IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පූනෑව නාවික හමුදා කඳවුර අසලින් අත්බෝම්බ දෙකක් සොයා ගනී

රොමේෂ් මධුෂංඛ
 
මැදවච්චිය පූනෑව නාවික හමුදා කඳවුර ආසන්නයේ පිහිටි බෝක්කුවක් තුළ තිබියදී අත්බෝම්බ දෙකක් ජල නල සේවකයින් පිරිසකට විසින් සොයා ගනු ලැබු බව මැදවච්චිය පොලීසිය පවසයි.


පූනෑව ප්‍රදේශයේ ජනතාවට ජලය ලබාදීම සඳහා මේ දිනවල කොන්ත්‍රාත් සමාගමක් විසින් ජල නල පද්ධතියක් එලීමේ කටයුතු සිදු කෙරෙන අතර එසේ සේවකයින් පිරිසක් පූනෑව නාවික හමුදා කඳවුර ආසන්නයෙන් මෙම ජල නල පද්ධතිය එලමින් සිටියදී නාවික හමුදා කඳවුර මීටර් 300 ක් පමණ ආසන්නයෙන් පිහිටි බෝක්කුවක් තුළ අත් බෝම්බ දෙකක් හමු වී ඇත.


පසුව එම සේවකයින් පිරිස විසින් ඒ බව මැදවච්චිය පොලීසියට දැනුම් දීමෙන් පසුව මැදවච්චිය පොලීසියෙන් අදාළ ස්ථානයට පැමිණ අත්බෝම්බ දෙක රැගෙන ගොස් අධිකරණ නියෝගයකට අනුව නිශ්ක්‍රීය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායට ලබා දීමට පියවර ගෙන තිබේ.



අදහස් (0)

පූනෑව නාවික හමුදා කඳවුර අසලින් අත්බෝම්බ දෙකක් සොයා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site