරුවෝ සහ ගමේ අය එකතුවී මිනිය පන්සලේ තබලා අවසන් කටයුතු කරා. මම වැඩි වයසක් නැහැ එහෙත් මමත් සහභාගී වුනා අතහ්රීමට බැරිකම නෙවෙයි මනුස්සකමයි හිතන්න ඕන..