IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පෞද්ගලික ඉඩමක සායනික අපද්‍රව්‍ය පිළිස්සීමට ගිය තිදෙනකු අත්අඩංගුවට

( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
පල්ලම නාගවිල ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමකට නීති විරෝධි ලෙස සායනික අප ද්‍රව්‍ය රැගෙන විත් පිලිස්සිමේ චෝදනාවට වතු හිමිකරු ඇතුළු තිදෙනෙකු  අත් අඩංගුවට ගත් බව පල්ලම පොලිසිය කියයි.
 
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ අදාල සායනික අප ද්‍රව්‍ය පිළිස්සිම සිදුකල ඉඩම හිමි ප්‍රසිද්ධ මිනින්දෝරුවරයකු හා අදාල ඒවා ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයේ රියදුරු හා සහයකයා බව කියයි.
 
මෙම සායනික අප ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයට හා ඉඩමේ හිමිකරුට විරෝධය මතු කරමින් ජනතාව කැළඹි තිබු අතර සිද්දියත් සමග පොලිස් නිළධාරින් හා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැමිණ ලොරි රථය හා ඉඩමේ හිමිකරු අත් අඩංගුවට ගැනිමට කටයුතු කර තිබුණි.
 
මෙම ඉඩම පිහිටි පල්ලම නාගවිල නැඹඩවිල පදිංචිකරුවන් පවසන්නේ කලක සිට මෙම ඉඩමට මෙසේ ආවර් ණය කරනු ලබන ලොරි රථ ගමන් කල බවයි.
 
එසේම අවස්ථා කිපයකදිම ගම්වාසින් මෙම ලොරි රථය නවතා රැගෙන යන්නේ දේ පිළිබදව විමසා ඇති බවත් එසේ අවස්ථා වලදි රියදුරු ජනතාව රවටමින් ඉඩමට පොහොර ඇතුළු දෑ රැගෙන යන බව පවසා ඇති  බව ජනතාව චෝදනා කරති .
 
කෙසේ වෙතත් මෙම ඉඩම තුළින් නිරන්තරයෙන් හමා ආ අධික දුමාරයත් සමග ස්වසන ආබාධ ඇති විම නිසා ගම්වාසින්  පිරිසක් මෙම ඉඩම තුළට ගොස් පරික්ෂා කිරිමේදි රෝහල් තුල භාවිතා කර ඉවත ලන සියලුම සායනික අප ද්‍රව්‍ය දැවැන්ත වලක් තුළ පිළිස්සන බවට දැක ගැනිමට හැකිවු බව පවසයි. 

ගම්වාසින් පවසන්නේ කිසිම අයකුට මෙම මිනින්දෝරුවාට අයත්  ඉඩමට ඇතුල් විමට කිසිවකුට අවසර නැති බවත් ය .
 
ඒ සමගම අදාල ඉඩම වටා ආරක්ෂීත වැටක් සේම එම වැට ආසන්නයේ සිට මිටර් ගනනාවක් යන තුරු දැවැන්ත කෑලැවකින් වැසි තිබිම නිසා ඉඩම තුල සිදුවන කිසිවක් වෙනත් අයකුට දැකිමට නොහැකි බව ජනතාව පවසති.
 
ආවරණය කරන ලද ලොරි රථයෙන් රැගෙන එන සායනික අපද්‍රව්‍ය පෙට්‍රල් දමා පිලිස්සිම සිදුකර ඇති බවත් එහි රෝහල් ශල්‍යාගාර වලින් ඉවත ලද මිනිස් කොටස් සේම අනිකුත් සායනික අපද්‍රව්‍ය ඇති බව ජනතාව චෝදනා කරති.
 
ඉඩම් හිමිකරු පොලිසිය අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ අදාල සායනික අපද්‍රව්‍ය තොගයක් පිළිස්සිම සදහා වලට දමා තිබු අතර එය පිලිස්සිම පොලිසිය තහනම් කර තිබුනද එවා නැවත ඉඩමේ කිසිවකු ගිනි තබා පුළුස්සා ඇති ආකාරය දැක ගත හැකි විනි.
 
ජනතාව චෝදනා කරන්නේ නීතියට පවා අවතත නොවි ඉඩම් හිමියා විසින් ඉඩම තුල සිටින මුරකරුවන් යොදවා සායනික අපද්‍රව්‍ය පිලිස්සිම සිදුකර ඇති බවයි
 
සිද්දිය සම්බන්ධව අත් අඩංගුවට ගත් සැකකාර ඉඩම්  හිමියා හා ලොරි රථ රියදුරු සහ සහයකයා ආණමඩුව අධිකරණයටඅද 22 දින ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි. 

 

 



අදහස් (0)

පෞද්ගලික ඉඩමක සායනික අපද්‍රව්‍ය පිළිස්සීමට ගිය තිදෙනකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site