(කාංචන කුමාර ආරියදාස)
ඓතිහාසික සීගිරිය පිදුරංගල රජ මහා විහාරස්ථ පිදුරංගල ගල මත සිට තරුණ තරුණියන් පිරිසක් අඩ නිරුවත්ව ලබා ගත් බව කියන ඡායාරූප කිහිපයක් මේ වන විට සමාජජාල මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් පවති.
ඉතාමත් අශෝභන ලෙස ඓතිහාසික පිදුරංගල ගලට නැඟ සීගිරි පව්ව පෙනෙන ආකාරයෙන් සීගිරියට මෙන්ම පිදුරංගල රජමහා විහාරයටද අපහාස වන ආකාරයෙන් එම ඡායාරූප ලබා ගෙන තිබේ.
සීගිරි පව්ව සහ පිදුරංගල කිලෝමිටර කිහිපයකින් ඈත් ව පවතින ස්ථාන දෙකකි. සීගිරිය එකල මහ රහතුන් වහන්සේලා වැඩ සිට සීගිරි බලකොටුවක් වන කාල සමයේ එහි වැඩ සිටි රහතුන් වහන්සේලා පිදුරංගල නමින් රහතුන් වහන්සේලාට වැඩ සිටීමට ආරාම සකසා පූජා කළ ඓතිහාසික ස්ථානයක් බව පුරාවිද්‍යා ඉතිහාසඥයෝ පවසති.
පිදුරංගල රජ මහා විහාරාධිපති ආචාර්ය දානියගම ආනන්ද නාහිමියන් කියා සිටියේ ඉතාමත් අශෝභන ආකාරයෙන් මේ ස්ථානයේ පුද්ගලයන් ඡායාරූප ලබාගෙන මුහුණු පොතට එක් කර සිටීම පිළිබඳව වහාම පරීක්ෂණයක් ආරම්භ කර මෙම පිරිස නීතියේ රැහැනට හසුකර ගත යුතු බවය.
පූජනීය ස්ථානයක් ලෝක පූජිත ස්ථානයක මේ ආකාරයෙන් හැසිරීම පිළිබඳව මීට වඩා වගකීමෙන් යුතුව නරඹන පිරිස් හැසිරිය යුතු බවද උන්වහන්සේ අවධාරණය කරති.
සීගිරිය පුරාවිද්‍යා නිලධාරීන් ගෙන් මේ පිළිබඳව විමසීමට උත්සහ කළ ද පුරාවිද්‍යා කාර්යාලයේ නිලධාරියකු කියා සිටියේ මෙම ස්ථානයේ පුරාවිද්‍යා නිලධාරියෙකු සේවයේ නොමැතිවීම නිසා ඔවුන් මේ ආකාරයෙන් හැසිරෙන්නට ඇති බවය .
කෙසේවෙතත් මේ පිළිබඳව සොයා බලා ඉහළ නිලධාරීන්ට දැනුම් දීමට අවශ්‍ය පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.
සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයෝ විශාල වශයෙන් ආසන්නයේ පිහිටි පිදුරංගල ගල හා ඓතිහාසික පිදුරංගල රජමහා විහාරය නැරඹීම සඳහා ගමන් කරති.
සමාජ ජාලා වෙබ් අඩවි හරහා මෙවැනි අශෝභන ක්‍රියා ප්‍රචාරය කිරීම තුළින් බෞද්ධ සිද්ධස්ථානයකට මෙන්ම ලෝක පූජිත සීගිරියටද අගෞරවයක් සිදු වන බව ප්‍රදේශවාසීහු පවසති.

COMMENTS
ජයසේන බලාගනීවි....
සමාජය පිරිහිලා තියෙන හැටි බලන්න... හැදූ වැදූ දෙමාපියන්ටත් නිගරුවෙන විදිහට වැඩ කරලා. ලැජ්ජාවක් නැති කමයි. කාමය ඔඩු දුවලා...
මේ අය අල්වා සතියක කාලයක් තුල පිදුරංගල ප්‍රදේශය පිරිසිදු කිරීමට බල කල යුතුයි.
ඔය පැත්තේ කොන්ද පණ ඇති එක පිරිමියෙක්වත් හිටියේ නැද්ද?
අද දඬුවම් කළොත් හෙට සමාජය හැදේවී. නැත්තං දවසක දළදා මාළිගාව අභියස හෝ ශ්‍රී මහා බෝධිය අභියස මෙවැනි ඡායාරූප ගෙන පළ කිරීම විලාසිතාවක් වේවී. වහාම අධිකරණය හමුවට පැමිණවිය යුතුයි.
මේ ඡායාරුපය අරන් තියෙන්නේ නම් පිදුරංගල නෙවෙයි
වසර 2500ක් ප්‍රෞඩ සංස්කෘතිය දැන් ඔන්න!!!!
මොන පිදුරංගලද? මේ කොහෙද කැලයක්. ලංකාවෙදත් කියලා සැකයි. මහජනයා නොගැවසෙන තැනක් බව පේනවා. මොන පදනමින් නඩු දාන්නද? බොරුවට අනවශ්‍ය විදීයට මේ අය කරදරේ හෙලන්න මාධ්‍ය මේකට බෞද්ධ ආරොපණයක් දීලා.
අද බොහෝ තරුණ තරුණියන් සමාජජාල මාධ්‍ය භාවිතා කරන්නේ මෙවැනි අයහපත් ක්‍රියාකාරකම් සහ ඕපාදුප පැතිරවීමටයි. ලංකාවේ බොහෝ දෙනෙක් තවමත් සමාජජාල මාධ්‍ය බාවිතා කරන්නේ වඳුරෙකුට අසුවුණු දැලි පිහියක් මෙනි.
පළමුවෙන්ම මෙම ස්ථානයේ 'අවිනීත හැසිරීම තහනම්' කියා නාම පුවරුවක් සවි කලයුතුයි.
පිදුරංගල නෙවෙයි මොන ලෝකේ ගියත් මෙහෙම අය අපේ සමාජයට අවශ්‍යද? . වසර කීපයකට කලින් පාරේ දබ්බරව හැසිරුණු ඇමරිකන් තරුණයෙක්ට කරා වගේ සින්හප්පුරු ආණ්ඩුව දඬුවම් දිය යුතුයි...
විනාස කාලේ විපරීත බුද්ධි.......
සිගිරි ලලනාවන් ඉන්න එකත් අවුල් නේද ? චිත්‍ර ටිකත් අයින් කරමුද ?
අපේ අධ්‍යාපන ක්‍රමවේදය වෙනස්විය යුතුයි...... ලකුණු පස්සෙන් හා සල්ලි පස්සෙන් යන ක්‍රමවේදය ටිකක් වෙන්වෙලා. මනුස්සකමක්, දෙමාපියන්ට, වැඩිහිටියන්ට ,පොඩි අයට ආදරේ කරන, අන් අයගේ හැඟීම් තේරුම් ගන්න පුළුවන්, ආත්මාර්ථකාමිත්වයෙන් තොරව සමාජයක් ගොඩ නැගිය යුතුයි, එය ළමා කලේ සිටම පටන් ගත යුතුයි....... මේ වගේ අදහස් තියන කට්ටිය ඔක්කම එකතු වෙන්න අපිට හොද සමාජයක් ගොඩ ගන්න පුලවන් හැමෝම එකතු උනොත්.
රටේ හරි නීතියක් නැති එකේ අඩුව බලදාරීන්ට පෙන්න ඇස් නැනේ.
පිදුරංගල හෝ මොන කැලයක වේවා මේවා හොද ආදර්ශ නම් නොවේ ...
ඔය පේන්නැද්ද අපේ අපේ අයගේ තරම. මිනිසුන් කියන්නේ හොද හෝ නරක නිරායාසයෙන්ම දැනෙන සත්ව වර්ගයක්. "මෙතන කලිසම් ගලවන්න එපා" කියල පිටකොටුවේ බස් නැවතුමේ ගහන්න අවශ්‍ය නෑ. මෙහි "මලපහ නොකරන්න" කියල කුස්සියේ ගහන්නෙත් නෑ. එහෙම සංඥා වලට හුරු කරලා හීලෑ කරන්නේ සත්තු.
මේ අය හිතාගෙන ඉන්නේ ලංකවේ මිනිස්සු අතීතයේ හොදට විලි වසාගෙන හිටිය කියල. අවරුදු සීයකට කලින් ලංකාවේ මින්නිසු හිටියේ විලි වසාගෙන නොවේ...
මහේශ්, අවුරුදු 100 ඉස්සරවෙලා ගොඩක් දේවල් තිබ්බා. මිනිස්සු පරිනාමය වෙනවා කියන්නෙ ඒ අතීතයෙන් මිදිලා සන්වර වීම, ශීලාචාර වීම. ඒකයි මිනිස්සු ආගමක් අදහන්නෙ.
සමහර අයගේ අදහස් දැක්කම පුදුම හිතෙනවා. මුනුස්සකමේ වටිනා කම නොදන්නා අය දාල තියෙන අදහස් බැලුවම සමාජයේ පිරිහීම පැහැදිලිවම පේනවා. තම තමන්ගේ මානසිකත්වය පිලිබිබු වෙනවා.
මීට වැඩ ලජ්ජා නැති වැඩ ලංකාවේ ප්‍රසිද්ධියේම සිද්ධ වෙනවා..... ඒවා එක්ක බලද්දී මේක නොසලකා හැරිය යුතුයි .
මම සාමාන්‍යයෙන් අදහසකට විරුද්දව තවත් අදහසක් දාන්න අකමැතියි. නමුත් කෙටි ප්‍රශනයක් අහන්න කැමතියි. ලොකු වැරදි නිසා පොඩි වැරදි අමතක කලාම හරිද? ලොකු හෝ පොඩි වැරදි වැරදීම නොවේද? පොඩි වැරැද්ද නෙවේද ලොකු වැරැද්දට අඩිතාලම දමන්නේ? පොඩි වැරැද්ද හැදුවම ලොකු වැරැද්ද ඉබේම නවතීවි. වැරදිනම් කියන්න. හිත රිදුනනම් සමාවෙන්න.
ඔය පොටෝ එකේ ඉන්න අය ගැන විස්තර ඕනනම් කියන්න.
සිගිරි ලළනා චිත්‍ර සහ විලිලජ්ජා නැතිකම කියන්නේ දෙකක් මල්ලිලා .... කලාවේ රස දන්න එකෙක් මේවගේ වැඩ කරන්නේ නෑ.
ඔය කට්ටිය අතර ගැහැණු ළමයෙක් දෙන්නෙක් හිටියා ඔයිට වඩා දෙයකුත් වෙන්න තිබ්බා.
ලංකාවේ පිරිමින් කාමාශාවෙන් අසහනයෙන් පෙලෙන බව දැන් මුළු ලෝකයම දන්නවා...